• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙංගාලි පුරාවිද්‍යාඥයකු ගෞතම බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සොයාගත් හැටි I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනය 1898 වසරේ ජනවාරි 23යි. බි්‍රතාන්‍ය ඉන්දියාවේ වයඹදිග දේශසීමා පළාතේ හා ඖධ්හි ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී සී.ඩබ්ලිව්. වුඩ්ලින් සහ ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්ගේ උපදෙස් පරිදි පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලක්නව් සිට නේපාලයේ තෙරයි කලාපය බලා පිටත්විය.(Sri Lanka Latest News)

එවකට මුඛර්ජී සේවය කළේ, වයඹදිග දේශසීමා පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේය. එය, ඔහු එම දෙපාර්තමේන්තුව තුළ ලද දෙවැනි පත්වීම විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ මුල් අවධියේදී මුඛර්ජී පුරාවිද්‍යාඥ ආචාර්ය ඒ. ෆියුරර්ගේ සහායකයා විය. ඔහුගේ ප්‍රධානියා සමග ඇතිකරගත් විරසකයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමි විය. කෙසේ වෙතත්, ඔහුගේ ‘සොයා ගැනීමක්’ පිළිබඳ ඉහළ නිලධාරීන් තුළ ඇති වූ බරපතළ සැකය නිසා ආචාර්ය ෆියුරර්ට ද රැකියාව අහිමි විය. අනතුරුව, එම ඊනියා සොයාගැනීමෙහි සත්‍යතාව තහවුරුකර නිවැරැදි තොරතුරු රැස්කිරීමේ වගකීම පූර්ණ චන්ද්‍ර මුඛර්ජී වෙත පැවරිණි.

ෆයිසාබාද්හි කොමසාරිස් වින්සන්ට් ස්මිත්, ගෞතම බුදුන් උපන් ඉපැරණි කපිලවස්තු පුරය සහ ලුම්බිණි උද්‍යානය පිහිටා ඇති නිශ්චිත ස්ථානය සොයාගැනීම මුඛර්ජීට පැවරීය.

මුඛර්ජී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව, ස්මිත් ලියූ හැඳින්වීමක් ද සමගින් 1901 වසරේදී ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.

මෙම ග්‍රන්ථය ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකිය.

ගවේෂණය ආරම්භ වූ ආකාරය

මුඛර්ජී, A Report on a Tour of Exploration of the Antiquities in the Terai” Nepal The Region of Kapilvastu නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබිණි. ‘විවේකයක් නොගෙනම මම නේපාලයේ තෙරයිහි පරිපාලන නගරය වන තෝලිවා වෙත නොනවත්වා ඇවිද ගියෙමි. ඊට පසුදා මම නිගිල්වා වෙත ගොස්, මේජර් වඩෙල් හමුවීමි. මට ලැබීමට තිබූ අත්තිකාරම් මුදල රජයේ නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවා තිබිණි. මම නැවත ගොරක්පූර් වෙත පැමිණියෙමි.’

‘රජයෙන් නව විදුලි පණිවුඩයක් ලැබීමෙන් පසු මම නැවතත් නේපාලයට ගොස් පෙබරවාරි 30 වැනිදා සිට තිලෝර්කොට් ප්‍රදේශයේ කැණීම් ආරම්භ කළ අතර, සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්වීමි. හයවැනිදා, මම ආචාර්ය ෆියුරර් විසින් කපිලවස්තු පුරය ලෙස හඳුනාගන්නා ලද සාගර්වාහි නටබුන් නැරඹීමට ගියෙමි. එය කපිලවස්තු පුරය විය නොහැකි බවට අවබෝධ කරගත් මම කලකිරීමට පත්වීමි. සමීපව සිදුකරන ලද නිරීක්ෂණයකින් පසුව, තිලෝර්කොට් යනු බොහෝ දුරට බුදුන්ගේ පියාගේ නගරය වීමට ඉඩ ඇති බව මට වැටහිණි.’ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලිවීය.

