මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සදහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට අවසර ලබා නොදීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ සදහා අවසර ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට ලිඛිතව ඉල්ලීම් කොට තිබුණද අමාත්‍යංශට ඊට අවසර ලබා දීමට කටයුතු කොට නැත.
කෙසේවෙතත් ලබන නොවැම්බරයේ ඉන්දියාවේ අහමදාබාද්හි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සදහා සහභාගී වීමට අවසර ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මේ අකාරයට ක්‍රීඩා අමාත්‍යංශය ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ට ලෝක කුසලානය නැරඹීම සදහා ඉන්දියාවට යාමට අවසර ලබා නොදුන්නද අනෙක් සෑම රටකම ක්‍රිකට් බලධාරීන්ට මෙම අවස්ථාවට එක්වීම සදහා එරට බලධාරීන් පියවර ගෙන දී තිබීම විශේෂ සිදුවීමකි.












