ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන අතුරලියේ රතන හිමියන්‌ගේ ප්‍රධානත්වයෙන් ‘අපේ ජනබල පක්ෂය’ යටතේ තරග වැදීමට මේ වනවිටත් ඉතා විශාල පිරීසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
එහිදී ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාල වැඩකොටසක් කළ නමගිය භික්ෂූන් වහන්සේ විශාල පිරිසක්ද, ප්‍රධාන පෙළේ රණවිරුවන් පිරිසක්ද සිටින බව දැනගන්නට ඇත.
එමෙන්ම වියත්මග වැනි ප්‍රධාන පෙළේ සංවිධානවල උගත්, බුද්ධිමත් පිරිසක්ද සිටින බව පැවසේ.
මෙම පිරිස මෙවර මැතිවරණයේදී පොහොට්ටුව යටතේ තරග කිරීමට සූදානමින් සිටියද ඉන් නාමයෝජනා නොලැබීම මේ සදහා බලපා ඇති බව වාර්තා වේ.
මීට අමතරව ප්‍රධාන පක්ෂ දෙකෙන්ම නාමයෝජනා නොලැබුණු වුශාල පිරිසක්ද රතන හිමියන්ගේ මෙම නව පක්ෂය යටතේ තරග වදිනු ඇති බව පැවසේ.










