• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිසේ රුදාවට කොට්ට මාරු කිරීම සහ කෙහෙළිය වෙනුවට රමේෂ් දැමීම I Sri Lanka Latest News

November 3, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිසේ රුදාවට කොට්ටේ මාරු කරනවා කියලා කතාවක් තියෙනවා ඔබ අහලා ඇති. මේක මේ සිංහල පාඩමක්. මේක හුඟක් අයට තේරෙන්නෙ නෑ. මේ උපහැරණ වගේ දේවල් තේරුම් කරන්න අපි උදාහරණ ගන්නවා. රටේ තොටේ සිදුවෙන දේවලින් උදාහරණ ගත්තොත් තවත් ලේසියි තේරුම් ගන්න. මේ වෙලාවෙත් එහෙම උදාහරණයක් ලැබුණා මේක තේරුම් කරන්න. වැරැදියට හිතන්න එපා. කවුරු හරි ඉගෙන කියාගන්න ඉන්න දරුවෙක් මේක බැලුවොත් ඒ දරුවට මේක තේරේවි කියලා හිතාගෙනයි අපි මේ විදියට උගන්නන්නේ. මොකද රටේ තොටේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් ගැන අපි කවුරුත් එක විදියටම හිතන්න ඕනනේ.(Sri Lanka Latest News)

ඔය හිසේ ඇම්මට කොට්ටේ මාරුකරනවට උදාහරණයක් තමයි ලංකාවේ මේ වෙලාවේ සෞඛ්‍ය ඇමැතිවරු මාරු කිරීම. සෞඛ්‍ය භාරදිලා හිටියේ කෙහෙළිය රඹුක්වැල්ල කියන ඇමැතිතුමාට. එතුමා හොඳ අමාත්‍යවරයෙක්. කාලයක් තිස්සේ වැඩකරපු පළපුරුදු අමාත්‍යවරයෙක්. ඇත්තටම එතුමා ඇමැතිවරයෙක්ව නොහිටපු කැබිනට් මණ්ඩල ලංකාවේ තියෙන්නේ හරි අඩු ප්‍රමාණයක්. එක්කෝ එතුමා පටන්ගනිද්දීම ඒකෙ අමාත්‍යවරයෙක්. එහෙම නැත්නම් පහුකාලීනව එතුමා අමාත්‍යවරයෙක් බවට ත්වෙනවා. ඒක නිසා මේ පළපුරුදු අමාත්‍යවරයාට තමයි සෞඛ්‍ය භාරදුන්නේ.

සෞඛ්‍ය භාරදිය හැකි වෛද්‍යවරු කිහිප දෙනෙක් ඉද්දිත් පළපුරුදු අමාත්‍යවරයෙක්ට ඒ අමාත්‍යාංශය භාරදීම ගැන අපේ කිසිම කනස්සල්ලක් නෑ. ඒකට හේතුව අමාත්‍යවරයෙක්ට භාරදිය යුත්තේ එතුමාගේ විෂයම කියලා කතාවක් නෑ. මොකද රටක අමාත්‍ය මණ්ඩලයේ බොහෝ වෙලාවට ඉතා දක්ෂ නෝනා මහත්වරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ රටේ තියෙන ඇතැම් ක්ෂේත්‍ර ගැන ඉතා හොඳ අවබෝධයකින් වැඩ කරන්න. එහෙම නැතිවුණොත් පශු සම්පත් වගේ ඒවා භාරදෙන්න ඇමැතිවරු හොයාගන්න ගියාම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේ.

ඒක නිසා ඒවා ඔබ තේරුම්ගත යුතුයි මම මේ මොකක්ද කියන්නේ කියලා. ඒක නිසා අපි හිතුවා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එතුමා යම් වැඩක් කළා. එතුමා කරපු වැඩ ගැන සඳහන් වෙලා තිබුණා එතුමාට දියත් කරපු දෝෂාභියෝගයේ. ඒ දෝෂාභියෝගය වැරැදිද, නැත්නම් එහි තිබුණු කරුණු හරි නැද්ද, දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණාම ඒකට විරුද්ධව අපි පියවර ගත යුතුද කියන එක වෙනම කතාවක්. ඒවා බොරු නම්, ඒවා ගැටලුසහගත නම් ඒවා ඉදිරිපත් කිරීම වෙනම කතාවක්. නමුත් මේ වෙලාවේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමාත්‍යාංශය තුළ සුරක්ෂිත වෙනවා. එතුමාව පන්නන්න බැරි වෙනවා. නැත්නම් දෝෂාභියෝගය ඉදිරිපත් කරපු අය අසමත් වෙලා, එතුමා සමත් වෙනවා. ඒ නිසා අපට කියන්න බෑ එතුමා වැරැදි බව.

