• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මදුරන්කුලිය ATM එකේ රුපියල් කෝටියේ හොරකම! හොලිවුඩ් ෆිල්ම් බලලා තිතට සැලසුම් කරලා ඇතුළෙන්ම ගහපු සුපිරි ගේම! ‌දවස් 10ක් ඇතුළත හොරු අල්ලන්න පොලිසිය කරපු ‘ෂර්ලොක් හෝම්ස්’ මෙහෙයුම! I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ATM මැෂින් එක අලුත්වැඩියා කරන්න වගේ ඇවිත් සල්ලි ටික අරගෙන පැනලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රමුඛ පුද්ගලික බැංකුවකට අයත් මදුරන්කුලිය 10 කණුවේ පිහිටි ඉන්ධන පිරවුම්හලට යාබදව ඇති ටෙලර් යන්ත්‍රය හොරු බිඳ රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීම සිදු වන්නේ පසුගිය 07 වෙනිදා රාත්‍රී කාලයේදීය.Sri Lanka Latest News

මෙම සොරකම විසඳීම පොලිසියට ගෙන දුන්නේ සැබවින්ම අභියෝගයකි. එම අභියෝගය බාර ගත්තේ මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ සහ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දින 10ක් වැනි කෙටි කාලයක් තුළදීය. ඒ සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 93කට ආසන්න මුදලක් ද සොයා ගනිමිනි.

මෙම ටෙලර් යන්ත්‍රය ස්ථාපිතකර ඇති මදුරන්කුලිය 10 කණුව ඉන්ධන පිරවුම් හල ඇත්තේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයට යාබදවය. මදුරන්කුලිය පොලිස් ස්ථානයේ සිට මෙතැනට ඇති දුර කිලෝමීටර් තුනහමාරක්වත් නැති තරම්ය. මෙම ටෙලර් යන්ත්‍රය මුදල් ආපසු ගැනීමේ මෙන්ම මුදල් තැන්පතු කිරීමේ පහසුකම්වලින් ද සමන්විත සී. ඩී. එම්. වර්ගයේ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය හොරු බිඳ ඇතැයි මිරිහානේ පිහිටි මදුරන්කුලිය පොලිසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංශය මඟින් පණිවුඩයක් ලැබෙන්නේ 07 වෙනිදා රාත්‍රී 11.32ට පමණය. එම ඇමතුම ලද සැණින් එතැනට යන්නේ පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් එම ඇමතුම ලැබී විනාඩි 03ක් ඇතුළත ඔහු සිටියේ ඉන්ධන පිරවුම්හල තුළය. මෙම ඉන්ධන පිරවුම්හල පැය 24 පුරාම ක්‍රියාත්මක වන එකක් වූ බැවින් ඒ වන විට පොම්පකරුවන් දෙදෙනෙක්ද එහි සේවයේ නිරතව සිටියේය.

“ දැන් ටිකකට කලින් ඒ.ටී.එම්. මැෂින් එකට කවුරු හරි ඇවිත් ගියාද?“ පොලිස් ස්ථානාධිපතිවරයා ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවකුගෙන් විමසුවේය.

“සර් ටිකකට කලින් දෙන්නෙක් ඇවිත් මැෂින් එක කැඩිල කියල හදල ගියා “ යැයි එහිදී පොම්පකරු කීවේය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා නැවත වරක් ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියට ගොස් ඇතුළත මෙන්ම එහි පිටතත් හොඳින් පරීක්ෂා කර බැලුව ද සොර සතුරු උවදුරකට එය ලක්ව ඇති බවට කිසිදු සාක්ෂියක් දක්නට නොවීය. ඒ ගැන පොලිස් ස්ථානාධිපතිවරයා කල්පනා කරමින් සිටියදී ඔහුගේ රාජකාරි ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන්නේ අදාළ ටෙලර් යන්ත්‍රය හිමි බැංකුවේ මූලස්ථානයෙනි.

