• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලීටර් ගානක් ලේ හොරකම් කරපු ලේ මාපිල්ලු I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ රුධිර ප්ලාස්මා වංචාවක් පිළිබඳ මේ දවස්වල කාරණා කියැවෙනවා. ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. අධිකරණයේදී නීතිඥ චන්දන දයාරත්න මහත්මිය මේ එක පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටිමින් කියා තිබුණා තෝරු මෝරු ඉන්නකොට පොඩි මිනිස්සුන්ගෙන් තමයි ප්‍රශ්න කරන්නේ කියලා. එතකොට කවුද මේ තෝරු මෝරු? ඇත්තටම තෝරු මෝරු ඉන්නවද මේ සිද්ධිවලට සම්බන්ධ? ඔව්. මේ කතන්දරේ කියැවෙන්නේ රුධිර ප්ලාස්මා ලීටර් 2000ක් ගැන.(Sri Lanka Latest News)

රුධිර ප්ලාස්මා ලීටර් 2000ක් ලබාදෙන්න නිර්දේශ කළ බව සමහර මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒවා මෙහෙම නම් රුධිර ප්ලාස්මා ලීටර් 2000ක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් නිවෙසක පාවිච්චි කරන වතුර ටැංකියක් වගේ හතරගුණයක්. එතකොට මේ මිනිස්සුන්ගේ ලේ. මේ තියෙන්නේ තමන්ගෙ කැමැත්තෙන් මිනිස්සු දුන්නු ලේ. මේ විදියට ලේවලට කරන වංචාවක් තියෙනවා නම් ඒක හරි භයානකයි.

මේ ව්‍යාපාරිකයා සෞඛ්‍ය ලේකම්ගෙන් නැවත කරන ඉල්ලීමත් එක්ක නිර්දේශ කරනවා සතියකට රුධිර ප්ලාස්මා මිලිලීටර් 200 පැකට් 25 බැගින් මාස 9ක් සඳහා තමන්ට ලබාදෙන්න කියලා. මෙතැන තියෙන ප්‍රශ්නය තමයි රුධිර ප්ලාස්මා ලබාදීමත්, රුධිර ප්ලාස්මා ලබාදීමේදී මේක වුණේ කොහොමද කියන එක ප්‍රශ්න කළ යුතු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ වගේම රුධිර ප්ලාස්මා විකිණිය හැකිද කියන එක ගැනත් බරපතළ ගැටලුවක් තියෙනවා.

ඒකට හේතුව මේ රුධිරය නොමිලේ ලබාදුන් ඒවා වීම. 2015 වසරේදී අපි ප්ලාස්මා තාක්ෂණිකව භාවිත කරන්න පුරුදු වෙනකල් විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වෙත ලබාදීලා තියෙනවා. එම මුදල් රුධිර පාරවිලයන සේවයේ අභිවෘද්ධිය සඳහා යොදවන්නට භාවිත කළ බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබුණා. රුධිරය මේ විදියට ලබාදීමේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඇයි අපි රුධිරය ලබාදුන්නේ? අපිට රුධිරයෙන් කරන්න පුළුවන් නිෂ්පාදන තිබුණේ නැද්ද? එහෙම තිබුණා නම් ඇයි මේවා තවදුරටත් දුන්නේ?