කියන්න තියෙන වැදගත්ම කාරණය වෙන්නේ දැන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැටිලා තියෙන තැන ගැන අපි කිසි කෙනකුට සතුටු වෙන්න බෑ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ජරාජීර්ණ වෙලා විනාශ වෙලා ඉවරයි. අද වෙද්දී ලංකාවේ සෞඛ්‍ය සඳහා බොහෝ දේ කරන්න වෙලයි තියෙන්නේ. කරපු දේවල් හොඳටම ඇති කියන්න වෙලයි තියෙන්නේ. මොකද අපි හැමෝම දන්නවා පහුගිය වසර කිහිපය ඇතුළේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිසා මියගිය රෝගීන් සංඛ්‍යාව විශාල බව. ඇත්තටම රටක සෞඛ්‍ය තියෙන්න ඕනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිසා පුද්ගලයන් මියයන්න නෙවෙයි. වෙනත් හේතුවක් නිසා රෝගී වෙන, වසංගත අවස්ථාවලදී රෝගී වෙන, වෙනත් සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන්වලදී ඒ අයට උදව් කරන්නයි සෞඛ්‍ය තියෙන්නේ. නමුත් ලංකාවේ සෞඛ්‍යය තුළ එහෙම දෙයක් වුණාද කියන එක ප්‍රශ්නයක්.

අපි පහුගිය කාලෙම නිතරම අහපු කාරණාවක් තමයි හොර පාරෙන් බෙහෙත් ගෙන්වනවා කියන එක. ඇත්තටම නෝනාවරුනි මහත්වරුනි, හොර පාරෙන් බෙහෙත් ගෙන්වන්න පුළුවන් නම් යම් රටක, ඒ රටක ආණ්ඩුවෙන් සත පහක වැඩක් නෑ, ඒ රටේ කවුරුහරි කෙනෙක් හොර පාරෙන් බෙහෙත් ගෙන්වනවා නම්, විවිධ සමාගම්වල නම්වලින් ලියාපදංචි වෙලා මිනිස්සුන්ගේ ජීවිතවලට අභියෝගයක් එල්ල කරනවා නම් එහෙම පුද්ගලයන්ව අත්අඩංගුවට ගත යුතුයි, ඔවුන්ට විරුද්ධව පියවර ගත යුතුයි කියන එක ගැන අපේ රටේ ඉන්න අහිංසකම පුංචිම පුංචි දරුවාට පවා අවබෝධයක් තියෙනවා.

අනෙක් කාරණය වෙන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ රටක සෞඛ්‍ය අමාත්‍යවරයාට බැරි නම් මේ තත්ත්වය නතර කරන්න, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාට බැරි නම් මේ තත්ත්වය ඇතිකරපු කෙනාට විරුද්ධව පියවරක් ගන්න, ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ඉන්න එක නෙවෙයි, තව දුරටත් ඇඳුම් අඳින එක ගැන පවා දෙපාරක් හිතන්න ඕනේ. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා නොදැන මේවා සිදුවෙනවා නම්, එතුමා මේකට සම්බන්ධයක් නැත්නම් එතුමට පුළුවන්කම තියෙන්න ඕනේ මේ මිනිස්සුන්ව වහාම අත්අඩංගුවට අරගෙන, ඊට අදාළ පියවර අරගෙන ප්‍රශ්නෙ විසඳන්න.

අපි දන්නවා පහුගිය කාලෙ පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කල් ඉකුත් වුණු බෙහෙත් ගැන, භාවිතයට නුසුදුසු බෙහෙත් ගැන, එවැනි බෙහෙත් භාවිතය නිසා සිදුවුණු මරණ ගැන වාර්තා වුණා. රෝහල් ඇතුළේ මේවාට ගත්ත පියවර තමයි ඒ බෙහෙත පාවිච්චියෙන් ඉවත් කිරීම. මිනිස්සු කෑගැහුවේ දොස්තර මහත්වරුන්ට, දොස්තර නෝනලට. ඉස්පිරිතාලෙන් මේගොල්ලන්ට කරන්න දේකුත් නෑ. මොකද ඒගොල්ලෝ කරන තර්කත් ඉතාම සාධාරණයි. ඒගොල්ලෝ කියන්නේ අපි මේ බෙහෙත විදගෙන බලන්නද, අපි මේ බෙහෙත් බීලා බලන්නද කියලා. ඒක සම්පූර්ණ ඇත්ත.

