පාස්කු ප්‍රහාරය පසුපස ඊශ්‍රායලය සිටින බවට කාදිනල් හිමිපාණන් විසින් තමන්ට පැවසූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ කර ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.Sri Lanka Latest News
මේ දිනවල කාදිනල් හිමිපාණන් වතිකානුවේ සංචාරයක නිරත වන බව කී පියතුමා මෙම ප්‍රකාශය දුටු සැණින් උන්වහන්සේ තමන්ට ඇමතුමක් දී මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලෙස දැනුම් දුන් බවද කියා සිටියේය.
ඒ අනුව හකීම් මහතා මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී නිවැරදි කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.