• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විකෘතිය ප්‍රකෘති කරන්න උතුමාණෙනි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය තහනම් කළේ 1993 ජූලි 15ය. පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පසු අනුර හිටියේ දේශපාලන අවුලකය. ඔහුට මහින්ද රාජපක්ෂ ඇතුළු අනුරවාදී මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි වුවද ඔහු ගත යුතු දේශපාලන තීන්දුව ගැන ඔහුටම ප්‍රශ්න තිබිණි. එජාප මහලේකම් සිරිසේන කුරේ අනුරට පණිවුඩ එවන්න පටන් ගත්තේ මේ කාලයේය. මේ වෙනකොට ජනාධිපති ධුරයේ සිටි විජේතුංගද අනුරව එජාපයට එකතු කරගැනීම අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකීය. අනුරව එජාපයට එක්කර ගැනීමට අනුරගේ පරම දේශපාලන හතුරා වූ ප්‍රේමදාස ඝාතනය වීමට කලින් උත්සාහ දරා තිබුණේය. ලලිත් සහ ගාමිණී, ප්‍රේමදාසගෙන් වෙන්වී බණ්ඩාරනායක මැතිනිය සමග එකට වැඩකරන්න පටන් ගත් විට ශ්‍රීලනිපයට නැවත එක්වූ චන්ද්‍රිකාද ඔවුන් සමග සන්ධානගත වීමට කැමැත්තෙන් සිටියාය. මැතිනිය, ලලිත්, ගාමිණී, චන්ද්‍රිකා සන්ධානය අනුර ඉවසුවේ නැත. ඒ සන්ධානය නිසා අනුර පක්ෂයෙන් කොන්විය. අනුරට එජාප ආණ්ඩුවට එක්වෙන ලෙසත්, එලෙස එක්වුවහොත් අගමැති ධුරය දිය හැකි යැයි ප්‍රේමදාස, සිරිසේන කුරේ හරහා අනුරට පණිවුඩ යැවීය.Sri Lanka Latest News

එදා අනුර ප්‍රේමදාස ආණ්ඩුවට එක්වී අගමැති ධුරය භාරගත්තා නම් ප්‍රේමදාස ඝාතනය වූ විට ජනාධිපති වෙන්නේ අනුරය. අනුර එතරම් වාසනාවන්ත නොවීය. ඒ වෙලාවේ ඔහුට අගමැතිකමට වඩා ශ්‍රීලනිපය ලොකු විය. ඔහු හිතුවේ ප්‍රේමදාස සමග එක්වීම දේශපාලන වශයෙන් සියදිවි හානි කරගැනීමක් කියාය. නමුත් ප්‍රේමදාස ඝාතනය වී විජේතුංග ජනාධිපති වී පැවැත්වූ පළාත් සභා ඡන්දයෙන් චන්ද්‍රිකා මහ ඇමැති ධුරයට පත්වූ පසු අනුර ශ්‍රීලනිපය තුළ තවත් අසරණ විය. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ විට ඔහු සිරිසේන කුරේ හරහා එන විජේතුංග ජනාධිපතිගේ ආරාධනා පිළිගන්න තීරණය කළේය.

අනුරගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කොට දින 89ක් ගියත් ඔහුට එරෙහි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න ශ්‍රීලනිපය බය විය. අනුරට අවශ්‍ය නම් ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයේ සිටියදීම විජේතුංගගේ ආණ්ඩුවට එක්වීමට හැකියාව තිබිණි. මේ වෙනකොටත් ප්‍රේමදාස හැර ගිය ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍රට එරෙහිව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරමින් උසාවිය දී තිබූ තීන්දුවත්, ශ්‍රීලනිප ඡන්දවලින් ලබාගත් මන්ත්‍රී ධුරය යූ.ඇන්.පී.යට පාවාදෙන්න අකැමැති වීමත් හේතුකොට ගෙන අනුර ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුව යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට ඒ වෙනකොටත් ජනාධිපති විජේතුංග සහ මහලේකම් සිරිසේන කුරේ යූ.ඇන්.පී. මන්ත්‍රීවරයෙක් ඉවත් කරගන්න උත්සාහ ගනිමින් සිටියහ.

