• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙක්සිකෝව එක්ක අවුරුදු 10ක් ගහන්න බැරිවුණු ගිවිසුම මහින්ද පළමු සංචාරයේදීම අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

October 28, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මෙක්සිකෝව එක්ක අවුරුදු 10ක් ගහන්න බැරිවුණු ගිවිසුම මහින්ද පළමු සංචාරයේදීම අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙක්සිකෝවේ තානාපති ලෙස ද කටයුතු කරන හෙයින් ඔහුගේ පළමු නිළ සංචාරය පසුගිය 17 දින සිට 21 අතර සිදුවිය. සංචාරයේ අරමුණ වූයේ මෙක්සිකෝව හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශික එකඟතා ගිවිසුමක් අත්සන් කොට ඒ හරහා දෙරටේ පොදු අවශ්‍යතා සඳහා උපදේශන යාන්ත්‍රණයකට පදනම දැමීමය.Sri Lanka Latest News

වසර 10 ක් පුරා උත්සාහ කල මෙම ගිවිසුම ඔක් : 19 දා මෙක්සිකෝ නගරයේ එරට විදේශ අමාත්‍යාංශයේදී අත්සන් කල අතර ඊට ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති සමරසිංහ හා මෙක්සිකෝවේ ජේෂ්ඨ නි: විදේශ ඇමතිනි කාමෙන් ටොරෙනෝ ටොස්කානෝ මහත්මිය අත්සන් තැබූහ. ඒ හරහා දෙරට අතර ද්විපාර්ශවික සහයෝගිතාවට ශක්තිමත් පදනමක් වැටිණ.

අනතුරුව නි: විදේශ ඇමතිනිය හා තානාපති මහින්ද අතර පැයක නිළ සාකච්ඡාවක් පැවති අතර එහාදී ඇය හා රැස්ව සිටි සෙසු පිරිසට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා හා එය ජයගැනීමට කළ කැපවීම මෙන්ම අනඅගමනය කල උපාය මාර්ග තානාපතිවරයා විසින් කෙටියෙන් පැහැදිලි කළේය. IMF ණයලබා ගැනීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනද එහිදී අවධානය යොමු කෙරිණ. පලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම, මානව හිමිකම්, සංහිඳියාව ආදී ක්ෂ්‍රේත්‍ර ගැන ද අවධානය යොමුවූහ. දෙරට අතර ද්විපාර්ශික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අදහසින් තානාපති මහින්ද විසින් මෙක්සිකෝවට ලිඛිත ආරාධනයක් කරමින් මූලික සාකච්ඡාව කොළඹ දී පැවැත්වීමට ඉල්ලා සිටියේය.

තවද මෙක්සිකෝ විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්‍යක්ෂ ජෙනරාල් හා උපදේශක රොබටෝ ඩි ලියොන් හුවෙර්තා මහතා සමඟ දකතාබහ කල තානාපතිවරයා ලංකාව මානව හිමිකම් රැකීමට ගෙන ඇති පියවර හා ඒ තුළින් සංහිදියාවට වැටී ඇති පදනම ගැන පැහැදිලි කළේය. තවද යුද්ධයෙන් පසුව ඇතිවූ අභියෝග හා ඊට මුහුණ දුන් අයුරුද පැහැදිලි කළේය. එමෙන්ම ජිනීවා එජා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව මෙක්සිකෝව ඡන්දය පාවිචිචි කිරීම ගැන ද ස්තුතිය පළ කළේය.

