අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවය.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ඇති වියහැකි ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ ආශ්රිත ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ක්ෂණික වැසි ඇති වීමත් සමග ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවය.
මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග දිවයිනේ වාරි ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේය.










