ඥාතීන් විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති රෝගීන් 414 දෙනකු තවමත් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය. (Sri Lanka Latest News)
මානසික ආබාධවලට ලක්ව සුවය ලබා සිටින රෝගීන් අතරේ කාන්තාවන් 322 දෙනකු ද, පිරිමින් 92 දෙනකු ද සිටින බව ඇය කියා සිටියාය.
මෙම ඇතැම් රෝගීන් අවුරුදු 30 – 40 ක සිට රෝහලේ රැඳී සිටින බවද 70 දෙනෙකුට ඡන්ද අයිතිය ඇතැයි ද කියා සිටි අධ්‍යක්ෂවරිය ඇතැම් රෝගීන්ගේ ලිපිනයන් සොයාගිය විට ඒවා ව්‍යාජ බව හෙළිවිනැයි ද පැවසුවාය.
මෙම රෝගීන් අවුරුදු 35 ත් 90 ත් අතර වයසේ පසුවන බව පැවසූ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය මෙම ගැටලුව ගැන සමාජ සේවා දෙපාර්තමේන්තුවට ද දැනුම් දී ඇතැයි කීවාය.
දරුණු මානසික රෝගාබාධවලින් පෙළුණු මෙම රෝගීන් මේ වනවිට සුවය ලබා සිටින බවත්, එවැනි පුද්ගලයන් ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීම ඉතාම කනගාටුදායක බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
divaina










