• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලයට හිසරදයක් වූ පොලිසියේ බාලේන්ද්‍රසීහ මරා දාන්න වාතාවරණය හැදුවේ පොලිසිය ඇතුළෙන්මද? බුද්ධි වාර්තාවක් දී තිබියදීත් ආරක්ෂාවක් නොදුන්නේ ඇයි? ආයෙමත් පුටුවේ වාඩිවුණොත් පාතාල සෙල්ලම් ඉවර බව පාතාලයට ඉවවැටුණාද? Sri Lanka Latest News

October 14, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
පාතාලයට හිසරදයක් වූ පොලිසියේ බාලේන්ද්‍රසීහ මරා දාන්න වාතාවරණය හැදුවේ පොලිසිය ඇතුළෙන්මද? බුද්ධි වාර්තාවක් දී තිබියදීත් ආරක්ෂාවක් නොදුන්නේ ඇයි? ආයෙමත් පුටුවේ වාඩිවුණොත් පාතාල සෙල්ලම් ඉවර බව පාතාලයට ඉවවැටුණාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු පළාත ආශ්‍රිතව මෑතකදී ඇතිවී ඇත්තේ අසාමාන්‍ය අපරාධ රැල්ලකි. ඉවක් බවක් නොමැතිව සිදුවන වෙඩි තැබීම්, මිනිස් ඝාතන ඒ අතරින් ඉහළ අගයක් ගනු ලබන්නේ ගාල්ල හා ඇල්පිටිය පොලිස් කොට්ඨාසවලය.Sri Lanka Latest News

මෙම පාතාලයේ අපරාධවල වර්ධනයක් මෙම පොලිස් කොට්ඨාස අතරෙන් ද මෑත වකවානුවේ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ ඇල්පිටිය පොලිස් කොට්ඨාස තුළිනි. ඒ අතරින් ද පාතාල ක්‍රියාකාරකම් බහුල වශයෙන් සිදුවන්නට වූයේ අම්බලන්ගොඩ, ඇල්පිටිය, බලපිටිය, කරන්දෙණිය, කොස්ගොඩ, මීටියාගොඩ, අහුංගල්ල ඇතුළු අවට ප්‍රදේශ ආශ්‍රිතවය.

මෙසේ අසාමාන්‍ය ලෙස පාතාලය හිස ඔසවන්නට වූයේ ඇයි දැයි සොයා බලනවා වෙනුවට පසුගිය කාලය පුරාවටම සිදු වූයේ ඇතැම් පොලිස් බලධාරීන් පවා එකිනෙකාට එරෙහිව ඇඟිලි දිගු කර ගනිමින් සිය තනතුරු වෙනුවෙන් සීතල යුද්ධයක නිරත වීමය. ඒ හැරුණු කොට කිසිවකුත් හිස ඔසවා ඇති පාතාලය පාලනය කිරීමට නිසි විසඳුමක් නම් ලබාදුන් බවක් හෝ නිසි පිළියමක් ලබාදීමට පියවර ගත් බවක් වත් පෙනෙන්නට නැත. පාතාලය අද බියක් සැකක් නොමැතිව පොලිස් නිලධාරීන්ට පවා මහා මඟ වෙඩි තබා මරා දමන තැනට පත්ව ඇත්තේ එබැවිනි.

පසුගිය 09 වෙනිදා රත්ගම දේවිනිගොඩදී සිදුවන්නේ ද එවැනි ඝාතනයකි. එදා මහ මඟදී කිසිදු රැකවරණයක් නොමැතිව අසරණයෙක් ලෙස ඝාතනය වන්නේ කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක, පොඩි ලැසී, කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු ඇතුළු පාතාලයේ කුප්‍රකට අපරාධකරුවන් රැසකගෙන් අම්බලන්තොට, මීටියාගොඩ, ඇල්පිටිය, කොස්ගොඩ, අහුංගල්ල, බලපිටිය යන ගම්මානවල ජනතාවට බියක් සැකක් නොමැතිව ජීවත්වන්නට වාතාවරණයක් සකස්කර දුන් නිලධාරියකුවය. ඔහු නමින් බාලේන්ද්‍රසිහ නම් වූ පොලිස් පරීක්ෂකවරයෙකි. ඝාතනය වන විට ඔහු පසුවූයේ හතළිස් හත්වෙනි වියේය. ඒ වන විට ඔහු වැඩ තහනමකටද ලක්ව සිටියේ ය. ඒ ඇතැම් පොලිස් නිලධාරීන් මෙන් පගා ගසා හෝ ගෑනු පස්සේ ගොස් වෙනත් දූෂිත ක්‍රියාවක නිරත වී නොව. ජනතාවට බියෙන් සැකෙන් තොරව සාමකාමීව ජීවත්වීමට සුදුසු පරිසරයක් සකස් කරදෙන්නට ගොසිනි.

