• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆේස්බුක් සටහනක් නිසා මාස 5ක් රිමාන්ඩ් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකරු රම්සි රසීක්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! මිලියනයක වන්දියක් ගෙවන්න නියෝගයක්! CID අධ්‍යක්ෂ තිලකරත්නට සහ පරිගණක අංශයේ OIC සේනාරත්නටත් 30,000 බැගින් රම්සිට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි! භාෂණයේ සහ ප්‍රකාශනයේ මාධ්‍ය ලෙස අද ජනතාව ෆේස්බුක්-ඉන්ස්ටග්‍රෑම්-ට්විටර්-ස්කයිප්-වට්ස්ඇප්-වයිබර් යනාදී ඩිජිටල් වේදිකාවන් භාවිත කරනවා! I Sri Lanka Latest News

November 17, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
අධිකරණයෙන් තවත් තීන්දුවක්! ෆේස්බුක් එකේ සටහනක් තිබ්බාට අත්අඩංගුවට අරන් නඩු දැමූ රම්සි රසීක් සියලු චෝදනාවලින් නිදහස් කරයි! මාස 5ක් රිමාන්ඩ් කරලත් තියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගතය පැවති සමයේ මුස්ලිම් සමාජයට එල්ල වූ චෝදනා සහ අවලාද පරාජය කිරීම සඳහා මතවාදී යුද්ධයකට එළැඹෙන ලෙස තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත [ICCPR] යටතේ මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් ඉස්ලාමීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.Sri Lanka Latest News

මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ මෙම තීන්දුවේ අන්තර්ගත වැදගත් මූලධර්මයන් පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා කැඳවා දැනුවත් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වන්නේ කුමක් ද?

පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කළ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී. එම්. එස්.කේ. සේනාරත්න විසින් රුපියල් 30000/- මුදලක් ඔහුගේ පෞද්ගලික මුදල් වලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවත් නියෝගයේ දැක්වෙයි.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න ද ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් 30000/- ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කෙරුණි.

ඊට අමතරව රජය විසින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල රුපියල් මිලියනයකි.

මෙම සමාජ ක්‍රියාකාරිකයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේ ඔහුගේ නීතිඥවරයා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව කියා සිටියේය.

ජනක් ද සිල්වා සහ බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

“පෙත්සම්කරු ඉස්ලාම් ජාතිකයකු වන අතර කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජාතිකයන් හේතුවෙන් එම වසංගතය පැතිරී යන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. 2020 වසරේ අප්‍රේල් මස 02 වනදා ෆේස්බුක් සටහනක් තැබූ මෙම පෙත්සම්කරු කොවිඩ් වසංගත සමයේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන අපහාස හා චෝදනා හමුවේ මුස්ලිම් ජනතාව මතවාදී අරගලයක් දියත් කළ යුතු බව සිය ෆේස්බූක් සටහනේ ප්‍රකාශ කර තිබුණා. ඉන් අනතුරුව ආගමික වෛරයක් ඇති කොට ආගමික අසමගියක් නිර්මාණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ අප්‍රේල් මස 09 වනදා පෙත්සම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කළා.” ඒ අනුව පෙත්සම්කරු මාස පහකුත් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙම පෙත්සමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී. එම්. එස්. කේ. සේනාරත්න විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මෙසේ සඳහන් වේ.

“මෙම සැකකරු පළකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණ තොරතුරකට අනුව විමර්ශන සිදු කළා. පෙත්සම්කරු විසින් පළකර තිබූ ප්‍රශ්නගත ෆේස්බුක් සටහන 75 දෙනෙකු විසින් බෙදා හැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් 495 දෙනෙකු තමන්ගේ අදහස් හා මත පළ කිරීම් සිදුකර තිබෙනවා. මේ තුළින් ආගමික වෛරයක් ඇතිකොට ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර තිබෙනවා” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය විරෝධතා ගොනුකර තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 120 වන වගන්තිය, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය සහ පරිගණක අපරාධ පනත යනාදී නීති ප්‍රතිපාදන යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කර තිබේ.

