කොරෝනා රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමග හෙට (24) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට පෙරවරුවේ මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙවැනි පක්ෂ නායක රැස්වීමක් ඉකුත් සිකුරාදා දින පැවැත්වීමට අගමැතිවරයා සැලසුම් කර තිබුණද හදිසියේම ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බැවින් එය පැවැත්වීමට නොහැකි විය.
අපි එම පුවත මීට පෙර අප වෙබ් අඩවිය ඔස්සේද වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
පසුගිය දින කිහිපය තුළ පක්ෂ නියෝජිතයන් රැසක්ම රජයට අවධාරණය කර සිටියේ වහාම පාර්ලිමේන්තුව කැඳවා මෙම කොරෝනා උවදුර පිළිබඳව සාකච්ජා කිරීමට පියවර ගන්නා ලෙසටය.
ඒ අනුව බොහෝ දුරට හෙට දිනයේදී යළි පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.











