• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 4ක කුඩු ගෙන්නුවේ බූස්ස අධිආරක්ෂිත හිරගෙදර සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ! ගේම ගහලා තියෙන්නේ ෆෝන් එකෙන්! බන්ධනාගාර නිලධාරීන් හිටියේ බුදියගෙනද? I Sri Lanka Latest News

October 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දකුණෙන් ඇල්ලූ‌ කෝටි 600ක කුඩු තොගයේ අයිතිකරු හෙළිවෙයි! දික්වැල්ලේ රන් මල්ලි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව සිදු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91ක් පමණ (කිලෝමීටර් 168ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (22) දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආ රුපියල් මිලියන 4000ක පමණ වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 212ක ප්‍රමාණයේ මෙරට ඇණවුම්කරුවන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇණවුම්කරුවන් බවත් ඒ සම්බන්ධයෙන් කල්තියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී තිබුණු තොරතුරකට අනුව මෙම මෙ‍ෙහයුම නාවික හමුදාව සමඟ එක්ව දියත්කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.Sri Lanka Latest News

දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියත් ජංගම දුරකතන භාවිතා කරමින් මත්කුඩු ඡාවාරම මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අනාවරණයකර ගනිමින් කළ දීර්ඝ ආවේක්ෂණයකදී ඔවුන් විසින් කළ මෙම මත්කුඩු ඇණවුම ගැන තොරතුරු හෙළිවී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් නාවික හමුදාව සමඟ එක්ව ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම දියත්කර තිබේ. දෙවුන්දර තමිල් මෙරට සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

පකිස්තානු ජාවාරම්කරුවන් විසින් පකිස්තානයේ සිට හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් පිරවූ යාත්‍රාවක් මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන විත් එයින් කොටසක් මෙම බහුදින යාත්‍රාවට පටවා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. සෙසු මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන්ගේ ඇණවුම්වලට අනුව වෙනත් බෝට්ටුවලට පටවා ඇතැයි ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී. බොහෝ විට එම යාත්‍රාවල පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ මත්කුඩුවලට වඩා වැඩි බරැති මත්කුඩු තොගයක් තිබෙන්නට හැකි බව විශ්වාස කෙරේ.

පෙරේදා (22) ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ උර දොළහක් (12) තුළ පාර්සල් එකසිය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් විසි අටක (28) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 05 දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 53 අත‍ර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉදිරි විමර්ශන සඳහා මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

හොර ගුහාවක් වෙච්ච සෞඛ්‍යයට කෙහෙළිය වෙනුවට රමේෂ් දැම්මම ඔක්කොම හරිද? රමේෂ් කියන්නේ ඇලඩින්ද? මේක ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ වැඩක්! කෙහෙළියට ආපු විරෝධය යටපත් කරන්න කරපු වැඩක්! VIDEO I Sri Lanka Latest News

Next Post

තරුණ ජෝඩු 4ක් හුණුපිටියේ ගෙස්ට් හවුස් එකක කාමර 4ක් කුලියට අරන් මත්ද්‍රව්‍ය පානය කරලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.