අධිකරණයේ ස්ථාවරය…

“මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ ව්‍යවස්ථාව යටතේ භාෂණය හා ප්‍රකාශනය මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබේ. එම අයිතිවාසිකම භුක්ති විදීම සඳහා වර්තමානයේ ඩිජිටල් වේදිකාවන් ද පුද්ගලයින් සහ ආයතන විසින් භාවිතා කරනු ලබයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, ස්කයිප්, වට්ස්ඇප්, වයිබර් යනාදී ඩිජිටල් වේදිකාවන් ඊට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකියි. මෙම ඩිජිටල් අවකාශයන් අදහස් ප්‍රකාශ කිරීම සහ පලකිරීම් සිදු කිරීමට පුළුල් ලෙස යොදා ගනී. මේ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඩිජිටල් අවකාශයන් තුළ දැඩි විප්ලවයකට භාජනය වී තිබේ. එම සිද්ධිය හරහා පෙත්සම්කරු සන්නද්ධ අරගලයකට කැඳවීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහෙත් එය පිළිගත නොහැකිය.”

“ඉස්ලාමයට එරෙහිව නැගෙන මතවාද පරාජය කළ යුතු බව පෙත්සම්කරු තම ෆේස්බුක් සටහනේ සදහන් කර තිබේ. ඒ සඳහා පෑන සහ පරිගණක යතුරු පුවරුව (කී බෝඩ්) යොදාගත යුතු බව ඔහු ප්‍රකාශ කරයි. මේ තුළින් පොලිසිය ගොඩනගන තර්කය බිඳ වැටේ.ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත 3(1) වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බව පෙනී යයි” යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙහිදී පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කළ විනිසුරු යසන්ත කෝදාගොඩ “මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ “බී” වාර්තාව කෙරෙහි අධිකරණයේ අවධානය යොමු විය. එහි අන්තර්ගත කරුණු තුළින් මහේස්ත්‍රාත්වරයා නොමඟ යැවීමට පොලිසිය ක්‍රියා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳ සංවිධාන ව්‍යුහයක් සහිත ආයතනයකි. එම ආයතනයේ නිලධාරීන්ට සෘජුවම නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමේ අවකාශය ද පවතී.මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර නිසි නීති උපදෙස් ලබා ගත් බවක් වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර නොමැත. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වන වගන්ති යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙම නිලධාරියා කටයුතු කර නැත. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු මූලික වශයෙන් වගකිව යුතු බව අධිකරණයේ නිගමනය යි.”යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මේ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කරවන පොලිස් නිලධාරීන්ට නිදහස්ව ස්වාධීනව හා අපක්ෂපාතීව සිය රාජකාරී ඉටු කිරීමට අවකාශ තිබිය යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

එසේම බලපෑම්වලින් තොරව තමන් වෙත පැවරී තිබෙන අභිමතානුසාරී බලය ක්‍රියාවේ යෙදවිය හැකි පරිසරයක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

වසර තුනකට පසු චෝදනාවලින් නිදහස්වෙයි

මාර්ගගත ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ අවධානය යොමුව පවතින මොහොතක, සමාජ මාධ්‍යයේ දැක්වූ අදහසක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ චෝදනා එල්ල වී සිටි සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වන රම්සි රසීක්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 21 දින නියෝගකරනු කරනු ලැබීය.

ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් එම නඩු කටයුත්ත අවසන් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ සිදුකර තිබේ.

සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2020 අප්‍රේල් මාසයේ දී ය.

එම සිදුවීම පිළිබඳ රම්සි රසීක් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූවේ ය.

“මාව අත්අඩංගුවට ගත් කාලය කියන්නේ ජාතිවාදය උපරිම ස්ථානයක තිබුණු කාලයක්. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් ම ජාතිවාදී සංවිධාන වගේ දේවල්වලින් විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාවට ලොකු තර්ජනයක් තිබුණා. මේ කාලයේ දී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර මේ අය සාමාජ මාධ්‍යවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් අරගෙන ගියා,” ඔහු පවසයි.

“2020 මුල කාලෙ දි කොරෝනා ව්‍යාප්තියත් එක්ක මම දැක්කා එක පෝස්ට් එකක්. ඒකෙ තිබුණෙ මුස්ලිම් ප්‍රජාව හිතාමතාව සිංහල ජනතාව අතරේ කොරෝනා පතුරවනවා වගේ අසත්‍ය අදහසක්. මම ඒක මූලික කරගෙන මුස්ලිම් ජනතාව මේවාට විරුද්ධව චින්තනමය අරගලයක් කරන්න ඕනෑ කියලා මගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබුවා,” රම්සි ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ අදහස් දැක්වීම පිළිබඳ පැහැදිලි කළේ ය.

