• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොරියෙන් ඇවිත් රටටම ගහලා කප් එක අරන් ගිය පුංචි කෙල්ලො I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොකක් හරි කතාවක් පත්තරේට ලියනකොට ඒ කතාව ආකර්ෂණීය වෙන්න ඕනේ. ඒ වගේම ඔබට ඒක කියවන්න හිතෙන්න ඕනේ. ඒ කතාවේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් තියෙන්න ඕනෙ. මේ කතාවේ එහෙම දෙයක් තියෙනවා ඇති. මම මේක දැක්කේ ෆේස්බුක් එකේ. මේක දාලා තිබුණේ චතුර රණසිංහ. චතුර සිය ෆේස්බුක් එකවුන්ට් එකේ දාලා තිබුණා මෙන්න මෙහෙම.(Sri Lanka Latest News)

‘හද්දා පිටිසර උහන සිට ලොරියේ බදුල්ලට පැමිණ සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා බාලිකා වයස අවුරුදු 16න් පහළ ශූරතාව රැගෙන ඔවුහු යන්නට ගියහ….’ කියලා එහි සඳහන් වෙලා තියෙනවා.

මේ කණ්ඩායම පොඩි ලොරියක එනවා එහෙමත් පින්තූරයක තියෙනවා. මේ උහන ඉස්කෝලෙ ළමයි බොලෙරෝ වර්ගයේ පරණ ලොරියක නැගලා තමයි මේ වොලිබෝල් මැච් එකට එන්නේ. මේ කතාව තව ටිකක් පැහැදිලි කරගන්න ඕනෙ නිසාම ඔහුගේ කමෙන්ට් සෙක්ෂන් එකේ පහළට පහළට ගිහින් මම බැලුවා. එතකොට පහළ තිබුණා සමන් ලංකාගමගේ කියන මහත්තයා තියපු සටහනක්. ඔහුගේ පාසල විදියට සඳහන් වෙලා තිබුණේ ගාල්ල උඩුගමුව මහා විද්‍යාලය. ඔහු කියලා තිබුණා ‘කිලෝමීටර් 8ක් විතර පයින් ගිහිල්ලා සමස්ත ලංකා මැච් දිනපු අපේ ඉස්කෝලෙ මතක් වුණා’ කියලා.

ඉතින් මේ තමයි ලංකාවේ කතාව. ඒ කතාවට තවත් ඌනපූරණ එකතු කළ යුතුයි. කවුද කරන්නේ, කොහොමද කරන්නේ, එයාගේ දේශපාලනය මොකක්ද, එයාගේ පක්ෂය මොකක්ද කියලා නොහිතා වර්ණනා කළ යුතු තැන්වල වර්ණනා කරන්නටත්, හොඳයි කිවයුතු තැන්වල හොඳයි කියන්නටත් අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම පහුගිය දවසක සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්කෝලෙකට බස් එකක් දුන්නාම ඒ විදුහල්පතිවරයා කියපු කතාව මේකට අමුණන්න හිතුණා. මේ බස් එක ඉස්කෝලෙට දෙන දවසේ විදුහල්පතිවරයා සමුගෙන යෑමට ඉතිරි වෙලා තිබුණේ දවසක් විතරයි.

ඔහුගේ සමුගෙන යෑමට දවසකට කලින් ඔහු කියනවා අපි ඊයේ තමයි සමස්ත ලංකා තරගවලට කොළඹ ගිහිල්ලා ආවේ. එක දවසකින් ඒ ගමන එන්න විදියක් නෑ. අපි ඉස්කෝලෙක ඩෙස්ක් උඩ නිදාගත්තා. යනකොට අපේ ළමයි බස් ගණිනවා එක එක ඉස්කෝලවලින් තරගවලට ඇවිල්ලා තියෙන්නේ කියලා. පාරේ බස් එකේ තරගවලට ගියපු ළමයි තමන්ට අයිති බස්වලින් කොළඹ ආපු අයගේ බස් ගණිනවා. ඒ ගණින අතරේ ක්‍රීඩා භාර ගුරුවරයා මේ විදුහල්පතිවරයාගෙන් ඇහුවලු කවද්ද සර් අපි අපේ ළමයින්ව මේ වගේ අපේ බස් එකකින් කොළඹ එක්කගෙන එන්නේ කියලා.

ඊට පස්සේ මේ විදුහල්පතිවරයා ගිහිල්ලා විවිධ විවිධ කණ්ඩායම්වලට කතා කරලා, ආදිශිෂ්‍ය සංගම්වලින් සල්ලි එකතු කරලා, සැලසුම් හදාගෙන උත්සාහ කරලා බැලුවලු බස් එකක් ගන්න පුළුවන්ද කියලා. ඔහු කියනවා බස් එකක් ගන්න තියා ළං වෙන්නවත් බෑ කියලා. ඒ තත්ත්වය යටතේ අපේ රටේ පාසල්වල තියෙන හැබෑ යථාර්ථය මේකයි. තවමත් ළමයින්ට ලොරිවල යන්න වෙලා තියෙනවා.

