• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජැක්සන්ට සැතපෙන්න සාමදාන වෙමු I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive, Heart, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජැක්සන් ඇනතනී මියගියා. දැන් ඔහු නෑ. ඒත් ඔහුගෙ මතකය අපි අතර තියෙනවා. ඉඳහිට ඔහු ගී කියනවා අපිට පේනවා. ඔහු නටනවා අපිට පේනවා. ඔහු රඟපානවා අපිට පේනවා. ඔහු ඇතැම් විට සාකච්ඡාවලට සහභාගි වෙනවා. ඒවා තවමත් ඉතිරියි. ජැක්සන් ගඟ දිගේ ගිය කොටස් කීපයක් ආයෙමත් සමාජ මාධ්‍යවල ඉහළ නැරඹුම් අතරට එක්වෙලා. ඒ නිසා ඔහු මියගියත් අපිව සතුටු කරනවා.(Sri Lanka Latest News)

ජැක්සන් ඇන්තනීගේ චිත්‍ර කතා කීපයක් පහුගිය දිනවල කවුදෝ සමාජ මාධ්‍යවලට එක් කරලා තිබ්බා. ඒ නිසා මියගිය ජැක්සන් ජීවත් වෙලා ඉන්න කාලෙටත් වඩා මිනිස්සු අතර රැඳෙමින් ඉන්නා බව පේනවා.

ඒත්….,

‘ඇයි ඒත්…?’

ඔබ ඔහුට සාමදානයෙන් සැතපෙන්න දෙන කෙනෙක්ද? මේ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම අහන්න. ජැක්සන් නළුවෙක් බවත් ඇත්ත. ඔහු කලාකාරයෙක් බවත් ඇත්ත. ඔහු සමාජයෙ ප්‍රකට පුද්ගලයෙක් බවත් ඇත්ත. ඒත් ඇයි ඔබ ඔහු මනුස්සයෙක් වග නොහිතන්නෙ? ඔහු සතු මානව සබඳතාවල වපසරිය ඔබේත් මගේ සබඳතා තරම්ම බව නොහිතන්නෙ?

ඔහු ඒ දරුවන්ගෙ අප්පච්චි. එච්චරයි. ඒ ආදරය ඇතුළෙ ඔබෙත් මගෙත් නැති දාර්ශනික ප්‍රේමයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි? දරුවෙක්ට හෝ පවුලක ඕනෑම කෙනෙක්ට අපේ එකා එක මොහොතක් හෝ ජීවත් කරගැනීමේ වුවමනාව තියෙනවා. ඒක අතිශය ආසාධාරණ නෑ. ඔබ ඒ වෙනුවෙන් දාර්ශනික කවි ගී රචනා ලිව්වත් අපි එහෙමම තමයි. ඒවා සාමාන්‍ය මිනිස්සු සතු සහජ ලක්ෂණ. ඔවුන් කරන්නෙත් ඒක. ඒ වෙනුවෙන් ඔවුන් තමන් සතු සමාජ සබඳතා පාවිච්චි කරනවා. ඔබේ කෙනෙක් රෝහලක නතර වුණාම ඔබ කාටවත් කියන්නෙ නැද්ද? දන්න දොස්තරවරු නැත්නම් අඩුම තරමෙ හෙද කාර්ය මණ්ඩලයක කෙනෙක්, එහෙමත් නැත්නම් සුළු සේවකයෙක්වත් ඔබ හොයාගන්නෙ නැද්ද?

‘පොඩ්ඩක් බලන්න…’

කියන්නෙ නැද්ද? මම නං එහෙමයි. අපි අපේ වපසරිය ඇතුළෙ, අපිට පුළුවන් ශක්තියේ ප්‍රමාණයට අපේ සබඳතා පාවිච්චි කරනවා. ඔබ ඒකට එකඟ නම් ඒ කතාව ඉවරයි. එහෙම නැත්නම්, ඔබ එහෙම කරන්නෙ නැති කෙනෙක් නම්, කිසිම දෙයක් එහෙම කතාබහ කරලා කරගන්නෙ නැත්නම්, අඩු තරමෙ දන්සලක පෝලිමකින්වත් දන්න කෙනෙක් හරහා එගොඩ නොවුණා නම් ඔබ අතිවිශිෂ්ට මනුෂ්‍යයෙක්,
ඔබට පුළුවන් පළමු ගල ගහන්න.

