සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග වදින ‘සමගි ජන බලවේගයේ’ නාමයෝජනා සියල්ල අද (15) රාත්‍රිය වනවිට සකස් කොට අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
ඊට එම පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨයන් සහභාගී වී සිටින බවද දැනගන්නට තිබේ.










