• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෑන්ඩ් සිග්නල් දුන්නා.. සල්ලිවලට විකිණිලා.. කියලා විපක්ෂයෙන් අද පාර්ලිමේන්තුවේදී චෝදනා කරපු කෝප් සභාපති රංජිත් බණ්ඩාර විශේෂ නිවේදනයක් නිකුත් කරයි! එහෙම කළේ උපක්‍රමයක් විදිහට! අපි තිබ්බේ විනිවිදභාවයෙන් යුත් රැස්වීමක්! අනුර කුමාර දිසානායකත් රැස්වීමට ආවා! I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහපු – පාර්ලිමේන්තුවම ඇවිස්සුණු කෝප් කමිටු සභාපති‌ රංජිත් බණ්ඩාර ‘හෑන්ඩ් සිග්නල්’ එක දෙන වීඩියෝව ලීක් වෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ඊයේ දිනයේ ( 2023.11.14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවන ලදී. බෙහෝ අය අපේක්ෂාව වූයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ කෙරුණු කතා බහට ලක්ව ඇති කාරණා පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡාවක් පවත්වනු ඇති බවයි.Sri Lanka Latest News

COPE කමිටුව වෙත පැවරී ඇති නෛතික ප්‍රතිපාදනයන්ට අනුව එවැනි පුවත් පිළිබදව සාකච්ඡා කිරීමේ අවකාශයක් නොමැති බව පළමුව අවධාරණය කළ යුතුය.

කෝප් කමිටුව තුළ සාකච්ඡා කෙරෙන්නේ විගණකාධිපතිතුමන් සාකච්ඡාව සඳහා සුදානම් කරන විශේෂ වාර්තාවේ අඩංගු කරුණු පමණි. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව T20 තරගාවලියක් හා සම්බන්ධ වුවකි.

කෝප් කමිටුවේ සියළුම සාමාජිකයින් පාහේ මේ අවස්ථාවට සහභාගී වූ අතර විශේෂ අවසරයකින් එයට මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද සහභාගී විය.

අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතලු හිටපු ක්‍රිඩා ඇමතිවරු දෙදනකුද මේ සදහා සහභාගි විය. සජබයේ මන්ත්‍රිතුමන්ලා සියල්ම පාහේ මේ සදහා සහභාගි විය. එය ඉතා විනිවිද භාවයකින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති කමිටු රැස්වීමකි.

මේ වන විට රට තුල ඉතාම විවේචනාත්මක කතාබහක් සහ දේශපාලන මතවාදයක් ලෙස මතුව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබදව වූ මෙම සාකච්ඡාවේදී විශාල පිරිසක් එක වර කතා කිරීමට උත්සහ කිරීමේදී සභාව හැසිරවීම තරමක් අපහසු කාර්යක් විය.

ඒ සදහා උපක්‍රමයක් ලෙස මා කතා නොකර එක් පුද්ගලයෙකුට කතා කිරීමට අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් කිහිප පලකටම සංකේතාත්මකව දෙතොල මත ඇගිල්ල තබා නිශ්ශබ්දව සිටින ලෙස සංඥා නිකුත් කළේය.

මේ දක්වා ඉතාමත් ඉහල වෘත්තීය මට්ටමකින් පවත්වාගෙන ආ COPE කමිටුවේ ගෞරවය ඒ ආකාරයෙන්ම රැක ගනිමින් බධාවකින් තොරව කමිටු රැස්වීම පවත්වාගෙන යෑමේ අරමුණෙනි.

අවාසනාවකට අද සමාජ මාධ්‍ය තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මෙය වැරදි ආකාරයට අර්ථගැන්වීම කණගාටුවට කරුණකි.

අද පාර්ලිමෙන්තුවේදී ගරු ක්‍රීඩා අමාත්‍යවරයාද අවස්ථා කීපයකදී කෝප් කමිටුවට පක්ෂකග්‍රාහී ලෙස කටයුතු කළා යැයි චෝදනා කළේය.

අපට සමාජ මාධ්‍යන්හි පළවන දෑ කෝප් කමිටුවේදී සාකච්ඡා කළ නොහැකි බව පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් මෙන්ම ඊටත් වඩා දේශපාලන කියවීම් සහිත පරිණත අමාත්‍යවරුන් ඉතා හොදින් දන්නවා යැයි මම සිතමි. මේ පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකුට උපදෙස් දිය යුතු නැති බව මාගේ විශ්වාසයයි.

2020 වසරේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන විට වසර තිහකහට ආසන්න කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටිබව නොරහසකි.

2016 වසරේ මා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්යවරයා ලෙස සේවය කරන අවස්ථාවේදී වාර්ෂික නිවාඩු වසර දෙකක් සඳහා ලබාගෙන කොළඹ 07, වෝඩ් පෙදෙසේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල ආරම්භ කරන ලදී. මා එහි සමාරම්භක ප්‍රධානියා බව මුලු රටම දන්නා කරුණකි.

මෙම කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල දිවයිනේ බොහොමයක් ව්‍යාපාර ආයතන වලට විධායක පුහුණුව,උපදේශනය සහ සංයුක්ත සැලසුම් සකස් කරන ලදී.ශ්‍රී ලංකා රග්බි,ශ්‍රී ලංකා ක්‍රිකට්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හේලීස් සමාගම, මංචි බිස්කේ සමාගම වැනි ආයතන ගනනාවකට අප අපගේ සේවාව සපයන ලදී.

2018 වසරේ තිලංග සුමතිපාල මහතා සභාපති ධුරය දරණ ලද කාලසීමාව තුළ ක්‍රිකට් පාසැලක් ආරම්භ කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව සකස් කරදෙන ලෙස ඉල්ලා සිටින ලදී. කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් අප එම සංකල්ප පත්‍රිකාව සකස් කළ අතර ක්‍රිකට් පාසැල ආරම්භ කිරීමේ කටයුත්තට ප්‍රධාන උපදේශකයෙක් ලෙස සේවය සැපයීමටද එකඟ විය. එම කටයුත්ත නිමාවකින් තොරව නතර විය. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අප කිසිදු අය කිරීමක් සිදුකර නොමැත. එසේ අයකලත් එය වෘතීයමය සේවාවක් සැපයීම වෙනුවෙන් මිස එය අද මා දරන තනතුරේ වගකීම වෙනුවෙන් ලබාගත් අත්තිකාරමක් නොවේ. එසේ හුවා දැක්වීමට උත්සහ කිරීම කණගාටුවට කරුණකි.

මා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර සහ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරීමට පෙර වෘත්තීය ජිවිතයේ සිදු කළ කීර්තිමත් කටයුතු වැරදියට හොවා දැක්වීම වෘත්තිකත්වයට කරන අගෞරවයක් ලෙස සලකමි.

මේ පිළිබඳව මේ රටේ සියළු මහජනයා දැනුවත් කිරීම මාගේ අපේක්ෂාවයි.

මහාචාර්ය රංජිත් බණ්ඩාර,

සම්මානිත මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය,

පාර්ලිමේන්තු මන්ත්‍රී,

කෝප් කමිටු සභාපති.

SendShareShare
Previous Post

පොඩි මිනිසුන්ගෙන් බදු ගහන්න හදනවා! මෙන්න මර්කන්ටයිල් ක්‍රෙඩිට් කියන ආයතනය මහබැංකුවෙන් ගත්ත කෝටි 3000ක් තවම සත පහක් ගෙවලා නැහැලු! රටට හෙළිකරන්නේ ඇමැති විජේදාස! I Sri Lanka Latest News

Next Post

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරියක් 18 වැනිදා ලංකාවට එයි! VIDEO I Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.