මෙම නිලධාරියා වැඩ තහනමට ලක්වන ඒ සිදුවීම අද ඊයේ වූ දෙයක් නොවේ. පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව එය 2008 වකවානුව දක්වා දිව යයි. එකල ඔහු සේවයේ නිරතව සිටියේ ඇල්පිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙසිනි. ඒ පැත්තේ සාදවලට බලහත්කාරයෙන් කඩා වැදී කාබී සාද කඩාකප්පල් කරන කණ්ඩායමක් එකල සිටියහ. මෙම කණ්ඩායම ගැන ලද තොරතුරකට අනුව බාලේන්ද්‍රසිහ ඔවුන්ව වරක් කුදලා ගෙන එන්නේ විවාහ මංගල උත්සවයක් පැවති නිවෙසකට කඩා පැන සිටියදීය. පොලිස් ස්ථානයට රැගෙන පැමිණි ඔවුන්ට කළ සංග්‍රහය නිසාම බාලේන්ද්‍රසිහට සැකකරුවකුට පහරදීමේ චෝදනාවක් ද එදා එල්ලවී තිබුණේය. ඒ ක්‍රෑර වදහිංසා පනතේ විධිවිධාන යටතේ බව සඳහන්ය. කියැවෙන ආකාරයට අනුව පසුකාලයේ බාලේන්ද්‍රසිහගෙන් පහර කෑවේ යැයි කියන පුද්ගලයන් හා ඔහු අතර තිබී ඇත්තේ යම් හිතවත්කමකි. එම හිතවත්කම නිසාම බාලේන්ද්‍රසිහ මුදල් හදල්වලින් ද ඔවුන්ට උදව් උපකාර කර ඇති බව ද කියැවෙයි. ඒ නැති බැරිකම් ඒ අය කියමින් බාලේන්ද්‍රසිහ හමුවන්නට ආ බැවිනි. නිල ඇඳුමට යටින් මනුෂ්‍යකම දෝරේ ගලා ගිය බැවින් බාලේන්ද්‍රසිහ කීයක් හරි ඔවුන්ගේ මිට මොළවනු ලබන්නේ දුක කියන විට ඔහුගේ හිත උණුවන්නට වූ බැවිනි.

අවසානයේදී ඔහුට එරෙහිව පාරවළල්ලක් බවට පත්වන්නේම ඔහු ඒ කළ උදව් උපකාරමය. බාලේන්ද්‍රසිහට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ බව කියැවෙන්නේ සාක්ෂිකරුවකුට බලපෑම් කළා යැයි කියාය. ඒ මුදල් ලබාදෙමිනි.

බලපිටිය මහාධිකරණයේ විභාග වූ බාලේන්ද්‍රසිහට එරෙහි ව විභාග වූ නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බව නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඒ බව කියමින් කරුණු දැක්වීම හේතුවෙන් අවසානයේදී සිදුවන්නේ බාලේන්ද්‍රසිහට ඇප නොමැතිව වසර එකහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නටය. ඒ 2022 වසරේ මාර්තු 08 වෙනිදා සිටය. එදා ඔහු රක්ෂිත බන්ධනාගාරගත වන විට සේවයේ නිරතව සිටියේ අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසිනි.

උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන බාලේන්ද්‍රසිහ පොලිසියට එන්නේද පොලිසියට බැඳීමට කුඩා කල සිට තිබුණු ආශාව නිසාය. ඒ ඔහුට වෙනත් රැකියාවක් කිරීමට ඕනෑතරම් අවස්ථාවන් පවා තිබියදීය. ඒ පැමිණි ඔහු පාතාල අපරාධකරුවන්ට එරෙහිව සටන් කරන්නේ ද සිය අඹුදරුවන් පවා ප්‍රාණ ඇපයට තබාගෙනය. ඒ ඔහු ජීවත් වූයේ ද ඒ පැත්තේම වූ බැවිනි. ඔහුට උවමනා වූයේ පාතාල අපරාධකරුවන්ගෙන් නිදහස් වූ පරිසරයක් ගොඩනඟන්නටය. ඒ වෙනුවෙන් ඔහු මුළු ජීවිතයම කැප කරන්නට වූයේ ජනතාවගේ ආශීර්වාදය ඇතිවය. ඒ වන විට අම්බලන්ගොඩ, මීටියාගොඩ, ඇල්පිටිය, කොස්ගොඩ, අහුංගල්ල, බලපිටිය පැත්තේ පාතාලයේ වැඩකාරයෝ ගොන්නක්ම සල්ලම් වූයේ බාලේන්ද්‍රසිහ අතිනි. කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද්ව වෙඩි තබා මරා දැමූ කරන්දෙණියේ සුද්දාත් ඔහුගේ සහෝදරයාත් කොටුකර ගන්නේද බාලේන්ද්‍රසිහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. බාලේන්ද්‍රසිහ පොලිසියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ ද ඒත් එක්කමය.

එම වකවානුව වන විට කරන්දෙණියේ සුද්දා යනු කමාණ්ඩෝ බළකායේ සිටි වෙඩික්කරුවෙකි. අද මෙන් පාතාලයේ කුප්‍රකට චරිතයක් ද නොවීය. ඔහු පාතාලයේ චරිතයක් බවට පත්වන්නේ වෛද්‍ය ප්‍රසාද්ගේ ඝාතනයත් සමඟිනි. අද වන විට මත්කුඩු ජාවාරම හා බැඳුණු ප්‍රධාන පාතාල අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම නම සටහන්වන කුප්‍රකට චරිතයක් බවට පත්ව සිටින්නේ කරන්දෙණියේ සුද්දාය. එසේම දැන් ඔහු ඔහු දකුණ හොල්ලාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකි. එහෙත් දැන් නම් ඔහු ඉන්නේ ඩුබායිවලය. හැම දෙයක්ම කරනු ලබන්නේ ඩුබායි හි රැඳෙමිනි.

බාලේන්ද්‍රසිහගේ ඝාතනය පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ ද කරන්දෙණියේ සුද්දාය. සිය ගෝලබාලයන්ව ඩුබායි සිට මෙහෙයවමින් මෙම ඝාතනය කරන්දෙණියේ සුද්දා විසින් කර ඇති බව පොලිසියේ විශ්වාසයයි. බාලේන්ද්‍රසිහ ඝාතනය කිරීමට කරන්දෙණියේ සුද්දාට තදබල ලෙස අවශ්‍යතාවක් මතුවන්නේ ඔහු බන්ධනාගාරයෙන් එළියට ආ නිසාම නොව, තවත් නඩු වාර දෙක තුනක් යන විට තමාට ඇති චෝදනා වලින් ඔහු නිදහස ලබා නැවත පොලිස් සේවයට එනු ඇතැයි බියකින් පසුවූ බැවිනි. බාලේන්ද්‍රසිහ නැවත නිල ඇඳුම ඇඳ ගත්තා යැයි කියනු ලබන්නේ දකුණේ දැන් තමන් දාන සෙල්ලම් දමන්නට බැරි බව කරන්දෙණියේ සුද්දා හොඳින්ම දැන සිටියේය.