පෙනීයන ආකාරයට ලංකාවේ ඇතැම් ව්‍යාපාරිකයෝ ඉන්නවා මේ රුධිර ප්ලාස්මා මගින් යම් නිෂ්පාදනයක් කරන්න පුළුවන් අය. ඖෂධ හදන්න පුළුවන් අය. ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. මොකද මේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන අරගෙන අපිට අපේම නිෂ්පාදන කරගන්න පුළුවන් නම් ලෝකෙට යන සල්ලි විශාල ප්‍රමාණයක් ඉතිරි වෙනවා. නමුත් ඒක එහෙම කරගත්තේ නෑ. කවුද මේ විදියට රුධිරය ලෝකෙට දුන්නු පිසාචයා කියන එක ගැන නම් අපි හොයන්නම ඕනෙ. අධිකරණයට ගිය මේ කාරණාවේ මේ වෙනකොට යම් යම් ඇඟ හිරිවැටෙන කතන්දර එළියට එමින් තියෙනවා. කොහොම නමුත් මේ රුධිරය ලබාදීමට සිදුවූ අනුමැතිය සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රශ්නගත කරුණු එළියට එනවා.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඒ අවස්ථාවේ සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ නිල මුද්‍රාව සහ අස්සන සහිතව පෞද්ගලික ව්‍යාපාරිකයෙක් රුධිර ප්ලාස්මා ඉල්ලා ඉදිරිපත් කළ ලේඛනය ආයතනයේ කමිටුව වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කමිටුව නියෝජනය කළ අය බවට වෙබ් අඩවිවල සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ නම්. ජාතික රුධිර පාරවිලයන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරී සෙනරත් ජයසේකර, ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරී ජීවන් ගල්හේනගේ, රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනුජා හේරත්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දික රොෂාන් යන අය එහි හිටපු බව කියනවා.

අදාළ පුද්ගලයගේ ලියවිල්ල පරීක්ෂා කරලා මේ තුන්වැනිදා මේ කමිටුවේ නිර්දේශ වෙලා තියෙන්නේ ජාතික රුධිර පාරවිලයන ආයතනයට ලබාදෙනවා. ඒ අවසන් නිගමනය ලැබෙන කාලය තුළදී මේ ව්‍යාපාරිකයා අධ්‍යක්ෂවරයාව කිහිප වරක් මුණගැසී සිය අවශ්‍යතාවේ බලවත් බව ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙමින් තියෙනවා. එතකොට මේ විදියට රුධිරය ඉල්ලන්න, රුධිරය ලබාදෙන්නට අත යට ගනුදෙනු සිද්ධ වුණාද, මේවා සිද්ධ වුණේ කාටවත් නොදැනෙන විදියටද කියන එක සාකච්ඡා කළ යුතුයි.

කොහොම නමුත් මේ ගනුදෙනුව ඉතා සූක්ෂ්ම ආකාරයකින් අත යටින් සිදුවෙච්ච එකක් බව නම් ඉතා පැහැදිලියි. අවසාන වශයෙන් මේ වෙනකොට මේ ආන්දෝලනාත්මක ඉමියොනොග්ලොබින් වංචාව හරහා ජාන කොල්ලයක් සිදුවුණාද කියන එක සම්බන්ධව සාකච්ඡා වෙන තැනට ඇවිල්ලා. මේ විදියට රුධිර ප්ලාස්මා යොදාගෙන නිෂ්පාදන කළේ නැත්නම් එම ප්ලාස්මා මෙරට පුද්ගලයන්ගේ ජාන ඊශ්‍රායලය හෝ ඉන්දියාව වැනි රටවලට යැවීමට හෝ මෙරට මිනිසුන් විද්‍යාගාර මීයන් ලෙස භාවිත කරන ලද කටයුත්තක්ද කියන එක ගැන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

මේක හරිම භයානක සහ කනගාටුදායක තත්ත්වයක්. මේ ප්‍රකාශයේදී කියනවා මිනිස් සිරුරේ රුධිර පටක ආශ්‍රිතව රුධිර පරීක්ෂණය සිදුකරන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් අනුගමනය නොකොට තම අභිමතය පරිදි ක්‍රියාත්මක වීමට කිසිදු පුද්ගලයකුට නෛතික හැකියාවක් නොමැති බව. මේ විදියට දෙවැනි ලෝක යුද්ධ සමයේදී කටයුතු කරපු ජර්මානු වෛද්‍යවරුන්ට නියුරම්බර්ග් නඩු තීන්දුවෙන් අනතුරුව මරණීය දණ්ඩනය ලබාදුන් බවත් ඔහු මේ කතාබහේදී සිහිපත් කරනවා. නියුරම්බර්ග් නඩු තීන්දුවට විතරද එහෙම කරන්න පුළුවන් කියන එක ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා.