ඇත්තටම ළමයි ලොරිවල යන එක චිත්‍රපටයක නම් හරි සුන්දරයි. ඒ ළමයින්ටත් ටිකක් ජොලි ඇති. හැබැයි මේ විදුහල්පතිවරයාට හෝ ගුරුවරුන්ට හෝ මේකට සතුටු වෙන්න කාරණයක් නෙවෙයි. ඒගොල්ලෝ මේක කරන්නේ හරි දුකෙන්. කරන්න දෙයක් නැති තැන. නමුත් පාසලේ ගුරුවරුන්ට කාර් ඇති. ඒ වගේ කාර් දෙක තුනක ළමයි එක්කගෙන යනවට වඩා ළමයි 10ක් 15ක් එක්කගෙන යන්න පුළුවන් එක වාහනයක් හොයාගන්න එක තමයි හොඳම විකල්පය. මේක මේ ගමේ කාගෙ හරි වාහනයක්.

මේකට මට තව එකතු කරන්න හිතුණා මූද බලන්න යන්න බස් එකක් ගත්ත ළමයින්ගේ කතන්දරය. ‘හෝගාන පොකුණ’ චිත්‍රපටය. ඒකෙ අපි දැක්කේ ඒ ළමයි කොච්චර අමාරුවෙන්ද කොළඹ ආවේ කියලා. ඔබට හිතෙනවා ඇති මේවා චිත්‍රපට කියලා. නෑ මේවා චිත්‍රපට නෙවෙයි. තවමත් මේ ආකාරයෙන් අසීරුවෙන් කොළඹ එන දරුවන්ගේ කතන්දර අපේ ජීවිත කතා ඇතුළේ තියෙනවා.

ඒක නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වගේ බස් එකක් දීලා ඒ දරුවන්ව ගොඩ දාන එක මේවා දකිද්දී හිතෙනවා මරු වැඩක් කියලා. ඇත්තටම ඇයි ඉස්කෝලෙකට බස් එකක් විතරද අඩු? තව වෙන වෙන වුවමනාවන් නැද්ද? බස් එකක අවශ්‍යතාවට වඩා වෙනත් අවශ්‍යතාවක් ඉෂ්ට කරනවා නම් හොඳයි වගේ බයිලා කතා ඕනෙ තරම් අපට කියන්න පුළුවන්. ඒක එහෙම වුණාට ඇත්ත කතාව මේ වගේ බව ඔබට අපි කිව යුතුයි. බස් එකක්වත් නැති කෙල්ලො ටිකක් පරණ ලොරියක නැගලා ඇවිල්ලා සමස්ත ලංකා ශූරතාව අරන් යනකොට?

මේකෙ ඊළඟ කතාව තමයි හැම සැපම දීලා, කෑම බීම ඉඳුම් හිටුම් පහසුකම් දීලා, ලක්ෂ ගණන් පඩි ගෙවලා, ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් එකේ හැම රෙද්දකටම යවලා නඩත්තු කරන ක්‍රිකට්වලින් අපට ලැබෙන්නේ මොනවද? මේ එක ක්‍රිකට් ක්‍රීඩකයකුට පුළුවන් ඉස්කෝලයක් නඩත්තු කරන්න. ඒ තරමටම සල්ලි තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සල්ලි හොයාගන්න බිස්නස් එකක් විදියට ක්‍රිකට් පාවිච්චි කළාට, ක්‍රිකට් වෙනුවෙන් ක්‍රිකට් ගහනවද කියලා ඊයේ පෙරේදා ගහපු මැච් දකිද්දී අපට හිතෙනවා.

ක්‍රිකට් කියන්නේ කැපවීමෙන්, උනන්දුවෙන්, ශක්තියෙන් කරන්න ඕනේ දෙයක්. ඉන්දියානු ක්‍රීඩකයෝ එහෙමයි. ඔවුන් ඔවුන්ගේ සියලු කැපකිරීම් කරනවා ක්‍රිකට් වෙනුවෙන්. ඔවුන් ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හද්දා පිටිසර ගම්වල කෙල්ලෝ අමාරුවෙන් බස්වල යනකොට කෝටි ගණන්වල යානවාහන සැප පහසුකම් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෝ අම්බානකට කාලා පැරැදිලා එනවා. වලල රත්නායකේ කෙල්ලෝ ගිහිල්ලා ආසියාව දිනනකොට අපේ කට්ටියට ආසියානු කුසලාන අවසාන වටයටවත් ඒගන්න බැරි වෙලා අසාර්ථක වෙලා ආපහු ගෙදර එනවා. ඒ නිසා මේවා කතන්දර ගොඩක් තියෙන පෝස්ට්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලීසියේ දෙන්නෙක් එකම සතියක රිය අනතුරුවලින් මියගිහින් I Sri Lanka Latest News

Next Post

රනිල් චීන උප අගමැති හමුවී කතාකරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.