දළ ඇතුන් ඝාතනය කර ලබාගන්නා බව කියන ඉතා දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විදේශීකයකුට අලෙවි කිරීමට සූදානම් වීමේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි. (Sri Lanka Latest News)
මෙතෙක් ලංකාවෙන් හමුවූ බර වැඩිම ගජමුතු දෙක මෙම ගජමුතු හය අතර තිබී ඇත. මේ ගජමුතු ජාවාරමේ දි අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
වටිනා ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ ගණයේ ගජමුතු හයක් විදේශීකයකුට අලෙවි කිරීමට යන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත කැරට් 325 ක් සහ 328 බරකින් යුත් ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
ඉන්දියාවේ ඉංජිනේරුවරයෙකු ලෙස උපාය දූතයෙකු යොදා වැටලීම කර ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කිය.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර නොච්ච්යාගම ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සදහන් කරයි.
lankasara











