2024 අයවැය නොවැම්බර් මස මැදදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. (Sri Lanka Latest News)
දුෂ්කරතා රැසක් මැද ජීවත් වන ජනතාව එම අයවැය තුළින් යම් සහනයක් ලැබෙතැයි අපේක්ෂාවෙන් සිටිනවා.
එහෙත් පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට ලබාදීමට යෝජනා කළ සහන රැසක්ද මෙතෙක් ඉටුකර නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ මහත්මිය රූපවාහිනී සාකච්ඡාවකදී සඳහන් කළා.