තිලෝර්කොට්හි සිදුකළ කැණීම්

හදිසියේම මේජර් වඩෙල් සියලු කැණීම් නතර කළ අතර, දින කිහිපයක් ඇතුළත එම නියෝගය අත්හිටුවීය. මෙම අදියරේදී ඔහු තිලෝර්කොට් සහ චිත්‍ර-දෙයි ප්‍රදේශවල මහා පරිමාණ කැණීම් කටයුතු ආරම්භ කළ බව මුඛර්ජී ලියා ඇත.

‘වින්සන්ට් ඒ. ස්මිත්ගේ උපදෙස් පරිදි, මාර්තු 11 වැනිදා රුම්මින්-දෙයි වෙත පිටත්වූ මම පසුදා එහි ළඟාවීමි.’ මුඛර්ජී රජයට ඉදිරිපත් කළ වාර්තාවේ ලිවීය.

‘වනාන්තරය එළිපෙහෙළි කර ස්ථූපයක් ආකාරයේ වූ විශාල ගොඩැල්ල පරීක්ෂා කර බැලීමෙන් පසු, කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස මම නේපාල ජාතික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමි. කැණීම් ආරම්භයේදීම අපට බලාපොරොත්තුවක ලකුණු දිස්විය. එතැනින් සුන්බුන් කිහිපයක් මතුවිණි. මෙය තිලෝරා සහ චිත්‍ර-දෙයිහි දී ලද සාර්ථකත්වයට සමානය. එහිදී සොයාගත් වැදගත්ම දෙයක් වූයේ මායාදේවී විහාරයයි. අත්තිවාරමේ වූ ගඩොල් අලංකාර ලෙස සකසා තිබිණි. කුඩා ‘ස්ථූප’ ගොඩැලි සහ වෙනත් පුරාවස්තු කිහිපයක් ද මතුවිය.’

රුම්මින්-දෙයි යනු ලුම්බිණියද?

බෞද්ධ සටහන්වලට අනුව ලුම්බිණි උද්‍යානය යනු රුම්මින්-දෙයිය. එම ප්‍රදේශයේ අශෝක අධිරාජ්‍යයා ඉදිකරන ලද ස්ථූපයක වූ ශිලා ලේඛනයක එම ස්ථානය ‘ලුම්මිණි’ ලෙස විස්තර කර ඇත.

මාගධී භාෂාවෙන් ලියා ඇති ශිලා ලේඛනය දැකීමෙන් පසු, රුම්මින්-දෙයි යනු පුරාණ ලුම්මිණි හෝ ලුම්බිණිය බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී නිගමනය කළේය.

මුඛර්ජීගේ ප්‍රධානියා වූ වින්සන්ට් ස්මිත් මෙසේ ලිවීය. ‘රුම්මිණි යන්න ලුම්බිණි හෝ ලුම්මිණි යන නාමයට සමානකම් පෙන්වයි.’

‘ශිලා ලේඛනය ලියා ඇත්තේ මාගධී භාෂාවෙන් වන අතර, එහි වචනයක මුල හෝ මැද ‘ර’ ඇත්නම්, එය සංස්කෘත භාෂාවේ දී ‘ල’ බවට පත්වේ.’ ස්මිත් ලිවීය.

හියුන් සාං හිමිට අනුව, උද්‍යානය දිගේ ගිනිකොන දෙසින් දේශීය භාෂාවෙන් ‘තෙල් ගංගාව’ ලෙස හැඳින්වූ කුඩා ගංගාවක් ගලාබැස ඇත. දැන් එය ‘තිලර් ගඟ’ ලෙස හැඳින්වෙයි.

බුදුන් උපන් ස්ථානයේ වූ වෘක්ෂයට දකුණු පසින් නාන තටාකයක් තිබී ඇති අතර, ඒ අතර දුර ෆා හියන් හිමිට අනුව ලී 20ක් ද, හියුන් සාං හිමිට අනුව ලී 25ක් ද වෙයි. එම වෘක්ෂයේ මූර්ති එහි සිට ලී 25ක් දුරින් තවමත් දැකගත හැකිය. ‘ලී’ යනු, පුරාණ චීන දුර මැනීමේ ඒකකයකි. සාමාන්‍යයෙන් ‘ලී’ එකක් මීටර් 500කට හෝ සැතපුමකින් තුනෙන් එකකට සමාන වේ.