පරීක්ෂණාගාර මට්ටමෙන් තහවුරු කරගන්නා ලද බෙහෙත් මිසක අපිට ලංකාව ඇතුළේ බෙහෙත් ගෙනල්ලා ඒවා පරීක්ෂණාගාරවල දාලා පරීක්ෂා කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඔබ දන්නා දෙයක් තමයි බෙහෙතක් කියලා කියන්නේ දීර්ඝ පරීක්ෂණාගාර ක්‍රියාවලියකට යටත් වුණු දෙයක්. ෆේස් වන්, ෆේස් ටූ, ෆේස් ත්‍රී කියලා ට්‍රයල් තුනක පරීක්ෂණාගාර මට්ටමේදී තහවුරු කිරීම් කරනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. පළමු අවස්ථාවේදී මිනිස් සිරුරට යම් සමානකම් ඇති සත්වයන්ට මේ ඖෂධ ඇතුළත් කරලා පරීක්ෂණාගාර මට්ටමේදී ඒ පිළිබඳ හොයලා බලනවා.

ඊළඟ අවස්ථාවේදී පරීක්ෂණාගාර මට්ටමේදී සාමාන්‍ය පුද්ගලයන්ට මේ බෙහෙත් එන්නත් කරලා බලනවා. තුන්වැනි අවස්ථාවේදී තෝරාගන්නා ලද ජන කොට්ඨාසයක් හඳුනාගෙන, ඒ ප්‍රදේශය ඉලක්ක කරගෙන මේ බෙහෙත එන්නත් කරනවා. අපි දන්නවා එච්.අයි.වී. වගේ රෝගවලට මේ වෙනකොට ෆේස් ත්‍රී මට්ටමේ ට්‍රයල් තියෙනවා.

ඔබට මතක ඇති කොවිඩ් එන්නත අපට ලබාදුන්නේ හදිසි තත්ත්වයක් යටතේ පාවිච්චි කිරීමට සුදුසුයි කියන ලේබලය යටතේ. ඒකට හේතු වුණේ ෆේස් වන්, ෆේස් ටූ ට්‍රයල්වලටවත් කාලයක් නොතිබීම. කිසිසේත්ම ෆේස් ත්‍රී ට්‍රයල් එකකට ගියා නම් ඒ බෙහෙත තවමත් එන්නත් කරන්න බැරිවීම. එහෙම තත්ත්වයක් යටතේ මේ පරීක්ෂණාගාර මට්ටම්වල බෙහෙත් අපට පරීක්ෂණ කරන්න බෑ.

නමුත් බෙහෙත් ගෙන්වනකොට ඊට අදාළ ලියකියවිලි පරීක්ෂා කිරීම සිදුකිරීම ඉතා සරලයි. අපි කඩේකින් තේකොළ, සීනි, යෝගට්, බිස්කට් වගේ දෙයක් මිලට ගැනීමේදී පවා අපි ඒකෙ කල් ඉකුත් වීමේ දිනය ගැන හොයලා බලනවා. සමහර වෙලාවට නිෂ්පාදිතයා පිළිබඳව අපි හොයලා බලනවා. එහෙම තත්ත්වයක් යටතේ රටකට බෙහෙත් ආනයනය කරද්දී ඒ ගැන හොයා බැලුවේ නැත්නම් ඒ කවුරුත් වැරැදියි.

ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ කල් පැනපු බෙහෙත් තියෙනවා, ඒ වගේම බෙහෙත් හිඟයක් තියෙනවා. අපි දකිනවා ගොඩක් රෝහල්වලින් නොමේරූ දරුවන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග අවසානයි කියලා බෝඩ් ගහලා තියෙනවා. නිර්වින්දනය සඳහා ලබාදෙන බෙහෙත් අවසානයි කියලා බෝඩ් ගහලා තියෙනවා අපි දැක්කා. බල්ලෙක් හපා කෑවොත් ඊට ලබාදෙන බෙහෙත් වර්ග රට ඇතුළේ නැහැ කියලා කියනවා අපි දැක්කා. මෙහෙම තත්ත්වයක් නම් තියෙන්නේ එහෙම රටක සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මොකක්ද කරලා තියෙන්නේ කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.

මේ හැම දේම ගැන අපි සාකච්ඡා කරන අතරතුරේ රජය ගන්නවා ඉතා සුන්දර තීරණයක්. ඒ තමයි සෞඛ්‍ය අංශය වෛද්‍යවරයෙක්ට භාරදීම. ඔහු තමයි රමේෂ් පතිරණ. රමේෂ් පතිරණ කියන්නේ හොඳ දේශපාලකයෙක්, චතුර කථිකත්වයක් සහිත පුද්ගලයෙක්. වෘත්තියෙන් ඔහු වෛද්‍යවරයෙක්. අපි දන්නා තරමට ඔහු ශ්‍රී ලංකාව ඇතුළේ කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. ඔහුගේ පියා හිටපු ඇමැතිවරයෙක්. මේ සියල්ලම හරි. හැබැයි ඉතින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කෙනකුට සෞඛ්‍ය ඇමැතිකම භාරදුන්න පමණින් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නෑ. වෙච්ච වැරැදිවලට වගකිව යුත්තන් කවුද කියලා හොයා බලන එක, ඔවුන්ට දඬුවම් ලබාදෙන එක, මේවාට ඉහළ සිට පහළට උදව් කළේ කවුද කියලා හොයා ගන්න එක ජාතික අවශ්‍යතාවක් විදියටයි අපි දකින්නේ.

