• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතෝලික සභාවේ බෙදීමක්ද? ජර්මනියේ ඩොයිෂ් වෙල් නාලිකාවට ජනපති කී කතාවට කතෝලික සභාවේ නිල පුවත්පතේ කතුවැකියෙන් උත්තර දෙයි! I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කතෝලික සභාවේ බෙදීමක්ද? ජර්මනියේ ඩොයිෂ් වෙල් නාලිකාවට ජනපති කී කතාවට කතෝලික සභාවේ නිල පුවත්පතේ කතුවැකියෙන් උත්තර දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාර පරීක්ෂණ සම්බන්ධයෙන් කතෝලික සභාවේ බෙදීමක් ඇති බව ඇඟවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩොයිෂ් වෙ රූපවාහිනිය හමුවේ දැරුවේ “විහිළු සහගත, අභූත සහ අසාර්ථක” උත්සාහය හෙලා දකිමින් කතෝලික සභාව විසින් නිකුත් කරන ශ්‍රී ලංකාවේ පළවන ඉපැරණිතම සිංහල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපයේ 2023 ඔක්තෝබර් 8 වැනි ඉරිදා කලාපයේ කතු වැකියේ සදහන්ව තිබිණ.Sri Lanka Latest News

එම සම්පුර්ණ උපුටා ගැනීම පහතින්,

‘ශ්‍රී ලංකා රජය කිසිදා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු නොකරන බව ජනාධිපතිවරයා ඉතා දැඩිව එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කරයි. මෙම ජනාධිපතිවරයාම, වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරද්දී 2022 ජූලි 18 දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු නොවීමේ අර්ථය වන්නේ එම කාරණය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නැති බවයි. එහි දී තව දුරටත් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ විමර්ශනවල අසම්පූර්ණ ස්වභාවය නිසා බ්‍රිතාන්‍ය රජයෙන් සහ ඔවුන්ගේ බුද්ධි අංශවලින් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටින බවයි. වසරක පමණ කාලයක්‌ තුළ ජනාධිපතිවරයාගේ මෙම වෙනස්වීම පෙන්නුම් කරන්නේ, ඔහුගේ වංචනික සහ දෙබිඩි පිළිවෙතයි. තම ස්ථාවරය කෙටි කලකදී මෙසේ වෙනස් කරන්නේ ජනමතයකින් තොර තම බලය රැක ගැනීමේ තණ්හාධික චේතනාවෙන් බව ඉතාම පැහැදිලිය. එවැනි නායකයකු අද කියන දෙය පිළිබඳව මේ රටේ ජනතාව විශ්වාසය තැබිය හැක්කේ කෙසේද?

එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සිදු කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඔහු අති උතුම් කාදිනල් හිමිපාණන් සමඟ ගනු දෙනු නොකරන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමඟ ඔහු සාකච්ඡා කළ බවත් කතෝලික රදගුරු සමුළුව පැමිණ ඔහු සමඟ සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පවසයි. මේ පිළිබඳව ‘ඥානාර්ථ ප්‍රදීපය’ කළ විමසීමක දී කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා කිසි විටෙක කතෝලික රදගුරු සමුළුව හමු නොවූ බවයි. එසේම ඒ සඳහා කතෝලික රදගුරු සමුළුව ද කිසි විටෙක ජනාධිපතිවරයා හමුවීමට නොගිය බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍යයන් හමුවේ මෙසේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ඔහුගේ පෞරුෂය සහ කීර්තිනාමය හානියට ලක්වීම පමණක් නොව, ඔහු නියෝජනය කරන රටේ මහජනතාවගේද කීර්ති නාමය විනාශ කිරීමකි.

එසේම, අතිඋතුම් කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදගුරු සමුළුවේ ස්ථාවරය අතර පරස්පරයන් ඇති බව පෙන්වීමට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අසාර්ථක උත්සහයක යෙදෙන බව පැහැදිලිය. එහෙත්, රටේ ජාතික ප්‍රශ්න පිළිබඳව මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවද ස්ථාවරය ප්‍රකාශ කරනුයේ සියලු රදගුරු හිමිවරුන්ගේ එකඟත්වයෙන් සාමුහිකව බව අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමිපාණෝ අප පුවත්පතට පැහැදිලිව පවසා තිබේ.

අතිඋතුම් කාදිනල් හිමිපාණන් ද, කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස කතෝලික රදගුරු සමුළුවේ සාමාජිකයකු බව ජනාධිපතිවරයා නොදැන සිටියාද නො එසේ නම් ඒ පිළිබඳව දැන දැනත් අප රටේ පුරවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද නොමග යැවීමට මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේද යන්න විමසිය යුතු කරුණකි.

රටේ ජනාධිපතිවරයා ලෙස, ජාත්‍යන්තර මාධ්‍යයන් හමුවේ කළ සාකච්ඡාවක දී ඔහුගේ හැසිරීමේ ඇති ජුගුප්සාජනක බව වෙනම සාකච්ඡාවට ලක්විය යුත්තකි. ඒ කෙසේ වුවද එම සාකච්ඡාවේ දී ඔහු විසින් කරන ලද අසථ්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ මගින් කතෝලික සභාව තුළ බෙදීමක් ඇතැයි පෙන්වීමට ඔහු උත්සාහ දැරුවේ නම් එය විහිළු සහගත, අභූත සහ අසාර්ථක උත්සාහයක් බව අවධාරණය කළ යුතු වෙමු.”

SendShareShare
Previous Post

පරිගණක අපරාධ විමර්ශනයෙන් ඉන්දික තොටවත්තව අත්අඩංගුවට අරන්!  I Sri Lanka Latest News

Next Post

ජනපති ගැන ඥානාර්ථ ප්‍රදීපයේ කතුවැකියෙන් කියපු කතාවට ජනපති මාධ්‍ය ඒකකයෙනුත් නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.