“මැෂින් එකට කිසිම හානියක් වෙලා නැහැ. කඩපු පාරක්වත් නැහැ.” පොලිස් ස්ථානාධිපතිවරයා එම ඇමතුම ලබාදුන් පුද්ගලයාට කීවේ සොරකමක ලක්ෂණයක් බැලූ බැල්මට පෙනෙන්නට නොවූ නිසාය.

“ඒ වුණාට අපේ සිස්ටම් එකේ පෙන්නනවා ඔය මැෂින් එකේ ලොකු සල්ලි අඩුවීමක්.“ යැයි එහිදී එම ඇමතුම ලබා දුන් පුද්ගලයා කීවේය. ඔහු එම බැංකුවේ වගකිව යුතු නිලධාරියෙක් ද විය.

“ මැෂින් එක තියෙන කොටසට දෙන්නෙක් පිටිපස්සෙ දොරින් ඇතුළු වෙලා තියෙනවා. ඒ ඇවිල්ල කැමරාවට ස්ප්‍රේ එකක් ගහලයි සල්ලි අරගෙන ගිහින් තියෙන්නේ” යැයි ඇමතුම දුන් පුද්ගලයා තවදුරටත් කියන්නට විය.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ටෙලර් යන්ත්‍රය හොරු බිඳ ඇති බවට තොරතුරක් බැංකුව පැත්තෙන් ලැබෙන්නේ ආරක්ෂක කැමරාවල එම අමුත්තන් දෙදෙනාව සටහන් වීමත් සමඟිනි. ඒ පැය 24 පුරාම අදාළ බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතිය එහි ආරක්ෂක අංශයේ නිරීක්ෂකයන්ට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ටෙලර් යන්ත්‍රයේ දෝෂයක් ඇතැයි කියමින් එය යථාවත් කිරීමට යැයි කියා දෙදෙනෙක් පැමිණි බව ඒ වන විටත් පොලිස් ස්ථානාධිපතිවරයා පොම්පකරුවකුගෙන් ප්‍රශ්න කර දැන සිටි බැවින් “ ඔයාලගේ මැෂින් එකේ පිටිපස්සේ දොර ලොක් කරලයි තියෙන්නේ. ඒ නිසා අපිට පිටිපස්සෙන් මැෂින් එක කඩල ද කියල පරීක්ෂා කරන්න විදිහක් නැහැ. ඒ නිසා අපිට මැෂින් එක පිටිපස්සෙන් පරීක්ෂා කරන්න නම් ලොක් එක අරින්න ඕනේ.” යැයි බැංකු නිලධාරියාට කීවේය.

“ යතුරු තියෙන්නේ අපේ මැෂින්වලට කෑෂ් ලෝඩ් කරන සිකියුරිටි කම්පැනියේ. අනුරාධපුරෙන් තමයි මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ. අපි දැන්මම එහෙට දැනුම් දෙන්නම්. පැය දෙක තුනක් යයි, කට්ටිය යතුරු අරගෙන ඔතනට එනකොට ” යැයි කියා බැංකු මූලස්ථානයෙන් ඇමතුම දුන් එම නිලධාරියා කීවේය.

අනුරාධපුරයේ සිට යතුරු රැගෙන එන තුරු ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව ඇති දර්ශන පරීක්ෂා කළ පොලිස් ස්ථානාධිපති දුටුවේ යතුරු පැදි හිස් ආවරණ හා ජැකට් පැලඳි දෙදෙනෙක් ඉන්ධන පිරවුම් හල මැදින් ගමන් කරන අයුරු ඉතා පැහැදිලිවම එහි සටහන්ව තිබූ බවකි. පොම්පකරු සමඟ කතාබහක නිරත වන්නේ ඒ එක් අයෙකි. පුරුදුකාරයන් මෙන් ඔවුන් දෙදෙනා කෙළින්ම යන්නේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියේ පසුපස කොටස වෙතය. එහි දොර විවෘත කරගෙන ඇතුළට යන ඔවුන් මඳ වේලාවකට පසු එළියට අවේය. අනතුරුව එක් අයෙක් ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියට ඉදිරිපසින් ඇතුළු වී පරීක්ෂා කර බලා පිටත්ව යන්නේ නැවතත් පොම්පකරුට යමක් පවසමිනි. ඔහු ඒ කීවේ කුමක්දැයි පොම්පකරුගෙන් විමසන්නටද ස්ථානාධිපතිවරයා අමතක නොකළේය. “ මැෂින් එක දැන් වැඩ, එහෙනම් මල්ලි අපි යන්නම් ” යැයි කියූ බව පොම්පකරු එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේය.