බාලේන්ද්‍රසිහගේ වැඩ තහනම් වන්නේ ද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත වීම හේතුවෙන් මිස අධිකරණයකින් හෝ චෝදනා පත්‍රයකට වරදකරුවකු වී නොවීම හේතුවෙන් නැවත පොලිස් සේවයේ පිහිටුවා ගැනීමට තිබුණු ඉඩකඩ බොහෝය. ඒ බව පවා කරන්දෙණියේ සුද්දා පවා හොඳින්ම දැන සිටියේය. බාලේන්ද්‍රසිහ නැවතත් පොලිසියට පය තැබුවහොත් වසර එකහමාරක කාලයක් තිස්සේ කරන්දෙණියේ සුද්දාගේ ගෝලබාලයන් දැමූ සෙල්ලම් නැවත දමන්නට බැරිය. ඔවුන්ට සිදුවන්නේ නැවතත් මුළුගැන්වීමටය.

බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් ඇති නඩුවකට පෙනී සිට නිවෙසට යමින් සිටියදී පසුගිය 09 වෙනිදා බාලේන්ද්‍රසිහ ට වෙඩි තබා මරා දැමීමට තරම් කරන්දෙණියේ සුද්දා සාහසික වන්නේ ඒ වන විට ඔහුට ඇති එකම බාධකය වූ ඔහුව ඉවත් කර දමමිනි.

මෙම ඝාතනය කරන්දෙණියේ සුද්දා විසින් සිදුකර ඇත්තේ ඉතාමත් සැලසුම් සහගතව බව මේ වන විට කෙරෙමින් ඇති පොලිස් විමර්ශනවලින් පැහැදිලිව හෙළිවී හමාරය. මෙම ඝාතන සැලසුමේ සිටි එක් පාතාල අපරාධකරුවෙක් මේ වන විටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයට ලක්ව නොයෙන ගමන් ද ගොස් හමාරය. ඒ පසුගිය 12 වෙනිදා අලුයම් කාලයේදීය. කරන්දෙණියේ සුද්දාට අයත් පාළු නිවසක පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු මරුමුවට පත්වන්නේ යැයි කියැවෙන්නේ විශේෂ කාර්ය බළකාය සමඟ වෙඩි හුවමාරුවේ නිරත වන්නට ගොසිනි. එම නිවස මීටියාගොඩ මහවත්ත පාරේ පිහිටි එකකි. එසේ විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාර හමුවේ මරුමුවට පත්වන්නේ වාද්දූවේ පදිංචිකරුවෙක් වූ සංජීව ප්‍රේමකුමාර නැමැති අයෙකි. මේ පුද්ගලයා කමාන්ඩෝ බළකායෙන් පලා විත් සිටින සෙබළෙකි. එසේම ලියාපදිංචි අපරාධකරුවෙකි. පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහ ඝාතන සැලසුමට ඔහු සම්බන්ධ වන්නේ කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජුගේ යාළුකමටය..

අණක් ගුණක් නැති පාතාලයේ දඩබ්බරයෙක් වන කරන්දෙණියේ සුද්දා මෙන්ම ඔහුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජු ද හමුදා සේවයේ සිටි දක්ෂ වෙඩික්කරුවන්ය. හමුදාවට යන්නට පෙර ටික කාලයක් රාජු පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සේවයේ නිරතව සිටියෙකි. විශේෂ කාර්ය බළකායට සමුදෙන්නේ විශේෂ බළකා සෙබළෙක් වීමටය. අවසානයේදී අයියා මලෝ දෙදෙනාම කමාන්ඩෝ සෙබළුන් බවට පත්වෙමින් හමුදා සේවයේ සිටිමින් කුලියට මිනී මැරුවෝය. හිත හොඳ දොස්තර ලෙස කරන්දෙණිය පැත්තේ ජනතාව අතර ප්‍රසිද්ධියක් ඉසුලූ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙක් වූ ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ 2011 වසරේ සැත්තැම්බර් 29 වෙනිදා වෙඩි තබා මරා දමන්නේ ද හමුදා කඳවුරේ රාජකාරියේ නිරතව සිටියදී අයියා මලෝ දෙදෙනා කඳවුරෙන් හොර රහසේ පැනවිත්ය. ඒ හමුදාවේම ලොක්කකුගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

