විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර හිමිනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
කොළඹ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයේ අද (01) උදෑසන සංවිධානය කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබුණි.
එම විරෝධතාවය සංවිධානය කර තිබු විදුලි පාරිභෝගික සංගමයේ ලේකම්, සංජීව ධම්මික හා හිමිනමක් ඇතුළු තවත් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










