මහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ මහතා දැනට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමටද සූදානමින් සිටියේය.
කෙසේවෙතත් මේ වනවිට ඒ මහතා තීන්දු කර ඇත්තේ මැතිවරණයට තරග නොකොට සමගි ජන බලවේගයේ මැතිවරණ ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සදහා ප්‍රේමදාස මහතා සමග දිස්ත්‍රික් මට්ටමින් ප්‍රචාරක රැලිවලට සහභාගී වීමටය.
ඒ අනුව මේ වනවිට ඒ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.










