• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එකෙන් අලුත් කොන්දේසි 3ක්! රටම බලන් ඉන්න දෙවැනි වාරිකය නොලැබෙන ලකුණු? VIDEO I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 1.9ක ණය මුදලෙහි දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්ව නොමැත. මූල්‍ය අරමුදල ඊට හේතු දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව නිසි පිරිදි කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් දෙවැනි ණය වාරිකය පමා කිරීමට කටයුතු කරන බවකි. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම මෙම තීරය ඔස්සේ අප අවස්ථා ගණනාවකදීම තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු.Sri Lanka Latest News

කෙසේ වෙතත් මෙවර අප අනාවරණ කරන්නේ මූල්‍ය අරමුදලේ ලොකුම කොන්දේසිය වන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මේ වන විට මතුව ඇති අලුත්ම අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය. ඉකුත් වතාවකදී අප මේ තීරය ඔස්සේ වාර්තා කර සිටියේ පැරිස් සමාජය මෙන්ම ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය වැනි ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකා ආණ්ඩුව චීන එක්සිම් බැංකුව සමග ඇතිකරගත් ගිවිසුම අනාවරණ කළ යුතු බවටය. නමුත් තවමත් ආණ්ඩුව එම ගිවිසුම හෙළිකිරීමට කටයුතු කොට නොමැත්තේ අදාළ ගිවිසුමේ ඇති එක්තරා විශේෂ වගන්තියක් මුල්කරගෙනය. එම වගන්තියෙන් කියවී තිබුණේ කිසිදු පාර්ශ්වයකට අදාළ ගිවිසුමේ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවකි. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට ඇත්තේ මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීය.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුකරණය මුල්කරගෙන විශේෂ වාර්තාවක් පසුගිය කාලයේ ආණ්ඩුව වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. එම වාර්තාව හරහා විශේෂ යෝජනා 3ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට තිබූ අතර, වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද එම වාර්තාවෙන් දක්වා තිබිණි.

ඉන් පළමුවැනි යෝජනාව වී තිබුණේ ජනාධිපති, මැති ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවේ නිලධාරීන්ද වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතු බවය. දෙවැනි යෝජනාව වී තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් ආයතනයක් බවට පත්කිරීමය. මේ යෝජනා දෙකම ඉටුකළ හැකි මට්ටමේ යෝජනා වුවත් තුන්වැනි යෝජනාව තරමක් බරපතළ එකක් වී තිබිණි. එම තුන්වැනි යෝජනාවෙන් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඉහළ නිලධාරීන් පත්කිරීම එම ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු කරන බැවින් එම පත්කිරීම් නැවත සමාලෝචනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවත්ය.

මූල්‍ය අරමුදල මෙම යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් කතා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කොට තිබුණේ මෙම යෝජනා ඉටුකළහොත් පමණක් දැනට අස්සන් කොට ඇති දෙවැනි වාරිකය ලබාදීමේ කාර්ය මණ්ඩල ගිවිසුම විධායක සභාවට ඉදිරිපත් කොට සම්මත කළ හැකි බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් දැනට කොළ එළියක් පත්තු වී ඇත්තේ තුන්වැනි යෝජනාව වූ ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් තවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමේ යෝජනාවට පමණි. අනෙක් යෝජනා දෙකටම තවමත් ආණ්ඩුව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවක් දැනගන්නට ඇත.

ඒ අනුව මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය ලබාදීමේ කටයුතුද මේ වන විට ඇත්තේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකය. නියමිත කාල රාමුව අනුව කටයුතු කළේ නම් මේ වන විට ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලෙන් තුන්වැනි වාරිකයද ලබාගැනීමේ වටපිටාවකය. නමුත් කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් සහ තවත් අලුත් කොන්දේසි ඉදිරිපත් වීම හේතුවෙන් මේ වන විට ආණ්ඩුව පත්ව ඇත්තේ මූල්‍ය අරමුදලෙන් දෙවැනි වාරිකයද නොලැබෙන වටපිටාවකය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

හවස එකක් කියයි! රෑ තව එකක් කියයි! රට බංකොලොත් කළේ රාජපක්ෂවරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන මහින්ද පළමු වරට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩයනාගෙන් ඉල්ලීමට අගවිනිසුරුවරයා කියපු දේ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.