අනුරාධපුරයේ සිට ආරක්ෂක සමාගමේ නිලධාරීන් ටෙලර් යන්ත්‍රයේ යතුරු රැගෙන 10 කණුව ඉන්ධන පිරවුම් හලට එන්නේ 08 වෙනිදා අලුයම් කාලයේදීය. ආරක්ෂක නිලධාරීන් එන්නේ වෑන් රථයකිනි. සිවු දෙනෙක් ඒ අතර සිටියහ. ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියේ දොර ඔවුන් ලවා විවර කරගත් පොලිස් ස්ථානාධිපතිවරයා එය පරීක්ෂා කළ ද පිටුපස කොටසේ ද සොරකමක කිසිදු සලකුණක් නොවීය. අඩුම තරමින් යන්ත්‍රයේ සීරීම් ලකුණක්වත් දක්නට නොවීය.

“අපිට මේ මැෂින් එක ඇරල බලන්න බැරිද?“ ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ අනුරාධපුරයේ සිට පැමිණි බැංකු ආරක්ෂකයන්ගෙන් විමසුවේය.

ඔවුන් පාලක මැදිරියට කතා කර එහිදී ලද උපදෙස්වලට අනුව රහස් අංකයක් සටහන් කරමින් ටෙලර් යන්ත්‍රයේ පිටුපස කොටස විවෘත කරනු ලැබීය. යන්ත්‍රයට මුදල් ඇතුළත් කරනු ලබන්නේ එම කොටසිනි. එහි ඇත්තේ කුඩා කුටීර රැසකි. මුදල් තැන්පත් කර ඇති කුටීර විවෘත කිරීමේදී පෙනී යන්නට වූයේ රුපියල් 1000 සහ රුපියල් 5000 ප්‍රමාණයේ මුදල් තැන්පත් කර ඇති කුටි සියල්ල හිස්ව ඇති බවය. රුපියල් 100 සහ රුපියල් 500 කුටිවල නෝට්ටුවල කිසිදු අඩුවක් නම් නොවීය. අදාළ බැංකු බලධාරීන් සමඟ කළ අදහස් හුවමාරුවේදී සහ එම ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියේ ඇති ආරක්ෂක කැමරාවේ සටහන් ව ඇති දර්ශන නිරීක්ෂණයේදී ගාමිණි වික්‍රමසිංහට පෙනී යන්නට වූයේ ටෙලර් යන්ත්‍ර ගැන හොඳින් දන්නා කියන දෙදෙනෙක් විසින් මෙම ගේම ගසා ඇති බවය. බැංකුව පැත්තෙන් පොලිසියට කියන්නට වූයේ රුපියල් 10,549,000ක මුදලක් ටෙලර් යන්ත්‍රයෙන් සොරාගෙන ගොස් ඇති බවය. ඒ තවත් මුදල් එහි තිබියදීය. මේ ගේම ගසා තිබුණේ විනාඩි 07ක් වැනි කෙටි කාලයත් තුළදී බවද ආරක්ෂක කැමරා නිරීක්ෂණයේදී පෙනී යන්නට විය. ටෙලර් යන්ත්‍ර විවෘත කර මුදල්ද රැගෙන නැවත ඒ තිබුණු විදිහටම වසා තිබූ ආකාරයත්, සැකයක් නොමැති ආකාරයට ඔවුන් හැසිරී තිබීමත් හේතුවෙන් පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ එතැන් සිට තදින්ම විශ්වාස කරන්නට වූයේ මේ ගේම ඇතුළේම වැඩක් බවය.

ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි අය ලෙස මෙම සොරුන් දෙදෙනා ඉන්ධන පිරවුම්හල තුළට පැමිණියත් සියුම් ලෙස ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවේදී පෙනී යන්නට වූයේ ඔවුන් ආරක්ෂක හිස් වැසුම් පැලඳ ජැක්ට් හැඳ ආවත් පැමිණි යතුරුපැදියක් සොයා ගන්නට නැති බවය. ඔවුන් ඉන්ධන පිරවුම්හල වෙත එන්නේත් කෝටියකට වැඩි මුදලක් ටෙලර් යන්ත්‍රය බිඳ සොරාගෙන පිටව යන්නේත් පා ගමනින් බව නිරීක්ෂණය වූයේය.

පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ මෙහිදී සිය අවධානය පුළුල්ව යොමු කරනු ලබන්නේ ටෙලර් යන්ත්‍රය බිඳ කෝටියක අධික මුදලක් රැගෙන පිටව ගිය පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මඟ වෙතය. එහිදී පෙනී යන්නේ ඔවුන් යතුරුපැදි හිස් වැසුම් පැලඳගෙන පාගමනින් පුත්තලම දෙසට අඳුරේම ගමන් කරන බවකි. ඉන්ධන පිරවුම්හලේ සිට මීටර් 100ක් පමණ දුරක් පුත්තලම දෙසට ගිය තැන ඇත්තේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සලකි. එම ගොඩනැගිලි අලෙවිසල ඉදිරිපිට ඇත්තේ පෙට්ටි කඩයකි. එය රාත්‍රී කාලයට විවෘත කර තැබෙන තේ කඩයකි. ගාමිණි වික්‍රමසිංහ සිය නිලධාරීන්ද සමඟ එම පෙට්ටි කඩය වෙත ගොස් එහි හිමිකරු මුණගැසී පොඩි කයියක් ගසන්නේ රාත්‍රී කාලයට එම මාර්ගයේ ගමන් ගන්නා බොහෝ අය ඔහුගේ නිරීක්ෂණයට නිරන්තරයෙන් ලක් වන බැවිනි.

“අංකල්, පාන්දර ජාමේ ජැකට් හෙල්මට් දාගත්තු කොල්ලො දෙන්නෙක් එහෙම මේ පැත්තෙන් යනවා එහෙම දැක්කේ නැද්ද?” යැයි ඒ අතර විමසුවේය.

“ යක්කු ගස් නගින වෙලවේ නම් කොල්ලෝ දෙන්නෙක් සර් හෙල්මට් ජැකට් දාගෙන ඇවිද ගෙන ඇවිත් මගෙන් ඇහුවා යාපනේට යන බස් මේ හරියේ නවත්වනවද කියල. මම ඒ වෙලාවේ ඒ උන් දෙන්නට කිව්වා ඔය විදිහට හෙල්මට් දාගෙන හිටියොත් නම් බස් නවත්වන්නේ නැහැ කියල. බයික් එක කෝ කියලත් මම එයාලගෙන් ඇහුවා, හෙල්මට් දාගෙන හිටපු නිසා. ඒ වෙලාවේ ඒ අය කිවුවා බයිසිකලේ කැඩිලා ෂෙඩ් එකේ දාල යන ගමන් කියල. “ යැයි එම පෙට්ටි කඩකරු පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.

උදෑසනම පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් පෙට්ටිකඩය අසල ඇති ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයට යවන්නේ එහි ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරන්නටය. ඉන්ධන පිරවුම්හලේ ඇති ටෙලර් යන්ත්‍රයට වැඩේ දුන් දෙදෙනා එම කැමරාවලට ද හසුවී තිබුණ ද ඔවුන් පලායන මඟක් පැහැදිලිවම එම කැමරා කාචවල ද සටහන් නොවීය. එහෙත් පසුව කළ විමර්ශනවලින් අනාවරණය වන්නේ වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වන සුඛෝපභෝගී මගී බස් රථයක නැඟී ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇති බවය.

