• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැප්තැම්බරයේ ඉටු කළ යුතු 71න් 40ක්ම කරලා නෑ! ගිය මාස හතේම තත්ත්වය එහෙමයි! ‌’වෙරිටේ’ අලුත්ම වාර්තාව එළියට! IMF දෙවන වාරිකයට මොනවා වෙයිද? PHOTOS I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
සැප්තැම්බරයේ ඉටු කළ යුතු 71න් 40ක්ම කරලා නෑ! ගිය මාස හතේම තත්ත්වය එහෙමයි! ‌’වෙරිටේ’ අලුත්ම වාර්තාව එළියට! IMF දෙවන වාරිකයට මොනවා වෙයිද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහනේ හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කරන මාර්ගගත වේදිකාවක් වන Verité Research හි IMF මීටරයෙහි නවතම යාවත්කාලීනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිත කැපවීම් 71 න් 40 ක් පමණක් ඉටු කර ඇති බවයිි.Sri Lanka Latest News

මාර්තු මාසයේ IMF වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම IMF මීටරයේ මෙම සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමෙන් පෙනෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් කියයි.

සැප්තැම්බර් අග වන විට සම්පූර්ණ කිරීමට නියමිත කැපවීම්වලින් 30%ක පමණ තත්ත්වය ‘නොදනී’ මට්ටමේ සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම එයට හේතුව යි.

IMF වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයේ විනිවිදභාවය දෙආකාරයකින් හීනව යමින් පවතින බව එනම් ‘විනිවිදභාවයේ දිවිත්ව ඌණතාවයක්’, IMF මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමෙන් අනාවරණය අනාවරණය වන තවත් කාරණයකි. මෙම තත්ත්වය, 1. වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පැවතීම සහ 2. සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සදහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත්ව තිබීම, යන ප්‍රධාන ගැටලු දෙක හරහා පෙන්වා දිය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතියෙහි විනිවිදභාවයක් නොමැතිවීම වර්ධනය වෙමින් පවතී

අගෝස්තු මාසය වන විට 20%ක් වූ ප්‍රගතිය ‘නොදනී’ තත්ත්වයේ පවතින කැපවීම් සංඛ්‍යාව 30% දක්වා ඉහළ ගොස් ඇත. එය වැඩසටහන ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ප්‍රතිශතයයි. මෙම තත්ත්වය ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ සඵලතාවය යන කාරණා මත මහජන සහ ආයතනික මට්ටමින් තබා ඇති විශ්වාසය හීන කරන්නක් වේ.

ඉහළ ආණ්ඩුකරණ විනිවිදභාවයක් වෙනුවෙන් වන IMF කැපවීම් සපුරාලීමට අපොහොසත් වීමේ කැපී පෙනෙන වර්ධනයක්

IMF වැඩසටහනේ ආයතනික මට්ටමේ ගිවිසුමෙන් පසු ගෙවී ඇති මාස හතක කාලය තුළ විනිවිදභාවය සම්බන්ධ අවශ්‍යතාවලින් බහුතරයක් තවමත් ඇත්තේ ‘ඉටු කර නැති’ මට්ටමේ ය.

සැප්තැම්බරයේ ඉටු කිරීමට නියමිතව තිබූ නමුත් තවමත් ඉටු කර නැති “රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ඊළඟ මාසයේ තුන්වන ව්‍යාපාරික දිනය වන විට ආදායම්, වියදම් සහ මූල්‍යකරණයෙන් මාසික මුදල් ප්‍රවාහ වාර්තා කිරීම” සඳහා වූ කැපවීම මෑත උදාහරණයකි. ඒ හා සමානව, මූල්‍ය විනිවිදභාවය පිළිබද මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම මාර්තු මාසයේ දී ඉටුකිරීමට නියමිතව තිබුණද එයද තවමත් ඉටු කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම සිවිල් සමාජය සංවිධාන සිදු කරන ලද ආණ්ඩුකරණ ඇගයීම්වලින් එවැනි වේදිකාවක අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කර තිබෙන බවද, සදහන් කළ යුතුය.

විනිවිදභාවයට අදාළව පවතින කැපවීම් සැළකීමේ දී, ඒවා අතරින් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනට ඉටුකර ඇති එකම කැපවීම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පාදනය කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම පමණකි. එය ප්‍රකාශයට පත්කළේ ද, ආණ්ඩුව නොව අන්තර්ජාතික මූල්‍ය අරමුදලයි.

විනිවිදභාවය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මහජන වගවීමේ මූලික පදනමයි. කෙසේ වෙතත්, IMF මීටරයේ දත්ත පෙන්වා දෙන්නේ, විනිවිදභාවයේ සැලකිය යුතු ඌනතා දෙකක් ශ්‍රී ලංකාව තුළ පවතින බවයි. සිවිල් සමාජ සංවිධාන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන දෙඅංශයෙන්ම සිදු කරන ලද ඇගයීම්වලින් අවධාරණය කරන්නේ, රජය ප්‍රථමයෙන් සිය වගවීමේ අඩුපාඩු ආමන්ත්‍රණය නොකළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි බවයි. මෙම තක්සේරු කිරීම් නිවැරදි නම්, ‘විනිවිදභාවයේ ද්විත්ව ඌනතාවය’- බලාපොරොත්තු වන ආර්ථික ප්‍රකෘතිය ඒ ආකාරයෙන් සිදු නොවනු ඇති බවට දෙන පැහැදිලි ඉඟියක් වීමට ඉඩ ඇත

SendShareShare
Previous Post

පනතට අනුව වසරකට වැඩි කරන්න පුලුවන් දෙපාරයි! ඒ පනතත් කඩලා තුන්වැනි පාරටත් ලයිට් බිල වැඩි කරන්නයි යන්නේ! ආණ්ඩුව අසරණ ජනතාව ගැන සංවේදී ‌නොවීම කනගාටුදායකයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හදන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මේ විදිහටම 2025 අගෝස්තු වෙනකම් යන්නයි! පළාත් පාලන-පළාත් සභා වගේ නෙමෙයි මහමැතිවරණය කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්! ඒ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් තුනෙන් දෙකක් ඕනෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.