කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය කැදවූ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා කියා සිටියේ රංජිත් බණ්ඩාර මහතා හස්ත සංඥා කරමින් මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම නවත්වා ඇති බවකි.
ඉන් පසුව අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි, එස්.එම්. මරික්කාර්, නලින් බණ්ඩාර යන මහත්වරුද මෙම අදහස තහවුරු කරමින් කෝප් කමිටුවේ සිදුවූ සිදුවීම් අනාවරණය කිරීමට පියවර ගත්හ.
ඒ අනුව ඔවුන් ඉල්ලා සිටියේ වෙනත් මන්ත්‍රීවරයකු සභාපති කොට ඊළග සභාවාරයට ක්‍රිකට් ආයතනය කැදවිය යුතු බවකි.
ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතාද එකගතාව පළකළ ආකාරයක් දක්නට හැකිවිය.