කඳවුරේ සේවයේ නිරතව සිටියදී හොරෙන් පැනවිත් ඒ වන විටත් ඝාතන කිහිපයක්ම කර තිබුණු මෙම අයියා මලෝ දෙපොළට වැඩ වරදින්නේ කරන්දෙණියේ දොස්තර ඝාතනයත් සමඟිනි. එදා ඔවුන් දෙදෙනාව කොටු කර ගන්නේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහ ය. සුද්දාත් රාජුත් ඒ නිසාම බාලේන්ද්‍රසිහ සමඟ සිටියේ බද්ධ වෛරයකිනි. ඒ වෛරය තීව්‍ර වන්නේ ඔවුන්ගේ ගෝලයන්ට නිදහසේ අපරාධවල නිරත වන්නට ඉඩ නොදී අල්ලා ඔවුන්ට එරෙහිව ඔහු නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට වූ බැවිනි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලියට යම් නිදහසක් උරුම වූයේ නම් ඒ බාලේන්ද්‍රන්සිහ බන්ධනාගාරයේ සිටි වසර එකහමාරක කාලය තුළ පමණි. ඔහු එළියට ආ සැණින් මරා දැමීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ යැයි විමර්ශකයන් විශ්වාස කරනු ලබන්නේ එබැවිනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව පෙනී ගොස් ඇත්තේ එදා මුලින්ම බාලේන්ද්‍රසිහට ප්‍රහාරයක් එල්ල කිරීමට කරන්දෙණියේ සුද්දා විසින් සැලසුම් කර තිබී ඇත්තේ බලපිටිය අධිකරණ සංකීර්ණය අසලදීය. ඒ එදින උදෑසන කාලයේදී කරන්දෙණියේ රාජුගේ මිතුරා වූ සංජී ප්‍රේමකුමාර යොදවාය. මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහිතව එදා ඔහු උදේ වරුවම බාලේන්ද්‍රසිහට කුරුමානම් අල්ලමින් අධිකරණය අසල රැඳී සිට ඇත්තේ බාලේන්ද්‍රසිහට කොකා ගස්සන්නටය. එම ඉලක්කය වැරදී යන්නේ බාලේන්ද්‍රසිහ අධිකරණයට පැමිණ ඇත්තේ එදින සවස් කාලයේදී වූ බැවිනි. ඒ නඩු විභාගය ආරම්භවී ඇත්තේ එදින සවස් කාලයේදී වූ බැවිනි. ඒ බව නොදැන කරන්දෙණියේ සුද්දාගේ කණ්ඩායම එසේ හැසුරුණේ දැයි දන්නේ ඔවුන්ම පමණි.

බාලේන්ද්‍රසිහ පදිංචිව සිටියේ ගාල්ල – කොළඹ පාරේ දේවි‍නීගොඩ, මොරන්තුඩුව ප්‍රදේශයේය. ඔහුට දරුවන් සිවු දෙනෙකි. බාලයා තවමත් පාසල් යන වයසේ පසුවන්නෙකි. වැඩිමහල් දරුවන් දෙදෙනාම උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ය. මේ අය සමඟ ඔහු ජීවත් වූයේ එම නිවෙසේය. බාලේන්ද්‍රසිහගේ සහෝදරයෙක් වූ බුද්ධිසිහ පදිංචිව සිටියේ ද ඊට යාබද නිවෙසකය. එදා බලපිටිය මහාධිකරණයේ විභාග වූ නඩුවට පෙනී සිටි බාලේන්ද්‍රසිහ යතුරුපැදියේ නැඟී නිවෙසට එන අතර තුර නිවෙස අසලදී මුණ ගැසෙන්නේ සිය සහෝදරයාවය. එවිට වේලාව සවස 6.00ට පමණ ඇත. යතුරුපැදිය මඳකට නතර කරමින් ඔහු සමඟ බාලේන්ද්‍රසිහ කතාබහක නිරතව සිටින්නට වූයේ නඩු කටයුත්ත සහ නැවත පොලිස් රැකියාව සකස් කරගන්නා ආකාරය ගැනය. වෙඩි වරුසාවක් ඔවුන් දෙදෙනා දෙසට ටී 56 අවියකින් එල්ල වන්නේ ඒත් එක්කමය. එම වෙඩි ප්‍රහාරය බාලේන්ද්‍රසිහ ඉලක්ක කර එල්ල වූවකි. බාලේන්ද්‍රසිහ එම වෙඩි ප්‍රහාර හමුවේ සිය අවසන් හුස්ම පොද පවා ඒ මොහොත වාතලයට මුසු කරන විට ඔහුගේ සහෝදරයා දිවි බේරා ගන්නේ තුවාල ලබාය.

