• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ප්‍රශ්නෙදි ජවිපෙ ඉන්න තැන ගැන ඇමැති රොෂාන් ප්‍රශ්න කරද්දී ක්‍රිකට් බෝඩ් එකෙන් ජවිපෙ සල්ලි ගත්තාදැයි ප්‍රසන්න ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ක්‍රිකට් ප්‍රශ්නෙදි ජවිපෙ ඉන්න තැන ගැන ඇමැති රොෂාන් ප්‍රශ්න කරද්දී ක්‍රිකට් බෝඩ් එකෙන් ජවිපෙ සල්ලි ගත්තාදැයි ප්‍රසන්න ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක විවාදය අද (නොවැ. 9) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.Sri Lanka Latest News

ඊයේ (නොවැ. 8) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කළ ප්‍රකාශයෙන් පසු පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ගත් තීරණයෙන් පසු මෙම විවාදය පවත්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

මේ වන විට ද එම විවාදය පාර්ලිමේන්තුවේ සිදුවෙමින් පවතියි.

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු සමස්ත ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළේ ය.

ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අදහස් දක්වමින් එහිදී සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ෂම්මි සිල්වා මුදල් ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ය. කෙසේ වෙතත් එය තමන්ට ඔප්පු කළ නොහැකි බව ද ඔහු පැවසීය.

“අපිට තොරතුරු තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ඔය ෂම්මි සිල්වාලා සල්ලි දීලා තියෙනවා කියලා. මෙතෙක් කල් වචනයක්වත් කතා කළේ නැහැ. අද තමයි ඇවිල්ලා කතා කරන්නේ. අද ඇවිල්ලා කතා කරනවා, මුළු රටේ ම මතයක් හැදිලා තියෙන නිසා තමන්ගේ ඇඟ බේරගෙන, අර කියන ගමන් මේකට උදව් කරනවා කියලා, යටින් කියනවා මේකේ මෙහෙම දේවලුත් තියෙනවා කියලා. ඒක දේශපාලන වශයෙන් කරන දෙයක්.”

ඔහු තවදුරටත් සඳහන් කළේ, “අපි හැමෝම එක මතයක ඉන්නවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය හොර ගුහාවක් කියන එක. මේක අයින් කරන්න ඕනේ කියන තැනත් ඉන්නවා,” යනුවෙනි.

එමෙන් ම, ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව අද දින පැවැත්වෙන විවාදය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය වෙත ලබා දිය යුතු බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

“මම ඉල්ලීමක් කරන මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සාකච්ඡාව මේක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා මේක අයිසීසී එකට අරින්න ඕනේ. මේක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලට යැව්ව ම ඒ අය දන්නවා මේක දේශපාලනික බලපෑමක් නෙවෙයි, හොරකමට විරුද්ධව මේ සියලු දෙනා ම එක්කහු වෙලා තියෙනවා කියලා. හැබැයි ඉතින් 225ම හොරු නම් කොහොම ද හොරු ටිකට එක්කහු වෙලා තවත් හොරු ගැන කතා කරන්න පුළුවන්?”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද එහිදී අදහස් දැක්වීය.

“බලන්න ගරු සභාපතිතුමනි ක්‍රිකට් ගහන්නේ ක්ලබ් 12යි. මුළු ලංකාවේ ම. 140ක් ඡන්දේ දෙනවා. ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් බෝඩ් එක පත් කරන්නේ 10 දෙනෙක් එක්කහු වෙලා. ඉන්දියාවේ 20ක් එක්කහු වෙලා. විශාල රටක්. එංගලන්තේ 25ක් දෙනෙක් එක්කහු වෙලා. අපේ 142ක්. සමහරක් ක්ලබ් ක්‍රිකට් ගහන්නේ නැහැ.”

ඔහු එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ද අහදස් පළ කළේ ය.

“බලන්න මේ ඉන්ටරිම් ඕඩර් එක නිසා ඇති වෙලා තියෙන තත්ත්වේ. චෙක්, මිලියන ගණන් ඩොලර්ස් එළියට අදිනවා. වෑන්වල ෆයිල්ස් දාගෙන යනවා. ඉතින් මොකක් ද මේ? මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.”

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පාලක මණ්ඩලය මෙන් ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද පිරිසිදු ව්‍යාපාරයක් නොවන බව තම මතය බව ය.

සූදු ක්‍රීඩාවලට සම්බන්ධ ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ගොදුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

“පහුගිය දවස්වල අපේ පැවතිච්ච ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ සියලු ම පළාත්වල තිබුණ තරගවලට අපට ස්පොන්සර්ස්ලා හැටියට ආපු අය සියලු දෙනාගේ ම ප්‍රධාන අදායම් මාර්ගය වෙලා තිබ්බේ, මේ නොයෙකුත් ගැම්බ්ලින්වලට සම්බන්ධ ව්‍යාපාර. මේක ලංකාවේ විතරක් නෙවෙයි, මේක ලෝකය පුරා පැතිරිලා, මේක ඉතා භයානක විධියට ICC එක විසිනුත්, ICC එකත් මේ ගොදුරට, ගොදුරුවෙලා කියලයි මම හිතන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපේ ක්‍රිකට් බෝඩ් එක වගේ ම ICC එකත් සුද්ද, පාරිශුද්ධ, පිරිසිදු ව්‍යාපාරයක් නොවෙයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒ නිසා මම හිතන්නේ අපි මේ වගේ ප්‍රශ්නෙකදී ඉතා ම ප්‍රවේසම් වෙන්න ඕනේ.”

“මම එකක් කියනවා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය කියන්නේ වෙනම ම තියෙන ආයතනයක්. දැන් මේ 225 ම අපි යෝජනාවක් ගේනවා නම්, යම් ආකාරයක අපිට තහනමක් වැටුණා නම් 225 ම ඒක භාර ගන්න ඕනේ,” යනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එහිදී පැවසීය.

“ඒක එන වෙලාවට විතරක් ඒක ආණ්ඩුවේ වැඩක් කියලා නම් අත හෝදගන්න ලෑස්ති වෙන්න එපා. අන්න දැන් ෆුට් බෝල් තහනම් වුණා. රගර් තහනම් වුණා. මේක ආණ්ඩුවේ වැඩක් කියලනේ කිව්වේ… එතකොට ක්‍රිකට්වලටත්… එහෙම දෙයක් සිදු නොවේවා කියලා මම ප්‍රර්ථනා කරන්නේ.”

SendShareShare
Previous Post

ක්‍රිකට් යෝජනාව සම්මත වන අවස්ථාවේදී ජවිපෙ තුන්දෙනාම සභා ගැබේ නෑ! ජවිපෙ හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා! එතුමන්ලා මේකට එකඟ ද මොකක් ද කියන එක අපි දන්නේ නෑ! මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජවිපෙට විතරක් ක්‍රිකට් එක හොඳ වුණා ද කියන එක මට ප්‍රශ්නයක්! ඇමැති රොෂාන් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් අයවැය එනවා… ඊට කලින් බලමු 23 අයවැයෙන් ගහපු බොරු-කරපු කෙළි I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.