• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති එක්ක කළ සාකච්ඡා අසාර්ථකයි! විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කමිටුව සජිත් ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විධායක කමිටුව හමුවෙයි! තියෙන ප්‍රශ්න ඔක්කොම ප්‍රසිද්ධියේ කියයි! සජිත් ඇතුළු කණ්ඩායම ප්‍රශ්න විසඳන ආකාරය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැහැදිලි කරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 17, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
ජනපති එක්ක කළ සාකච්ඡා අසාර්ථකයි! විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කමිටුව සජිත් ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විධායක කමිටුව හමුවෙයි! තියෙන ප්‍රශ්න ඔක්කොම ප්‍රසිද්ධියේ කියයි! සජිත් ඇතුළු කණ්ඩායම ප්‍රශ්න විසඳන ආකාරය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැහැදිලි කරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුද්ධි ගලනය ගැටලුවේදී සාම්ප්‍රදානුකූලව ඉල්ලුමට සහ සැපයුමට මේ ගැටලුව විසදන්න ඉඩ දී රජය මෙන් බලා සිටීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් මේ සෑම දෙයක්ම විසදිය යුත්තේ ඉල්ලුම හා සැපයුම යන තත්ත්ව මත යන්න පිලිනොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විශ්වවිද්‍යාල ආචාර්යවරැන් ඇතුළු බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් සංවිධාන 48කට ආසන්න සංඛ්‍යාවක් පිටු 30ක යෝජනාවලියක් හරහා හානිදායක බදු ප්‍රතිපත්තිය වෙනුවට අපේක්ෂිත රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ වෙනස් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ බවත් මෙම යෝජනා සියල්ල මූල්‍ය විශ්ලේෂණවලින් අනතුරුව සිදු කරන ලද ඒවා සහ වඩාත් සහනදායී අඩු පීඩනයකින් ක්‍රියාත්මක වන නිසා ඒ සදහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එහි දී විපක්ෂය ඉදිරිපත් කරන කොන්දේසිය වන්නේ මෙම ක්‍රමවේදය හරහා රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම විශ්වවිද්‍යාල පද්ධතියේ මේ වන විට සිසුන් 150000ක් සිටියදී රජය විශ්වවිද්‍යාල සදහා බදවා ගන්නා සිසුන් 30000 සිට 60000 දක්වා වැඩිකර ඇති බවත් මෙසේ සිසුන් වැඩි කර ප්‍රතිපාදන අඩු කර රජය ක්‍රියාත්මක කරන අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය තුළ බුද්ධිගලනයත් ක්‍රියාත්මක වන බවත් මේ වන විට 12000ක්ව සිටිය යුතු ආචාර්යවරුන් 6000 දක්වා පහත වැටී සිටියදී ඉන් කොටසක් ද නිවාඩු ගොස් ඇති අවස්ථාවක විශ්වවිද්‍යාල පද්ධතිය අමාරු තැනක ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය විනාශය කරා ගෙන යන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) විපක්ෂයේ පක්ෂ විධායක කමිටුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සිදු කළ සාකච්චාවේදීය.

නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර සංවිධාන හමුවීමට අවස්ථාවක් නොතිබුණත් සමගි ජන බලවේගය විසින් අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර සංවිධාන හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් එකිනෙක මුණ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනයක් ලබා ගැනීමට හැකි වූ බවත් එවැනි උත්සාහයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන් හා මැද පන්තයේ උගතුන් බුද්ධිමතුන් වෙනුවෙන් ද සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආණ්ඩුවට දෙන්න බැරි උත්තරය විපක්ෂය විසින් ප්‍රායෝගිකව මැදිහත් වී කුමන හෝ සහනදායී පිළිතුරක් ලබා දෙන බවත් මේ රටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම ශක්තිමත් කිරීම යාවත්කාලීන කිරීම හා නූතනවාදය කරා ගෙන යන ගමනකට යා යුතු බවත් මේ පවතින ක්‍රමය නවීකරණය විය යුතු බවත් එහි අරුත නිදහස් අධ්‍යාපනය නැති කිරීම නොව එය තවදුරටත් යුගයට ඔබින ආකාරයට ජාත්‍යන්තර ශ්‍රම වෙලෙදපොලට ඔබින ආකාරයට නිදහස්ව නිවහල්ව සිසුදරුවන් වෙනුවෙන් ලබා දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද මේ රටේ සිසු ප්‍රජාවටත් අධ්‍යාපනයේ නියැලෙන්න කැමති ප්‍රජාවටත් නිදහස් අධ්‍යාපනය රටේ ජාතික න්‍යාය පත්‍රයෙන් පහළට නොදමා විකල්ප අධ්‍යාපන අවස්ථා ද ලබා දිය යුතු බවත් ඒ තුලින් කිසිවිටෙක රාජ්‍ය විශ්වවිද්‍යාල හා අධ්‍යාපන පද්ධතිය බිද නොවැටිය යුතු බවත් සුබසාධන රාජ්‍ය පිළිගන්නවා සේම ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික වර්ධනය තුළින් අත්කර ගත යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම වත්මන් රජය මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර හෝ එය ගජමිතුරකුට බාර දීම වැනි අනුවණ ක්‍රියාවලට සමගි ජන බලවේගය යොමු නොවන බවත් මෙහි දී විද්‍යාත්මක දත්ත මත කේන්ද්‍රීය වැඩසටහනක් හරහා රටේ ඇති මුදල් කාර්යක්ෂමව භාවිත කළ යුතු බවත් රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්දයෙන් රජය දක්වන සැලකිල්ල හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

මේ අවස්ථාවට මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉමිතියාස් බාකිර් මාකර්, චන්දිම වීරක්කොඩි, ගයන්ත කරුණාතිලක, එස්. එම්. මරික්කාර් සහ මයන්ත දිසානායක යන විපක්ෂයේ පක්ෂ විධායක කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමින සිටියේය.

https://www.youtube.com/watch?v=dTDEeDDrsRM
SendShareShare
Previous Post

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් බලපෑම්! අද මිලිමීටර් 100 පන්නලා වහිනවා! නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ගංවතුර තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්ලු! පරෙස්සම් වෙන්නලු! I Sri Lanka Latest News

Next Post

පාසල ඇරී ගෙදර යමින් සිටි සිසුවියකට බස් රථය ඇතුළෙදී බරපතළ අපයෝජනයක් කරලා! උදව් කරලා තියෙන්නේ බස් එකේ රියැදුරයි කොන්දොස්තරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.