බාලේන්ද්‍රසිහ පාතාල අපරාධකරුවන්ගෙන් ජීවත තර්ජනයන්ට ලක්ව සිටියේ කලක සිටය. 2019 වසරේ දී ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක බුද්ධි වාර්තාවක්ද පොලිස් බලධාරීන් අතට පත්කර තිබී ඇත්තේ මෙම නිලධාරියා වැඩ කිරීම හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටින බව සඳහන් කරමිනි. එම බුද්ධි වාර්තාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය කොතරම් යොමු වූයේදැයි ඇත්තේ ගැටලුවකි. එසේ වී නම් ජීවිත තර්ජනයට ලක්ව සිටි මෙවන් නිලධාරියකු වැඩ තහනමකට ද ලක්ව නිරායුද අනාරක්ෂිත පුද්ගලයෙක් ලෙසින් මෙසේ මහ මඟ පාතාලයෙන් වෙඩි කා මියැදෙන්නේ නැත.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලකළේ කවුරුන්දැයි තවමත් පැහැදිලිවම හෙළිවී නැතත්, සැලසුම නම් ඩුබායි හි රැඳී සිටින කරන්දෙණියේ සුද්දාගේ බව නම් මේ වන විට හෙළිවී හමාරය. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවයේ නිරතව සිටි රුවන් තිහාරව 2019 වසරේ ජුලි 03 වෙනිදා අම්බලන්ගොඩ කුලීගොඩදී වෙඩි තබා මරා දැමීම පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ ද කරන්දෙණියේ සුද්දාගේ නමය. කියැවෙන ආකාරයට අනුව රුවන්ව මරා දමන්නේ සුද්දාගේ ගෝලයන්ට බන්ධනාගාරය තුළ සැප ගන්නට රුවන්ගෙන් එල්ල වන්නට වූ බාධා ඉවත් කරගන්නටය. ඒ පිටුපස බන්ධනාගාරයේ දූෂිත නිලධාරියකුගේ නමක් ද එකල කියැවිණි.

බාලේන්ද්‍රසිහ මරා දමන්නේ ඔහු නැවත සේවයට ආවොත් සුද්දාගේ කල්ලියට දැන් දකුණේ දාන සෙල්ලම් දාන්නට ඉඩක් නොලැබෙන නිසා නිල ඇඳුම අඳින්නට පෙර ඔහුව ඉවරයක් කර දැමීම සඳහා බව ද දැන් පැහැදිලිය. ඒ සඳහා සුද්දා ඩුබායි සිට ලොකු මහන්සියක් ගෙන ඇති බව මේ වන විටත් විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් හමාරය. විශේෂ කාර්ය බළකාය මේ වන විටත් පන්නමින් සිටින්නේ කරන්දෙණියේ සුද්දා සමඟ මෙම ඝාතන සැලසුමට සම්බන්ධව සිට අය පස්සේය.

බාලේන්ද්‍රසිහ මරා දැමීමට බලපිටිය අධිකරණය අසල රැකගෙන සිටි කරන්දෙණිය සුද්දාගේ එක් ගෝලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයක් හමුවේ මරුමුවට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. දැන් සුද්දාගේ සෙසු ගෝලබාලයන් සිටින්නේ හිස හැරුණු අතේ පලායමින් ජීවිතය යදිමිනි. ඒ ඔවුන්ට ද මර බිය දැන් දැනෙන්නට පටන් ගෙන ඇති බැවිනි. -සිළුමිණ

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

70 පැන්න පරණ සෙට් එකද? 60 නොපැන්න අලුත් සෙට් එකද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

Next Post

අවුරුදු 41කට පසු ඉන්දු ලංකා සුපිරි බෝට්ටු සේවය පටන් ගනී! ගමනට පැය 4යි! 150කට යන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.