ඊට හේතුව තමයි මේක රාජ්‍යයට එරෙහිව කරපු වරදක් නෙවෙයි, ජාතියට එරෙහිව කරපු වරදක්. ජාතිය කියන එකෙන් අදහස් කරන්නේ ශ්‍රී ලාංකික කියන ජාතිය. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම විරුද්ධව කරපු මේ වරද මනුෂ්‍ය ඝාතන වරදකට සමාන නොවන්නේ ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙනම් මේකට සම්බන්ධ සියලු දෙනාම මනුෂ්‍ය ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් විදියට සලකලා අත්අඩංගුවට ගත යුතුයි. ඔවුන්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතනයක් හා සමානව දඬුවම් ලබාදිය යුතු බව අපි යෝජනා කරනවා. අපට තේරෙන තරමට අපි කියන්නේ.

ඔබට තේරෙන තරමට ඔබ එය විසඳ ගන්න. ඊට හේතුව තමයි කිසිසේත්ම මරණයක් සිදුවීමට ප්‍රමාණවත් ආකාරයේ රෝගී ලක්ෂණ නොතිබ්බ පුද්ගලයෝ රෝහලක් තුළදී මියයනවා නම්, ඒ මියයෑමට ඒ මොහොතේ බලපාන ලද ප්‍රධානතම හේතුව වෙන්නේ මේ ලබාදුන්නු එන්නත් හෝ ඖෂධ. ඒවායේදී චේතනාන්විතව මේ මනුෂ්‍ය ඝාතන සිදුකරලා නෑ කියලා කවුරුන් හෝ තර්ක කරනවා නම්, ඒකට ඇතිකර ගන්න පුළුවන් පැහැදිලි තර්කය තමයි චේතනාන්විත නැතැයි අපට ඔවුන්ගෙන් උපකල්පනය කරන්න බෑ. මොකද ඒකට හේතුව බෙහෙත් ගෙන්වීමේදීම ඒ බෙහෙත් කල් ඉකුත් වූ, ඒ බෙහෙත් භාවිතයට නුසුදුසු බව දන්නා නිසයි ඔවුන් ඒවා හොර පාරෙන් ගෙන්වන්නේ.

හොර පාරෙන් බෙහෙත් ගෙන්වන ඕනෑම කෙනෙක් දන්නවා බෙහෙත් කියලා කියන්නේ මනුෂ්‍යයකුට ශරීරගත කළාට පස්සේ ශරීරයේ ඉතා නරක ලෙස ක්‍රියාත්මක විය හැකි දෙයක් කියලා. මනුෂ්‍ය ශරීරයක් තුළ නරක ආකාරයෙන් ක්‍රියාත්මක වන බෙහෙතක් හෝ වෙනත් ඕනෑම දෙයක් නිසා සිදුවිය හැකි උපරිම හානිය තමයි රෝගියාගේ ජීවිතය නැති වීම. ඒ නිසා ජීවිතය නැති වීම කියන එක ගැන නොදැන මේ බෙහෙත් ගෙන්නුවා කියලා කියනවා නම් ඔවුන් කරන්නේ අමූලික බොරුවක්.

ඒ නිසා මේ හරහා මනුෂ්‍ය ඝාතන සිද්ධ කිරීමේ වරදට මේ පුද්ගලයන්, ඔවුන්ට අනුබල දුන් පුද්ගලයන් සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි. ඔවුන්ට දඬුවම් කළ යුතුයි. එහෙම නැතුව මේ විදියට අමාත්‍යාංශ මාරු කරලා, ඇමැතිවරු එහෙට මෙහෙට වෙනස් කරලා, කාඩ් කුට්ටම බෙදනවා වගේ මේ කරන සෙල්ලමෙන් පරාජය වෙන්නේ රට. පරාජය වෙන්නේ මිනිස්සු. පරාජය වෙන්නේ මහජනතාව බව ආදරණීය දේශපාලකයිනි, ඔබට සිහිපත් වේවායි, වැටහේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොහොමද මෙහෙම කෑමක් කෑවේ? ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

පන්දම් විරෝධයේ දෙවන අදියර පටන් ගනී! හැම ගෙදරකටම රතු බිල් ඇවිත්! අම්මලා තාත්තලා රතු බිල් අරන් පාරට බහින්න පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.