ආයුර්වේද වෛද්‍ය විශේෂඥ ඩබ්.අයි. ප්‍රනාන්දු නොහොත් කොණ්ඩ වෙද මහත්තයා ප්‍රේමදාස යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවට පත්කළ මන්ත්‍රීවරයෙකි. ආයුර්වේදයට ප්‍රේමදාස දැඩි ලෙස ඇලුම් කළ අතර, ජාත්‍යන්තරයේ දේශීය ආයුර්වේදය ප්‍රවර්ධනය කර විදේශ විනිමය හොයන මාර්ග හදන්න ප්‍රේමදාසට අවශ්‍ය විය. ඔහු කොණ්ඩ වෙද මහතා නමින් ප්‍රසිද්ධ ඩබ්.අයි. ප්‍රනාන්දු ආයුර්වේද විශේෂඥයා පාර්ලිමේන්තුවට යැව්වේ ඒ වැඩේටය. විජේතුංග ජනාධිපති සහ සිරිසේන කුරේ කොණ්ඩ වෙද මහතාට අයින් වී අනුරට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙන්න කී විට කොන්දේසි විරහිතව කොණ්ඩ වෙද මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වෙන්න කැමැති විය. අනුර පාර්ලිමේන්තුවට ඇවිත් යූ.ඇන්.පී. ආණ්ඩුවට එක්වී ඇමැති ධුරයක් ගත්තේ එහෙමය. ඕනෑ නම් අනුරට ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයේ සිටියදීම පාර්ලිමේන්තු ගොස් තමන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ නැතැයි කියා අධිකරණයේ වාද කර කර ඉන්න ඉඩ තිබිණි. එහෙත් ඔහු එසේ කළේ නැත. අනුර 1989 මහ මැතිවරණයේදී ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියට දෙවැනිව වැඩිම මනාප ලබපු ශ්‍රීලනිප අපේක්ෂකයාය. ඒත් ඔහු ඒ ඡන්ද හිමි වූයේ පක්ෂයට කියා ශ්‍රීලනිප මන්ත්‍රී ධුරය දන්දී යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේය. අනුරත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශාල පිරිසක් යූ.ඇන්.පී.යට ගිය අතර, ඔවුන් ගියේ විජේතුංග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඔවුන් කලින් නොගියේ මන්ත්‍රී ධුර අහිමි වේය යන බයටය.

මේ බය මන්ත්‍රීවරුන්ගේ මනසට ඇතුළු කළේ ජේ.ආර්. ව්‍යවස්ථාවෙන්ය. මේ බය නැති කළේ 1994 ජනාධිපති වූ චන්ද්‍රිකාය. චන්ද්‍රිකාට පාර්ලිමේන්තුවේ තිබුණේ විපක්ෂයට වඩා වැඩි එක් මන්ත්‍රී ධුරයකි. ඇයට ප්‍රධාන විපක්ෂය වූ යූ.ඇන්.පී.ය කඩා මන්ත්‍රීවරු ගෙන බහුතරය හදාගන්න ඕනෑ විය. ඇය යූ.ඇන්.පී.ය කෑලි කෑලිවලට කඩා මන්ත්‍රීවරු ආණ්ඩුවට ගෙන මැති ඇමැතිකම් දෙනු ලැබීය. ඇය පත්කළ අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ විනිසුරුවන් මන්ත්‍රීවරුන්ට පැති මාරුකළ නොහැකි වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තියත්, පැති මාරුකළ ලලිත්ට, ගාමිණීට, ප්‍රේමචන්ද්‍රට එරෙහිව අධිකරණය දුන්න තීන්දුවත් පිළිබඳ විවිධ අර්ථ නිරූපණ දෙමින් මන්ත්‍රීවරුන්ට පනින්න ඉනිමං බැන්දේය. චන්ද්‍රිකා පටන්ගත් ඒ පනින රිළවුන්ට ඉනිමං බඳින රැල්ල මහින්ද ජනාධිපති වී වේගවත් කළේය.