මේ තත්ත්වය මත පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහට නැවතත් ඉන්ධන පිරවුම්හලේ ඇති ආරක්ෂක කැමරා දර්ශන සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නට වූයේ ඔවුන් දෙදෙනා ඉන්ධන පිරවුම්හල දෙසට පැමිණෙනුයේ මගී බස් රථයක් ඉන්ධන පිරවුම් හල අසලින් ගමන් කරනවාත් සමඟ බවය. එම බස් රථය ගමන් කරන්නට වූයේ කොළඹ දෙසටය.

මෙහිදී ගාමිණි වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් අනුමාන කරන්නට වූයේ ටෙලර් යන්ත්‍රයට වැඩේ දුන් දෙදෙනා පැමිණෙන්නට ඇත්තේ එම බස් රථයේ නැඟී විය හැකි බවටය. එම වේලාව තුළ මෙම මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරනු ලැබූ බස් රථය හඳුනා ගැනීමට කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ එම රථය යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් බවකි. එදා රෑ අනුරාධපුර බස් නැවතුම් පොළින් කළු ජැකට් හැඳගත් හෙල්මට් දෙකක් අතින් ගත් තරුණයන් දෙදෙනෙක් බස් රථයට ගොඩවූ බවක් බස් රථයේ රියැදුරුගේ මතකයේ හොඳින්ම සටහන්ව තිබුණේය.

එම තරුණයන් දෙදෙනා මදුරන්කුලියෙන් බස් රථයෙන් බැසගත් බව ද යාන්තමට මෙන් මතකයක් රියදුරුට තිබුණේය. ඒ හැරුණු කොට කොන්දොස්තරට පොඩි මතකයක්වත් ඒ ගැන නොවීය. මෙම විමර්ශනයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ ලංගම රියැදුරු විසින් ලබාදුන් මෙම තොරතුරය. ටෙලර් යන්ත්‍රයේ මුදල් සොරා ගැනීමෙන් පසු සැකකරුවන් දෙදෙනා පලායන්නේ ද යාපනය බලා යන මගී බස් රථයක නැඟීය. ඒ අනුව පැහැදිලි වන්නේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන මෙම සොරකම සිදුව ඇති බවය.

මෙහිදී මදුරන්කුලිය පොලිස් වසම භාර සහකාර පොලිස් අධිකාරී ජේ. එම්. ජී. එස්. ප්‍රියන්ත සිය ඉහළ නිලධාරීන් වන පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රූපසිංහ යන නිලධාරීන් සමඟ යම් කතාබහක නිරත වී තීරණයක් ගනු ලබන්නේ ටෙලර් යන්ත්‍රයෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර පැත්තේ සිදු කළ යුතු විමර්ශන කටයුතු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදීම වඩාත් සුදුසු බවය. සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත මෙහිදී දුරදිග බලා සැලසුම් කරනු ලබන්නේ කණ්ඩායම් දෙකක් ලෙස විමර්ශන පැවැත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල වේගවත්ව අත්පත්කර ගැනීමටය.

ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් විමර්ශන අරඹන්නේ අනුරාධපුර බස් නැවතුම්පොළිනි. අනුරාධපුරයෙන් බස් රථයට ගොඩවන්නට ඔවුන් පැමිණි ඉසව්ව හඳුනා ගැනීමේ මෙහෙයුම අරඹන්නේ අනුරාධපුරයේ ආරක්ෂක කැමරා දර්ශනවල සිටි පුද්ගලයන් දෙදෙනාත් මදුරන්කුලිය 10 කණුවේ ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂක කැමරාවේ සටහන් ව සිටි දෙදෙනාත් එකම අය බව තහවුරු කර ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරක්ෂක කැමරා විසි තිස් ගාණක්ම පරීක්ෂා කිරීමට චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන්ට සිදු වූවත් ඒ හැම කැමරාවකම සටහන් වූ රූප රාමු බොඳ වූ අපහැදිලි ඒවාය. එහෙත් අවසානයේදී අනුරාධපුර නගරයේම යම් ප්‍රදේශයක් චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් විසින් හඳුනා ගනු ලබන්නේ ඔවුන් දෙදෙනා එදා රෑ බස් රථයට ගොඩවීමට පැමිණ ඇත්තේ එම ප්‍රදේශයේ යම් ස්ථානයක සිට බවටය. ඒ අනුව විවිධ වෙස්ගත් පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි ජීවත් වන්නන් ගැන තොරතුරු සොයන්නට ගත්තේ ඉදිරි විමර්ශන සඳහා එය ඉවහල් වනු ඇතැයි අනුමාන කරමිනි. ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍ර අලුත්වැඩියා කරන ආරක්ෂක සමාගමේ අනුරාධපුර කාර්යාලයේ සේවකයන් නවාතැන් ගන්නා බෝඩිම ඇත්තේ ද එම සීමාවේම බව පෙනී යන්නේ එහිදීය.

මේ අතර චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් අනුරාධපුරයේ පිහිටි අදාළ ආරක්ෂක සමාගමේ ප්‍රධානීන් මුණගැසෙමින් ප්‍රකාශ ලබාගන්නට ද අමතක නොකළේය. එවිට අහඹු ලෙස අනාවරණය වන්නේ එදා සොරකම සිදුවූ දින මෙම කාර්යාලයේ සේවයේ නිරත වගකිව යුතු සේවකයෙකුගේ ජංගම දුරකතනයක් ක්‍රියා විරහිතව තිබුණු බවය. එම සේවකයා දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම අසාමාන්‍ය බව එහි සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේය. ඔහු ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම හා සම්බන්ධ සහායකයෙකි. තාරක දර්ශන සමරවික්‍රම නමැති එම සේවකයා 27 හැවිරිදි වියේ පසු වූවෙකි. එම සේවකයා ගැන ආවේක්ෂණයෙන් සිටි චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ ආරක්ෂක කැමරා දර්ශනවලින් ලබාගත් ඡායාරූප විශ්ලේෂණය කිරීමකින් ද අනතුරුවය. ඒ තාරකගේ ගමන් විලාසය හැසිරීම ආදිය පවා සැලකිල්ලට ගෙනය.

“සර්, ඇත්ත කියන්නම්.”

අත්අඩංගුවට ගත් සැණින් තාරක හැමදෙයක්ම වමාරන්නට ගත්තේ ය.

එදා ටෙලර් යන්ත්‍රය ඇතුළට රිංගා අගුල් විවර කර මුදල් සොරා ගන්නේ තාරකය. ඉන්ධන පිරවුම් හල් සේවකයා සමඟ කදේ දමන්නේ ඔහුගේ සහායකයාය. එම තැනැත්තා වාහන අලුත්වැඩියා සිදු කරන ගරාජයක සේවයේ නිරත විදුලි කාර්මිකයෙකි. තිසර ගයාශාන් නමැති ඔහු 35 හැවිරිදි වියේ පසුවන්නෙකි. තිසර සේවය කළේ අනුරාධපුරයේ පිහිටි ආරක්ෂක සමාගම් කාර්යාලය ඉදිරිපිට ඇති ගරාජයේය. තිසර රැකියාව කළේ අනුරාධපුර ගරාජයක වූවත් ඔහු ජීවත් වූයේ කටුගස්තොටය. එදා ඔවුන් දෙදෙනා අනුරාධපුරයේ සිට මගී බස් රථයක නැඟී පැමිණ මෙම සොරකම සිදු කර නැවතත් යන්නේ අනුරාධපුරයටමය. ඒ මගී බස් රථයේ නැඟීය. 08 වෙනිදා උදෑසන එම මුදල් ද රැගෙන තිසර යන්නේ කටුගස්තොට පිහිටි සිය නිවෙසටය. ඒ තාරකට රුපියල් ලක්ෂයක මිටියක් අත තබාය. කටුගස්තොට නිවෙසේ අල්මාරියක ඉතිරි මුදල් ටික තිසර සඟවා තබන්නේ ඇඳුම් අතරය. ඒ ඔහුත් වියදමට රුපියල් ලක්ෂයක් තබාගෙනය. තිසරගේ තොරතුරු මත චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් කටුගස්තොට නිවෙසට ගොස් අල්මාරිය තුළ සඟවා තිබුණු එම මුදල් තොගය සොයා ගන්නා විට තිසරගේ බිරිය ඇතුළු පවුලේ උදවිය ඒ දෙස බලා සිට ඇත්තේ තුෂ්නීම්භූතවය. ඒ ඔවුන්ද එතරම් මුදලක් නිවෙසේ අල්මාරියේ ඇති බව දැන නොසිටි බැවිනි.

