ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා වෙත ලිපියක් යොමුකර ඇත.Sri Lanka Latest News
එම ලිපියේ සඳහන් වන්නේ 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සමුළුව සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවය.
2024 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2026 වසරේ විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ මූලික සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොර සහයෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යොමු කළ ලිපියේ සඳහන් ය.
ක්‍රිඩා අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එවැනි බලපෑම් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම්දී තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන සහතිකය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් අදාළ ලිපියේ දැක්වෙයි.