මේ තියෙන්නේ ඔබේ සහ මගේ ලේ. මේ ලේ ලබාදෙන්න තිබුණේ ඔබට සහ මට. අපි ලෙඩ වුණාම අපට දෙන්න තිබුණු ලේ තමයි මේ විදියට විවිධ කටයුතු සඳහා භාවිත කරලා තියෙන්නේ. ඇත්තටම පරීක්ෂණ සඳහා ලේ අවශ්‍ය නම් ඒක ලබාගත යුතුයි. එය ක්‍රමෝපායක් යටතේ සිද්ධ විය යුතුයි. ඒ වගේම අපේ රටේ නිෂ්පාදකයන්ට රුධිරය හෝ වෙනත් දෙයක් යොදාගෙන නිෂ්පාදනයක් කළ හැකි නම් ඒක ඉතා විශාල ජයග්‍රහණයක්. නමුත් මේවා අත යට ගනුදෙනු විදියට සිද්ධ වෙන්න බෑ. මේවා හොරෙන් සිද්ධ වෙන්න බෑ. මේවා විනිවිදභාවයක් සහිතව සිදුවිය යුතුයි.

මොකද මේ ඔබේත් මගේත් ලේ. මිනිහෙක්ගේ ලේවලින් වංචාවක් කරන්න තව කෙනෙක්ට පුළුවන්ද කියලා හිතන්න ඕනෙ. මොකද අපි දන්නවා වංචාවක් නොකරන බවට අපි අස්සන් කරන්නේ ලේවලින්. කොහොම වුණත් මේ වෙලාවේ මේ ලේ ප්‍රශ්නගත ලෙස බරපතළ කාරණාවක් බවට, සාකච්ඡා කළ යුතු කාරණාවක් බවට පත්වෙලා ඉවරයි. රුධිරය ලබාගැනීම, ඒ සඳහා ඉල්ලීම් කිරීම, ඒ සඳහා අනුමැතිය ලබාදීම, අනුමැතියෙන් පසුව රුධිරය ඔවුන් වෙත මුදාහැරීම, මුදාහැරියාට පසු ඒවායෙන් කරන ලද නිෂ්පාදන සම්බන්ධව ඇතිවෙච්ච කතාබහ, මේ නිෂ්පාදන සිදුවුණාද නැද්ද කියන කියන එක ගැන තියෙන සැකය, ඒ සැකයෙන් පසුව රුධිරය හරහා ලෝකෙට අපේ ජාන ලබා දුන්නාද කියන එක ගැන පවතින ගැටලුව යන මේ සියල්ලම ඉතා භයානක කාරණා.

ඒ සියල්ලටම වඩා භයානක කාරණය වන්නේ අපි පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිත වූවාද කියන එකයි. අපේ රුධිරය පරීක්ෂණ සඳහා යොදා ගත්තාද කියන එකයි. මේ රුධිරය සහිත පුද්ගලයන් තවදුරටත් පරීක්ෂණ සඳහා යොදා ගන්නන් බවට පත්වූවාද කියන එක. ඒ ගැන අපි සාකච්ඡා කරලා වැඩක් නෑ. නීතිඥවරිය කියනවා වගේ තෝරු මෝරු ඉන්නවා නම්, අන්න ඒ තෝරුන්ට මෝරුන්ට දඬුවම් කළ යුතුයි. ඊට පස්සේ හාල්මැස්සන්ටත් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Next Post

මහින්දගේ 78 වැනි උපන්දිනය වෙනුවෙන් දළදා මාලිගාවේ දානමය පින්කමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න...

Read more
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.