හියුන් සාං හිමියන්ගේ ලේඛනවල සඳහන් වන පරිදි අශෝක අධිරාජ්‍යයා ස්ථාපනය කරන ලද ස්ථූපය ද මුඛර්ජී සොයාගත්තේය.

මෙම සාධක හතර මත ගෞතම බුදුන් උපන් ස්ථානය නිශ්චිතවම සොයාගනු ලැබීය. මෙය ගෞතම බුදුන් උපන් ස්ථානය බව සැකයෙන් තොරව ඔප්පු වූ බව වින්සන්ට් ස්මිත් ලියා ඇත.

රුම්මින්-දෙයි හෝ ලුම්බිණිය ගෞතම බුදුන්ගේ උපන් ස්ථානය බවට නියත වශයෙන්ම ඔප්පු වී ඇතත්, ගෞතම බුදුන් උපත ලැබුවේ උත්තර් ප්‍රදේශ්හි පිප්‍රවාහි බවද ඉන්දියාව ප්‍රකාශ කරයි. මෙම ස්ථානය නේපාලය සහ එවක බි්‍රතාන්‍ය ඉන්දියාව අතර දේශසීමාවට ඉතා ආසන්නය. බුදු දහමට අයත් පුරාවිද්‍යාත්මක වස්තු රැසක් එතැනින් ද හමුවී ඇත. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී එම ප්‍රදේශවල ද සංචාරය කර තිබේ. මෙම කෞතුක වස්තුවලින් සමහරක් කල්කටා කෞතුකාගාරයේ (වර්තමානයේ ඉන්දියානු කෞතුකාගාරයේ) තබා ඇත.

චීන ගවේශකයන්ගේ තොරතුරුවලට අනුව, ඇතැම් සමානකම් පිප්‍රවාහි දක්නට ලැබුණද, බොහෝ අසමානතා ද තිබී ඇත.

එබැවින් පුරාණ කපිලවස්තු පුරය නේපාලයේ තිලෝර්කොට්හි රුම්මින්-දෙයිහි තිබූ බවට පූර්ණ චන්ද්‍ර මුඛර්ජී සහ ඔහුගේ ප්‍රධානියා වූ වින්සන්ට් ඒ. ස්මිත් දැඩි ලෙස විශ්වාස කළහ.

සීමිත මුදල් හා තත්ත්වයෙන් බාල උපකරණ

තෙරයි ප්‍රදේශයේ ගවේෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු පූර්ණ චන්ද්‍ර අප්‍රේල් පස්වැනිදා නැවත ලක්නව් වෙත පැමිණියේය. ඔහුගේ වාර්තාවේ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී මෙසේ ලිවීය.

‘මා අවසන් වරට සිදුකරන ලද ගවේෂණයේදී භාවිත කළ මිනුම් සහ ඇඳීමේ උපකරණ පැවතියේ ඉතා නරක තත්ත්වයකය. ඡායාරූපකරණ කටයුතු සඳහා භාවිත කළ උපකරණ පවා පැරණි තත්ත්වයේ පැවැති අතර, ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මගේ වැඩකටයුතුවලට බොහෝ කරදර ගෙන දුන්නේය.’

ඔහුට ලබාදී තිබුණේ එක් සැලසුම්කරුවකු පමණි. එයද ගවේෂණයේ පසු අවධියකදීය.

‘නේපාල රජය මා වෙත ලබාදෙන ලද කණ්ඩායමේ කැප්ටන්කෙනෙක් (භීම්සෙන් චේත්‍රි) සහ කැණීම්කරුවන් 12 දෙනෙක් සිටියහ. ඉඳහිට, තැනිතලා ප්‍රදේශවලින් ඇතැම් පිරිස් උදව් සඳහා ගෙන්වන ලදහ.’ ඔහු ඉහළ බලධාරීන් වෙත ලිවීය.

