• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව එක්ක ගහන ‘එට්කා’ ගිවිසුමේ 12 වන සාකච්ඡා වටය මේ මස අගදී! තායිලන්තය එක්කත් වෙළෙඳ ගිවිසුමක්! Sri Lanka Latest News

October 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි. Sri Lanka Latest News

ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

එසේම ශ්‍රි ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කර තිබේ.

දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමය (SAARC) සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA) වැනි කලාපීය වෙළෙඳ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී ඇත.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ භාණ්ඩ වෙළඳාම සඳහා වරණීය වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා 2021 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර මේ වන විට සාකච්ඡා වට තුනක් අවසන් කර තිබේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ධනාත්මක වු වෙළෙඳ ශේෂයක් පවතින අතර, ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුම දැනට පවතින වෙළෙඳ ගිවිසුම්වලින් ඔබ්බට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරියට ගෙන යන්නක් ලෙස හඳුනාගෙන ඇත.

තවද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ දොළොස් වන (12) සාකච්ඡා වටය මේ මස අගදී පැවැත්වීමට නියමිතය. වර්තමාන ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISLFTA) වඩා පුළුල් විෂය පථයක් මෙමගින් ආවරණය කෙරේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ආසියාන් (ASEAN) රටවල් සමඟ සම්බන්ධවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව 2018 ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Sri Lanka Singapore Free Trade Agreement-SLSFTA) එළැඹි අතර එය 2018 මැයි මාසයේදී බලාත්මක කෙරිණි.

එසේම ශ්‍රි ලංකාව මේ වන විට තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු ආසියාන් (ASEAN) රටවල් කිහිපයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.

තායිලන්තය සමඟ තුන්වැනි වටයේ සාකච්ඡා මේ වසරේ ජනවාරි මාසයේදී යළි ආරම්භ වූ අතර එහි 7වැනි සාකච්ඡා වටය පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම, භාණ්ඩ, මූලාරම්භයේ රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර (SPS), වෙළඳාමට ඇති තාක්ෂණික බාධක (TBT), වෙළෙඳ පිළියම්, සේවා, ආයෝජන, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපල අයිතිවාසිකම්, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

තායිලන්තය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දේශීය අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ඍජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රමුඛතා අංශවල ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

එපමණක් නොව, චීනය සමග යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර එහි සාකච්ඡා වට හයක් අවසන් කර තිබේ. හඳුනාගත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා චීනයේ වෙළඳපල ප්‍රවේශය ලබා ගැනීමටත්, ගෝලීය අගය දාමයන් සමඟ සුරක්ෂිත සම්බන්ධතා ඇති කර ගැනීමටත් මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වන “කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP)” ගිවිසුමට සම්බන්ධ වෙමින් ඕෂනියා සහ නැගෙනහිර ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ආසියාන් සමග ක්‍රමානුකූලව කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය දැනටමත් අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මගින් මෙම සියලු වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා පවත්වාගෙන යනු ලබයි.
එම සාකච්ඡා ප්‍රධාන සාකච්ඡාකරු ප්‍රමුඛ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) විසින් මෙහෙයවනු ලබන අතර මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සමන්විත වේ.
අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත අනුකමිටු එකොළහක් මගින් වෙළෙද සාකච්ඡා හා පාර්ශවකරුවන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ජාතික වෙළෙද සාකච්ඡා කමිටුවට සහාය ලබාදෙයි.
රජයේ දැක්මට අනුව 2048 වන විට සංවර්ධිත රටක් ගොඩනැඟීම සඳහා මෙම මුල පිරීම් හරහා පහසුකම් සැලසේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-26

SendShareShare
Previous Post

ඉබ්බාගමුව ඉස්කෝලෙට ආ මැතිඇමැතිවරුන්ට ගුරු විදුහල්පතිවරු පළ කරපු විරෝධය නිසා මගින්ම හැරිලා යන්න වෙලා පැය 24ක් ගියේ නෑ! පැලවත්තේදී ගුරු විදුහල්පතිවරුන්ට කදුළු ගැස් සහ වතුර ගැහුවාට ඇමැති සුසිල් දැන් කනගාටුව පළකරයි! Sri Lanka Latest News

Next Post

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් නීති දැඩිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.