ඔක් : 20 දා තානාපතිවරයා හා සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් මහතා අතර හමඅවක් ද පැවැත්වින. ඔහු එරට සෙනෙට් මණ්ඩල විදේශ සබදතා කොමිසමේ සභාපතිවරයා ද වේ. ශ්‍රී ලංකා අගමැති ගේ ලිපියක් ඔහඅට බාරදුන් තානාපතිවරයා අගමැතිගේ දිවංගත පියාණන් වූ පිලිප් ගුණවර්ධන මහතා හා සෙනෙට් සභික වැස්කොන්සිලොස් මහතාගේ දිවංගත පියාණන් වූ ජෝස් වැස්කොන්සිලොස් මහතා අතර තිබූ සබඳතා හා මිත්‍රකම් ගැන ද සිහිපත් කළේය. ඔහු මෙක්සිකෝ සමාජවාදී අරගලයේ නියමුවෙක් ද වේ. ලංකාවේවතිමන්සංවර්දනය හා අනාගත ඉලක්ක ගැන ද තානාපති මහින්ද එහිදී පැහැදිලි කළේය.

ඔක් : 19 – 20 දෙදින වෙන්වූයේ එරට වෙළෙඳාම පිළිබඳ ව්‍යාපාර කවුන්සිලයේ නියෝජිතයන් හමුවීමටය. එහිදී ආයෝජනය හා තාක්ෂණය, වානිජ්‍ය හා වෙළෙඳාමට අදාළඑරට ඉහළ පෙළේ නිලධාරීන් තානාපතාවරයා හමුවූහ. ලංකාවගැන උනන්දුවක් දක්වන කවුන්සිල නිලධාරීන් ඊට එක්වීම විශේෂත්වයකි.

අනතුරුව එරටආයෝජන හා තාක්ෂණ ආයතනයේ ( කොම්සේ ) උප සභාපති ජෝර්ජ් ලොපෙස් මොර්ට්න් මහතා ද හමුවූහ. ඔහු එරට කොම්සේ ආයතනයේ කෘෂිකර්ම කමිටු සභාපතිවරයා මෙන්ම මෙක්සිකෝ – ඉන්දියා – ඉරාන – තුර්කි ද්විපාර්ශවික කමිටු සභාපතිවරයා ද වේ. එම අවස්ථාවට කොම්සේ උප සභාපති ඔගස්ටින් ගාෂියා රෙචී මහතා හා නිළධාරීන් පිරිසක් ද එක්වූහ. දෙරට අතර ආනයන අපනයන වැඩි දියුණු කිරීම මෙන්ම ආයෝජන කල හැකි ක්ෂ්‍රේත්‍ර ගැන ද අවධානය යොමු කෙරිණ. දෙරට අතර වෙළෙඳ සබදතා වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයේම එකඟතාව පළවිය.

එම හමුවේදීම ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය හා එරට වෙළෙඳ මණ්ඩලය අතර දෙරටට අදාළ ඒකාබද්ධ ව්‍යාපාර සඳහා ඇති අවස්ථා ගැන ද අවධානය යොමු කෙරිණ.මෙක්සිකෝ වෙළෙඳ පොළ මෙන්ම එරට හරහා ඇමෙරිකාව හා සෙසු රටවලට ද ප්‍රති අපනයනය කලහැකි අවස්ථාවන් ගැන ද අවධානය යොමු කෙරිණ.

ශ්‍රී ලංකාවේ කුරුඳු තේ පිඟන් බඩු ඇගලුම් වලට අදාළ වැඩි ඉඩක් ලබා ගැනීමට ඇති හැකියාව තානාපතිවරයා පෙන්වා දුන්නේය. වොෂින්ටන් තානාපති කාර්යාල අමාත්‍ය (වානිජ) චරිත යට්ටෙගොඩ මහතා කරුණු පැහැදිලි කරමින් දෙරට අතර වෙළදාමට අදාළ කරුණු විස්තර කල අතර අනතුරුව විමසූ ප්‍රශ්න

වලට දූත පිරිස පිළිතුරු දුන්හ. වොෂින්ටන් තානාපති කාර්යාල තෙවන ලේකම් තාරක දිසානායක මහතා ද මෙම කටයුත්තට දායක විය.

SendShareShare
Previous Post

කාදිනල් හිමියෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහකොමසාරිස් හමුවෙති! පාස්කු ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

මාස ගානක් බෙහෙත් කරලා සුවය ලබමින් හිටපු අග්බෝට ආයෙත් වෙඩි තියලා! VIDEO ISri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.