මුඛර්ජී ගෞතම බුදුන් උපන් කපිලවස්තු පුරය හා ලුම්බිණි උද්‍යානය විස්තර කිරීමට පෙර ගවේෂණ සඳහා වැයවූ මුදල ගැන සඳහන් කළේය.

‘පසුගිය වසර සඳහා වෙන්කළ මුදලින් රුපියල් 2,000ක් අපි ඉතිරි කළෙමු. මෙම වසරේදී තවත් රුපියල් 800ක් ලබාදෙන ලදී. සමස්තයක් වශයෙන්, මෙම කැණීම් කටයුතු සඳහා නේපාලයේ රාජ සභාව රුපියල් 2,800ක මුදලක් ගෙවූ අතර, අප වැය කළේ රුපියල් 300ක් පමණි.’

‘මගේ මතය අනුව රුපියල් 2,500ක් තවමත් ඉතිරිව තිබෙන බැවින්, ලබන වසරේ ගවේෂණ සහ කැණීම් කටයුතුද සිදුකළ හැකිය.’ පූර්ණ චන්ද්‍ර මුඛර්ජී ලිවීය.

වයස අවුරුදු 53 දී මියගිය පුරාවිද්‍යාඥයා

පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ මුල් නිවහන පිහිටා තිබුණේ කොල්කටාව ආසන්නයේ අසල පනිහාටිහිය. එවකට එය ගම්මානයක් විය. පූර්ණ චන්ද්‍ර මුඛර්ජී එහි ඉදිකරන ලද නිවසටද ‘කපිලවස්තු භවන්’ ලෙස නම් තැබීය.

පනිහාටිහි ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ ගුරුවරයකු සහ පර්යේෂකයකු වන ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසන පරිදි පූර්ණ චන්ද්‍ර මුකර්ජි උපත ලැබුවේ 1849 වසරේදීය. ඔහුගේ පියා වූ කාලිදාස් මුඛර්ජී කල්කටාවේ මුදල් මුද්‍රණාලයේ සේවය කළේය.

‘පූර්ණ චන්ද්‍ර ඉගෙන ගත්තේ අගර්පාරා මිෂනාරි පාසලේ. දක්ෂ, ධෛර්ය සම්පන්න කෙනෙක් වුණත් ඔහු ඉගෙනීමට වැඩි අවධානයක් යොමුකළේ නැහැ. ඔහු ඔහුගේ මිතුරන්ට වඩා ඉදිරියෙන් සිටියේ ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ සිතියම්කරණය යන විෂයන්වලින් පමණයි…’ ක්‍රිෂාණු භට්ටාචාර්ය පවසයි.

‘ඔහු කල්කටා විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීමේ පරීක්ෂණය සමත්වූ බවටත් පසුව ලක්නව්හි කැනින් විද්‍යාලයෙන් කලා පීඨයට ඇතුළු වුණු බවටත් මට තොරතුරු ලැබුණා. නමුත් ඔහු උපාධි විභාගය සමත් නොවන්න ඇති.’

කෙසේ වෙතත්, ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාම විවිධ වර්ගයේ රජයේ රැකියාවල නිරතවී ඇත. කලක් ඔහු ඖධ්-රෝහිල්ඛන්ද් දුම්රිය සේවයේ රාජකාරි කළ අතර පසුව ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය. එම ආයතනය, රජයේ ආධාර මත චිත්‍ර ශිල්පය හැදෑරීමට ඔහු මුම්බායිහි ජේ.ජේ. චිත්‍ර පාසලට යවනු ලැබීය. වසර දෙකකට පසු ඔහු නැවත පැමිණ ලක්නව් කෞතුකාගාරයට සම්බන්ධ විය.

