පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් අද (20) දින විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.Sri Lanka Latest News
ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය.
එහිදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බවය.
එමෙන්ම කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇතැයි ද පැවසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවසීය.
තවද කාරක සභාවල වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.
එමෙන්ම නිල ලිපි කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුතා හට කෝප් කමිටුවට සහභාගී විය හැකි බවට නිකුත් කළ ලිපිය!