‘මගේ සාක්කුවේ අලි පැටව් ඉන්නවා. මගේ සැලුන් දොර ඇරලා තියෙන්නේ…’

මහින්ද මෙලෙස කියමින් මන්ත්‍රීවරු බාගැනීම මහා ලොකු හපන්කමක් කළේය. මහින්ද එජාපයේ 17ක් එකවර ආණ්ඩුවට ගත්තේය. 2015 මහින්දගේ පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල ඇතුළු පිරිසක් විපක්ෂයට ගියේ සැලුන් දොර ගැන කී මහින්ද ලැජ්ජාවට පත්කරමිනි. ඉන් පසු මෛත්‍රී-රනිල් ආණ්ඩුව සැලුන් දොරක් ඇරියේය. මහින්දගේ මන්ත්‍රීවරු කඩා බිඳගෙන ආණ්ඩුවට එක්වූහ. ගෝඨාභය ජනාධිපති වී අලුත් සැලුන් දොරක් ඇරියේය. 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමයේ තටු කපා ස්වාධීන කොමිෂන් සභා ඇතිකරන්න සැලුන් දොරක් ඇරියේය. 2019 ගෝඨාභය ජනාධිපති වී යළිත් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කොට කොමිෂන් සභාවල තටු කපන්න සැලුන් දොරක් ඇරියේය. එම සංශෝධනය නොවන්න ගෝඨාභය මෝඩකම් කරන්නේත් නැත. බැසිල් මුදල් ඇමැති වන්නේත් නැත. රට බංකොලොත් වන්නේත් නැත.

අද ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් විකෘතියකි. පොදුජන පෙරමුණ 2019 ජන වරමක් ඉල්ලුවේ රනිල්ව පරද්දන්නටය. අද එහෙව් පොදුජන පෙරමුණ රනිල්ව ජනාධිපති කොට ඇත. ඔහුව ජනාධිපති කළේ පොදුජන පෙරමුණු පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් නොවේ. රනිල් පොදුජන පෙරමුණේ අගමැති ධුරය හෝ ජනාධිපති ධුරය භාරගත්තේ එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් නොවේ. යූ.ඇන්.පී.ය 2020 එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගත්තේත් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණට එරෙහිවය. රනිල් ජනාධිපති වූ දින සිට අලුත් සැලුන් දොරක් පටන් ගත්තේය.

‘සමගි ජන බලවේගයේ 40ක් එනවා…’

‘සමගි ජන බලවේගයේ 20ක් එනවා…’

‘පොදුජන පෙරමුණ කඩාගෙන 40ක් එනවා…’

මේ, අලුත් සැලුන් දොර දමමින් රනිල්ගේ ආණ්ඩුව කී කතාවය. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ්ට තීන්දුවක් දෙමින් ඒ සැලුන් දොර වැහුවේය. මේ සැලුන් දොර ඇරලා තිබෙන තෙක් මේ රටේ වැඩක් වුණේ නැත.

‘හෙට කවුද පනින්නේ…?’

‘අනිද්දා කවුද පනින්නේ…?’

මිනිස්සු මේ රිළා නැටුම දිහා බලා හිටියේ චන්ද්‍රිකාගේ කාලයේ සිටය. මේ රිළා නැටුම අවසන් කරන්න කාලය එළඹ තිබේ. මන්ත්‍රීවරයෙක් රට වෙනුවෙන් ආණ්ඩුවට එක්වන්නේ නම් ඒ ආණ්ඩුවට එරෙහිව ගත් පාර්ලිමේන්තු ආසනය ඔහුට හෝ ඇයට ඡන්දය දුන් ජනතාවට දී ආණ්ඩුවේ මන්ත්‍රී ධුරය හිස් කොට පාර්ලිමේන්තුවට එන අනුරගේ මහත්මා දේශපාලනය යළි ආරම්භ කළ යුතුය.

‘උතුමාණෙනි, මේ විකෘතිය අවසන් කරන්න…’

ජනතාව අලුත්කඩේ දිහා බලාගෙන යාදිනි යදින්නේ එලෙසය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තුවාල වුණොත් බෙහෙත් කරන්න රෝහල සූදානම්ව තියන්න! ජපුර සිසුන්ගේ උද්ඝෝෂණයට කලින් නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් ගිහින්! පොලිසිය දැන් එන්නේම සිසුන්ට තුවාල වෙන්නම ගහන්න බලාගෙන! විපක්ෂනායකගෙන් පාර්ලිමේන්තුවට විශේෂ අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මදුරන්කුලිය ATM එකේ රුපියල් කෝටියේ හොරකම! හොලිවුඩ් ෆිල්ම් බලලා තිතට සැලසුම් කරලා ඇතුළෙන්ම ගහපු සුපිරි ගේම! ‌දවස් 10ක් ඇතුළත හොරු අල්ලන්න පොලිසිය කරපු ‘ෂර්ලොක් හෝම්ස්’ මෙහෙයුම! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.