රජයට අයත් වැවිලි සමාගම් සියල්ල රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය, සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, සීමාසහිත ඇල්කඩුව වැවිලි සංස්ථාව, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම සහ සීමාසහිත හලාවත වැවිලි සමාගම යන වතු සියඹලාපිටිය අමාත්‍යවරයා යටතට පවරාගෙන තිබේ.
මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමද රාජ්‍ය අමාත්‍යවරයා යටතට පවරා තිබීමය.
අවසන් වරට පැවැති කෝප් කමිටු රැස්වීමේදී ඇල්කඩුව වතු සමාගම පිළිබදව බොහෝ කරුණු අනාවරණය වූ අතර එහි ඇතැම් ප්‍රධානීන් වංචා දූෂණ රැසක් සිදුව ඇති ආකාරය සාක්ෂි සහිතවම තහවුරු වී තිබිණ.
ඒ අනුව ඉදිරියේදී මෙම දූෂිත නිලධාරීන්ට එරෙහිව අමාත්‍යවරයා දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවට අදාළ වතු සමාගම්වල සේවකයෝ විශ්වාස කරති.