තවත් ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව අද (15) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කිරීමත් සමග ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය බව පැවසේ.
මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.








