කොටුව සිට මහනුවර බලා අද (15) පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇති වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි. (ISri Lanka Latest News)
මේ නිසා දුම්රිය මහනුවර බලා පිටත්ව යාම බොහෝ වේලාවක් ගතවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වෙනි වේදිකාවේ දි දෙදෙනා අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර, පසුව දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් වහා මැදිහත් වී දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
lankadeepa









