ඊයේ (11) රාත්‍රියේ සිට ඇදහැලෙන වැසි හේතුවෙන් නිල්වලා ගඟේ සහ ගිංගඟේ ජලමට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ පහළ ද්‍රෝනියට අයත් අකුරැස්ස , මාලිම්බඩ, තිහගොඩ ,කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින ගංවතුර යළි ඉහළ යා හැකි බව පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංගඟ පහළ ද්‍රෝනියට අයත් බෝපේ පෝද්දල ,නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පහළ ප්‍රදේශ වල පවතින ගංවතුර මට්ටම සුළු වශයෙන් ඉහළ යා හැකි පැවසීය.
ඒ හේතුවෙන් ගංගා පහළ ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.