ඒ වගේම මිනිසුන් දේශපාලනිකව මනින එක ඔබ කවද්ද නතර කරන්නෙ? ඔබේ පක්ෂයට ඔබේ පිලට නොවන කෙනෙක්ට උදව්වක් කළොත්, පෙනී හිටියොත් ඒ මිනිසුන්ගෙ මරණයට පවා අත්පුඩි ගහන සමාජයක් හැදුවෙ කවුද? ඔබද මමද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඒ වගේ ජඩ සමාජයක් නිර්මාණය කිරීමේ පාපකර්මයට හවුල්කාරයෙක් ඔබට මුණගැහුණොත් ඔබ තේරුම් ගන්න, ඊශ්‍රායලයට, පලස්තීනයට, ගාසා තීරයට, යාපනයට, අසූ අටට, හැත්තෑ එකට පාර කැපුවෙ ඔය වගේම තක්කඩි බව.

‘අලියට ඉක්මන් සුවය…’ කියලා දැම්ම එක හොඳයි. ඒත් ඒකෙ අර්ථය අතිශය අප්‍රසන්නයි. ඇත්තටම පාරෙ අධික වේගයෙන් ධාවනය කරලා, අලියෙක්ට ශාරීරික හානියක් කරන රියැදුරෙක්ට දඬුවමක් තියෙන්න ඕනෙ. ඒක අපරීක්ෂාකාරී රිය ධාවනයක් නම් ඒක විසඳන්න ඕනෙ නීතියෙන්.

ඒකට ක්‍රමයක් හදන්න ඕනෙ. සමහර විට දැනටමත් ඇති. ඒත් මිනිස්සු ජැක්සන්ට චෝදනා කළේ ඒ අර්ථයෙන් නෙමෙයි. ඔහුගෙ දේශපාලනයේ අර්ථයෙන්.
මේකෙ හාස්‍යජනකම කාරණාව වෙන එකක්.

අනුර කුමාරගෙ පින්තූර මුහුණු පොතේ උඩින් දාගත්ත සහෝදරයො ජැක්සන්ට කිසිදා සමාව නොදිය යුතු තර්කයක ඉන්නවා. ඒ, ඔහු මහින්ද රාජප්කෂ සමග යම් හාදකමක් පැවැත්වූ පවට වන්දි වශයෙන්. ඒත් ඔවුන්ට අමතක වෙනවා අනුර කුමාරලා මහින්දගෙ දෑත් ශක්තිමක් කරපු බව. චන්ද්‍රිකා සමග දේශපාලන යාළුකම් ගොඩනගාගෙන ඡන්දෙට ආ බව. කිසිවෙක් හෝ කිසිවක් සුජාත නෑ. මේ සියලුම කිල්ලෝටවල හුණු තියෙන බව නොදැන දේශපාලන දුදනො එක ගොඩකත් සුදනො එක ගොඩකත් කියලා වෙන් කරන්න හදනවා.

රනිල් අද ඉන්නෙ මහින්දලා එක්ක. සජිත් ඉන්නෙ එජාපෙන් එළියට බැහැලා. පිල්ලෙයාන්ට හමුදාවෙන් ලොකුම ආරක්ෂාව දුන්නා. මෛත්‍රීපාල යූ.ඇන්.පී.යත් එක්ක ඡන්දෙට ආවා. චන්ද්‍රිකාව නිදහස් පක්ෂයෙන් දොට්ට දැම්මා.