“ඒ අදහස් දැක්වීමේ දී, මේ දේවල්වලට විරුද්ධව මුස්ලිම් ජනතාව ‘චින්තනමය අරගලයක්’, එහෙමත් නැතිනම් ‘Ideological Jihad’ එකක් කළ යුතු බව මම ලියුවා. ඒකට ඇවිත් තිබුණ ප්‍රතිචාර ගොඩක් නරක ඒවා. ගොඩක් අය වරදවා වටහාගෙන හිටියේ මම මුස්ලිම් ජනතාවට යුද්ධයකට හරි ගැටුමකට හරි පොළඹවනවා කියලා,” ඔහු විස්තර කරයි.

“ඒ ‘ජිහාඩ්’ කියන වචනය මූලික කරගෙන මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නවා. එහි දී මට ඒ නිලධාරීන් දෙන්නෙක් පහර දුන්නා. පසුව ICCPR පනතින් චෝදනා එල්ල වුණු නිසා මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.”

කොරෝනා නීති රීති හේතුවෙන් ඔහුට ඔහුගේ නීතීඥවරයා හෝ පවුලේ අය මුණ ගැසීමට නොහැකි වූ නිසා පහරදීමේ සිදුවීම එම අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවූ බව ඔහු පැවසුවේ ය.

එමෙන් ම ඔහුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දී ශාරීරික හිංසනයන් සිදු නොවූ නමුත් යම් යම් මානසික හිංසනයන්වලට මුහුණපෑමට සිදු වූ බව බීබීසී සිංහල වෙත ඔහු විස්තර කළේ ය.

“මට තිබුණු රෝගී තත්ත්වයන්වලට හරියට අවශ්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගරය තුළ දී බැරිවුණා. ඒවගේ ම බන්ධනාගාරයේ දී සිදුවුණ අනතුරක් නිසා මගේ අතක අස්ථි බිඳීමක් වුණා. ඒකටවත් මට හරියට ප්‍රතිකාර ගන්න බැරිවුණා. ඒ නිසා තවමත් මගේ අතේ ආබාධයක් තියෙනවා,” ඔහු පවසයි.

සැප්තැම්බර් 21 දින ඔහු එම නඩුවෙන් නිදහස් කිරීම භාෂණයේ නිදහස සම්බන්ධ තීන්දුවක් බව ඔහු පවසයි.

“මේ බොරු චෝදනාව නිසා මම වගේ ම මගේ පවුලත් ලොකු අපහසුතාවයක සිටියා. පවුලේ අයට යම් කරදරයක් වෙයි කියලා ඔවුන් බයෙන් හිටියා. මගේ දරුවන් තවම පාසල් යන අය. ඔවුන්ගේ අධ්‍යාපනයටත් මේක විශාල වශයෙන් බලපෑවා. අවුරුදු තුනක් තිස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව ඇදගෙන ආවත් මට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බැරිවුණා.”

රම්සි රාසික් පවසන්නේ ඔහු ඉදිරියටත් මෙවැනි අසත්‍ය සහ වැරදි ප්‍රචාරයන්ට විරුද්ධව හඬ නගන බවයි.

“මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් මේ අසත්‍ය ජාතිවාදී ප්‍රකාශයන්ට විරුද්ධව හඬ නැගුවා. ඒක මම අඛණ්ඩව කරගෙන යනවා. ආයෙමත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තවත් පනතක් ගේන්න යනවා. ඒ වගේ වෙලාවක තමයි මට මේ වගේ තීන්දුවක් ලැබුණේ.”

SendShareShare
Previous Post

දකුණු අප්‍රිකාව ගෙදර යවමින් ඔස්ට්‍රේලියාව ඉන්දියාවත් එක්ක ෆයිනල් ගහන්න සෙට් වෙයි! කවුරු ලෝක ශූරයෝ වෙයිද? I Sri Lanka Latest News

Next Post

කොටි නායකයා සමඟ යුද හමුදා කපිතාන්වරයා පැවැත් වූ සම්බන්ධය ගැන තිස්පස් වසරකට පසුව කියන අමුතු කතාව I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.