ජනතාවට පීඩාකාරී නොවන අන්දමින් විදුලි බිල්, ජල බිල් ඉහළ නොදමා රජයේ ආදායම් ඉහළ නංවා ගත හැකි බව මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (30) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ පීරිස් මහතා මෙම කරුණුද පෙන්වා දුන්නේය.
⛔ දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රට පුරා විශාල මිනිස් අඳෝනාවක් තිබෙනවා..
⛔ ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදුවිය යුතුයි…
⛔ ඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයෙන් 20% ක වැටුප් වර්ධකයක් අවශ්‍ය බව සියලු දෙනාගේ මතයයි…
⛔ අයවැය හිගය පියවා ගැනීම සඳහා ආණ්ඩුව කරන්නේ මහජනතාවගේ සූරාගෙන කෑම විතරයි…
⛔ අයවැය හිඟය පියවා ගැනීම සඳහා ආණ්ඩුව කළ යුත්තේ මහජනතාව කබලෙන් ලිපට ඇද නොදමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුදල් ලබාගැනීමයි…
⛔ වත්මන් ආණ්ඩුවේ ආයුෂ කාලය කෙටි බැවින් ආණ්ඩුවේ නියෝජිතයින් මුදල් සොරකම් කරන්න පටන් අරන්..
⛔ පාඨලී චම්පික මන්ත්‍රිතුමාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවෙන් පවා හෙළිදරව් වී ඇත්තේ රජයට ලැබිය යුතු මුදල් මිලියන 58000 ක් ලබා නොගෙන ඇති බවයි..
⛔ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා රේගුවට ලැබිය යුතු මුදල් වලින් 40%ක් ලැබී ඇති බවත්, 60% ප්‍රමාණයක් අහිමි වී ඇති බවත් ප්‍රකාශ කොට තිබෙනවා..
⛔ අපනයන සමාගම් ලබාගන්නා විදේශ විනිමය ලංකාවට නොගෙනෙන බවට අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.. එය බරපතළ තත්ත්වයක්…
⛔ 2017 යහ පාලන සමයේ විදේශ විනිමය පනත නිශේධ කළා.. එහි ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව තිබෙනවා…
⛔ විදේශ විනිමය පනත නව රජයක් යටතේ බලාත්මක කරනවා…
⛔ මත්පැන් බෝතල්වල ව්‍යාජ ලේබල් හේතුවෙන් රජයට රුපියල් බිලියන 50000 – 60000 අතර මුදලක් අහිමි වුණා…
⛔ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මිලදී ගැනීම හේතුවෙන් මිනිස් ජීවිත බිල්ලට අරන්…
⛔ අසීමිත බදු ප්‍රතිපත්තිය හමුවේ වෘත්තිකයින් රට හැරදමා යන අතරතුර හිතවත් මිතුරන්ට බදු විරාම ලබා දෙන තත්ත්වයකට රජය අද පත්ව තියෙනවා…
⛔ මහ බැංකු අධිපතිවරයා කෙසේ පුරසාරම් දෙඩුවත්, සංශෝධනය නොකර ප්‍රති-දූෂණ පනත කිසිදා යථාර්ථයක් වෙන්නේ නෑ…
⛔ IMF නියෝජිතයින් පවා ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකා ආර්ථිකය මෙවැනි ප්‍රපාතයකට වැටීමට ප්‍රධාන හේතුව වන්නේ ඉහවහා ගිය දුෂණ වංචා කියලයි…
⛔ රජයේ ඉහවහා ගිය දූෂණ වංචා අඩු කළහොත් ඉන්ධන මිල, විදුලි බිල හා ජල බිල වැඩි කරන්න අවශ්‍ය නෑ…
⛔ අස්වැසුම දැන් ඇස්බැන්දුමක් බවට පත්ව තියෙනවා…
⛔ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතුයි….
⛔ සිහින දකින 2048 හරිත ආර්ථිකයට කලින් වර්තමාන ආර්ථිකය වර්ධනය කරලා ඉන්න…
⛔ පොදු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් කරන අය වැයක් ලබාගැනීමට පොදු විපක්ෂය සටන් කරනවා…










