ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හමු වී තිබෙනවා.Sri Lanka Latest News
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙම හමුවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද සහභාගි වී සිටියා.