ඔහු ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා භට්ටාචාර්ය ලක්නව් කෞතුකාගාරයට ගිය නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් නොලැබිණි. ඔහු පිළිබඳ සියලු තොරතුරු විවිධ ස්ථානවලින් සහ පැරණි පුවත්පත්වලින් රැස්කර ගැනීමට සිදුවිය.

‘ඒ වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ. පූර්ණ චන්ද්‍ර මුඛර්ජි පුරාවිද්‍යාඥයකු ලෙස එහි සේවයට එක් වුණේ 1882 දී. අවුරුදු තුනකට පස්සේ, එවකට ලුතිනන් – ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ලයන්ස්, මුඛර්ජී වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ තනතුරක් නිර්මාණය කළා. නමුත් ඒ තනතුරට පත්වුණේ ආචාර්ය ෆියුරර්. පූර්ණ චන්ද්‍ර පත්කළේ ඔහුගේ සහායකයා විදියට’ භට්ටාචාර්ය පවසයි. කෙසේ වෙතත්, ආචාර්ය ෆියුරර්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මුඛර්ජීට රැකියාව අහිමිවිය.

පොදු වැඩ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරමින් සිටිය දී 1886 වසරේ දී ඔහු බුන්දේල්ඛන්ද් ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් සිදුකළේය.

කපිලවස්තු පුරය සොයාගැනීමට පෙර පූර්ණ චන්ද්‍ර, මෞර්ය යුගයේ නටබුන් සහ බෞද්ධ විහාරස්ථාන, අශෝක ස්ථම්භයේ කොටස් සහ වර්තමානයේ පැට්නා ලෙස හැඳින්වෙන පාඨලීපුත්‍රයෙහි පොළොව මට්ටමෙන් අඩි 12ක් යටින් පිහිටි බෞද්ධ ආරාම නටබුන්, සහ සන්දල්පූර්, බන්කිපූර්, බුලන්ඩ්බාග් සහ නබරතන්පූර් ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සිදුකළේය.

ඔහුගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ‘ඉන්දියානු පුරාවස්තු’ සඟරාවේ 1902 නොවැම්බර් – දෙසැම්බර් සහ 1903 ජනවාරි මාසවල පළවිය. ඊට පෙර, 1896 වසරේදී සහ දෙවැනි වරට 1903 වසරේදී ඔහු කල්කටා කෞතුකාගාරයේ පුරාවිද්‍යා අංශයේ වගකීම භාරගත්තේය.

පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ බෙංගාලි ලිපි දෙකෙන් එකක් මෙම කොල්කටා කෞතුකාගාරය ගැන වන අතර, එය දැන් ඉන්දියානු කෞතුකාගාරය ලෙස හැඳින්වේ. එම ලිපිය පුවත්පතක පළවිය. එය Calcutta Antiquities (කල්කටා පුරාවස්තු) නමින් හැඳින් විය.

පූර්ණ චන්ද්‍ර මුඛර්ජීගේ අනෙක් බෙංගාලි ලියවිල්ල වන්නේ ‘වීරකාව්‍ය’ය. එහි කොටසක් පමණක් 1875 වසරේ දී මුද්‍රණය කෙරිණි.

1903 අගෝස්තු 04 වැනිදා, වයස අවුරුදු 53දී, පූර්ණ චන්ද්‍ර මුඛර්ජී පනිහාටිහි පිහිටි ඔහුගේ නිවෙස, එනම්, ‘කපිලවස්තු භවන්’ හිදී ලේ අතීසාරයෙන් මියගියේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ලියවිලිත් බොරු! බෙහෙතත් බොරු! හැදුවා කියන සමාගමත් බොරු! ‘හියුමන් ඉමියුනෝ ග්ලොබලීන්’කුප්පිවල තියෙන්නේ සේලයින් වගේ දෙයක්! සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය පළමු වරට පිළිගනී! එහෙමනම් හොර බෙහෙත් ගෙනත් ඩොලර් මිලියන 100ක් (රුපියල් බිලියනයක්) පිල්ලි ගැහුවේ කව්ද? බලන් ඉමු වැරදිකාරයො එළියට එනකම්! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් චීන ජනපති හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.