රුපියල් කෝටි 23ක් වටිනා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, ළමා කතාන්දර පොත් 08 ක, පිටකවර තුළ සඟවා, විදේශීය කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි. (Sri Lanka Latest News)
සැකකාර කාන්තාව 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර, ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බව මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ.