එහි වූයේ රුපියල් 9,277,000කි. තාරකත් තිසරත් කියන්නට වූයේ ටෙලර් යන්ත්‍රයෙන් සොරාගත් මුදලින් තමන් වැය කරනු ලැබුවේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් බවය. එම මුදල හැරුණු කොට සොරාගත් එම මුදල්වලින් සත පහක් කිසිදේකට වැය නොකළ බව ඔවුන් පවසන්නේ පළෛාවේ අත ගසා දිවුරමිනි. එහෙත් බැංකුව පාර්ශ්වයෙන් ගණනය කර පොලිසියට කර ඇති දැනුම්දීමට අනුව ටෙලර් යන්ත්‍ර­‍ෙයන් සොරාගෙන ඇති මුදල රුපියල් 10,549,000කි. ඒ ගැන වැඩි යමක් සොයන්නට පොලිසිය වැඩි වෙහෙසක් ගත්තේ නැත. මෙම සොරකම පිටුපස සිටින මහ මොළය කවුරුන්දැයි කියා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත්තේය. චතුර ගයාන් හේරත් නමැති ඔහු 32 හැවිරිදි වියේ පසුවූවෙකි. මේ පුද්ගලයා අනුරාධපුරයේම පදිංචිකරුවෙකි. මෙම ආරක්ෂක සමාගමේ ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් සිටි මෙම පුද්ගලයාගේ බිරිය ඒ පැත්තේ ප්‍රාදේශීය සභාවක හිටපු මන්ත්‍රීවරියකි. මෙම ටෙලර් යන්ත්‍ර සොරකම සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් කෙරෙන විමර්ශන සඳහා සහය දැක්වීමට ටෙලර් යන්ත්‍රයේ මුදල් තැන්පත් කරන ආරක්ෂක සමාගම පාර්ශ්වයෙන් 08 වෙනිදා දහවල් අනුරාධපුරයේ සිට මදුරන්කුලියට එන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ද චතුරය. ඔහු ඒ එන්නේ සොරාගත් මුදල් ප්‍රමාණය පිළිබද යම් නිශ්චිත ගණනය කිරීමකටය.

මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙම සොරකම මුළුමනින්ම ඔහුගේ සැලසුමකි. ඔහු සොරකම සැලසුම්කර ඇත්තේ මාස තුනක් තිස්සේය. මුලින්ම ඔහු චතුර අතට පත්කරනු ලබන්නේ 10 කණුව ඉන්ධන පිරවුම්හලේ ඇති ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියේ පිටුපස දොරේ අගුලේ යතුරය. යතුරු කපන්නකුට එම යතුර ලබා දී හොර යතුරක් සකස් කර ගන්නේ තාරකය. එදා සොරකම සිදු කරන්නට දොරගුළු විවර කර ගන්නේ එම හොර යතුරෙනි. ඒ අතර ටෙලර් යන්ත්‍ර ඇතුළත මුදල් තැන්පත් කර ඇති කුටීර විවෘත කරන විශේෂ යතුර ද තාරක අතට පත්කරමින් එහිද හොර යතුරක් සකස් කරන ලෙස චතුර දැනුම් දී ඇත්තේ මාස තුනකට පෙරය. එම යතුර සාමාන්‍ය යතුරු කපන්නන්ට කැපිය නොහැකි යතුරක් වූවත් තාරක එම යතුරත් හොරට කපා තිබුණේ දන්නා කියන තැනකට දෙමිනි. ටෙලර් යන්ත්‍රයේ කුටීර විවෘත කරනු ලබන්නේ එම හොර යතුරෙනි. ටෙලර් යන්ත්‍රය විවෘත කිරීමට රහස් අංකය පවා තාරක අතට පත්කර ඇත්තේ චතුරය. ඒ එම රහස් අංක ඇත්තේ චතුර සතුව වූ බැවිනි.

