ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. (Sri Lanka Latest News)
එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටුවහලක් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ ඊයේ (21) පැවැති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමිනි.
– ජනාධිපති මාධ්‍ය ඒකකය










