විදුලිබල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළිත් වරක් වැඩකිරමින් එම බරද ජනතාව මත පැටවීමට ආණ්ඩුව කටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ විදුලි බිල වැඩිකිරීම හරහා සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල නැවතත් ඉයළ යෑමට නියමිත බවයි.
මෙම අසීමිත ජීවන වියදම දරාගත නොහැකි ජනතාව විශාල වශයෙන් මේ වන විටත් රට අතහැර යමින් සිටින බවද වීරවංශ මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.