චතුර ලබාදුන් උපදෙස්වලට අනුව හැමදෙයක්ම අකුරටම කළ ඔවුන් දෙදෙනා හිස් වැසුම් ජැකට් මෙන්ම ටෙලර් යන්ත්‍රයේ ආරක්ෂක කැමරා දර්ශන නොපෙනෙන ලෙස තීන්ත ස්පේ කරන ලද ටින් එක ද අනුරාධපුරයටම රැගෙන විත් විසි කරනු ලබන්නේ ඔවුන් රැඳී සිටි බෝඩිමේ වහලය මතය. ඒ හැමදෙයක්ම අඩුවක් නොමැතිව වහලය මත තිබී චන්ද්‍රසිරිලාල් ඇතුළු නිලධාරීන් සොයා ගත්තේය.

චතුර මේ ගේම ගසන්නේ 10 කණුව ඉන්ධන පිරවුම්හලේ පිහිටි ටෙලර් යන්ත්‍රයෙන් මේ වැඩේ අවසන් කිරීමේ අපේක්ෂාව ඇතිව පමණක් නොවීය. ඔහු මුදල් වියදම් නොකර ටික දිනක් සඟවා තබන්නැයි කියා දැනුම් දෙන්නේ ද ඔවුන් අත එකවර මුදල් ගැවසෙන විට සැකයක් ඇතිවන්නට ඉඩ ඇති බැවිනි. හැමදෙයක්ම ඔහු සැලසුම් කරනු ලබන්නේ සාක්ෂියක් ඉතිරි නොවන ලෙසිනි. අඩුම තරමින් මෙම සොරකමට සම්බන්ධ වූ දෙදෙනාට ජංගම දුරකතන පවා භාවිත කිරීම මෙන්ම රැගෙන යාම ද ඔහු තහනම් කර තිබුණේය. එසේම 07 වෙනිදා රෑම මේ වැඩේට තෝරා ගන්නේ එදා ආරක්ෂක සමාගමේ ඉහළ නිලධාරීන්ගේ සාදයක් කොළඹ පැවති බැවිනි. ඒ තුළින් සිය සමාගමේ ආරක්ෂාවේ හිඩසක් ඇතිවනු ඇතැයි චතුර සිතුවේය. මේ හැමදෙයක් ගැනම සලකා බලා දක්ෂ ලෙස සැළසුම් කර මදුරන්කුලිය 10 කණුව ඉන්ධන පිරවුම්හලේ පිහිටි ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරාගනිමින් අපරාධ වාර්තා පොත් අලුත් කළ මෙම පිරිස දින 10ක් වැනි කෙටි කාලයත් තුළ සොරාගත් මුදලින් විශාල ප්‍රමාණයක්ද සමඟ කොටුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ දක්ෂ පොලිස් විමර්ශකයන් පිරිසකගේ කැපවීම හා වෙහෙස මහන්සිය නිසාය. -සිළුමිණ

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

විකෘතිය ප්‍රකෘති කරන්න උතුමාණෙනි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

දීපු සහන රැසක් කප්පාදු කරලා! රණවිරු සේවා අධිකාරියට ප්‍රතිපාදන දීලත් නෑ! ආණ්ඩුව අමතක කරලා තියෙන ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්න විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.