දේශපාලනය කියන්නෙ ඕකනෙ. අද යූ.ඇන්.පී. එකෙන් ඡන්දෙ ඉල්ලන එකා හෙට ශ්‍රී ලංකා එකෙන් දිවුරුම් දෙනවා. ශ්‍රී ලංකා එකෙන් ඇතුළට ඇවිත් යූ.ඇන්.පී.යට අත උස්සනවා. ඒ අස්සෙ ගම්වල උදවිය කැපුවත් නිල් කැපුවත් කොළ කැපුවත් රතු. ජැක්සන්ලව එල්ලන්න කලින් දේශපාලනය තේරුම් ගන්න. ඒ මිනිහට සමාදානයේ සැතපෙන්න දෙන්න. ඔබට ඔහු හදපු නිර්මාණවලට චෝදනාවක් තියෙනවා නම් කරන්න.
ඒත් ඒ නිර්මාණයට. එච්චරයි.

ජැක්සන්ගෙ පුතා අන්තිම මොහොතෙ ඇයි ඒවා කියවන්න ගියෙ. ඒක ඕනෙ නෑ කියලා ලියන මටත් හිතෙනවා. මට හිතෙන එක ඔහුට නොහිතෙන්න ඇති. දාස් ගානක් රිදුම් දෙන දේ කියන කොට මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ උන්ගෙ තාත්තා කියන තැනින් හිතන්න පුළුවන් නම් ඔබට උත්තරය ලැබෙයි. රජයෙ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත, රැග්වෙන එක ප්‍රතික්ෂේප නොකරපු, පුළුවන් වෙලාවට හොස්ටල් එකේ හිටපු, කැම්පස් එකේ හැම එකටම ආපු ගියපු, කැම්පස් ඩ්‍රාමාවල කොන්දේසි නැතිව රඟපාපු තාත්තගෙ නම නිසා පිම්බුණේ නැති කොල්ලෙක් තාත්තගෙ මරණයෙදී විතරක් විදග්ධ සම්භාව්‍ය ලක්ෂණ පෙන්නන්න ඕනෙද?

නෑ, මේ ඉන්නෙත් මිනිස්සු. සාමාන්‍ය මිනිසුන්ට හිතෙන හැම දේම මෙයාලටත් හිතෙනවා. එයාලටත් දැනෙනවා. පුළුවන් නම් රිදවන්නෙ නැතිව ඉමු. රිදෙන විදිය එකම බව ඉගෙන ගනිමු. ඔබට ඔබේ තාත්තට ඔබේ පවුලට තියෙන සබඳතාම ලෝකෙ ඉන්න හැමෝටම තියෙන බව සිහිතබා ගමු. කලාකරුවාගෙන් ඔබ බලාපොරොත්තු වෙන පරමාදර්ශයට ඔබ සතුව හේතුවක් තියෙනවද? ඔවුන්ට රටක් විදියට අපි මාසයට කීයක් ගෙවනවද? මොන මොන පර්මිට්ද දුන්නෙ? කලාකාරයො රටට ණයද? එහෙමත් නැත්නම් රට එයාලට ණයද?

මේවා බේරගන්න ඕනෙ උසාවිවල පොලිසිවල නෙවෙයි. මිනිස්සුන්ගෙ හදවත්වල. ඒ නිසා නිවෙමු. මරණයක් ළඟදී මිනිස්සු වගේ හැසිරෙමු. මේ කියන්නෙ හැමෝටම. ජැක්සන්ගෙ පවුලෙ අයටත් එක්කම. හැමෝම මැරෙන බව දැනගෙන ජීවත් වෙමු. කොහොම වුණත් ජැක්සන් කියන්නෙ කලාගාරයක් බව බොරු නළාකාරයන්ට තේරුම් කරමු. ටේ‍රන්ඩින් යන්න මොනවා හරි කුණුහරුපයක් දාන යූටියුබ් වීරයන්ව ප්‍රතික්ෂේප කරමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගැහුවා කියලා රෝද පුටුවෙන් හොස්පිට්ල් ඇඩ්මිට් වුණු ඩයනා පැය තුනෙන් ගෙදරත් ගිහින්! Sri Lanka Latest News

Next Post

ලංකාවේ ජනනි ඉන්දියාවේ සුපිරි සිනමා පටයක ප්‍රධාන චරිතයකට! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.