• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවේ උසස් නිලධාරීන්ගේ වාහන පාවිච්චිය ගැන කතා කරපු මට යුද හමුදාපතියි-ආරක්ෂක ලේකම්වරයායි තර්ජනය කළා! චණ්ඩි වගේ හැසිරුණා! මම ඇහුවාම අතින් පයින්ද කියලා එහෙමත් පුලුවන් කිව්වා! චන්දිමගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හමුදාවේ උසස් නිලධාරීන්ගේ වාහන පාවිච්චිය ගැන කතා කරපු මට යුද හමුදාපතියි-ආරක්ෂක ලේකම්වරයායි තර්ජනය කළා! චණ්ඩි වගේ හැසිරුණා! මම ඇහුවාම අතින් පයින්ද කියලා එහෙමත් පුලුවන් කිව්වා! චන්දිමගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හමුදාවේ උසස් නිලධාරින් ගේ වාහන පාවිච්චිය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (5)  තර්ජන කළ බවත් මේ සිද්ධියෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින්  ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ගාලු දිස්ත්‍රික් දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.Sri Lanka Latest News

තමා කතා කළේ ජනතාව වෙනුවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කතා කිරීම නතර කළ හැක්කේ  මරා දැමීමෙන් පමණක්  බවද  ප්‍රකාශ කළේය.

මිනිසුන් වෙනුවෙන් කතා කිරීම ඒ හෙන්චයියන්ට වැළැක්විය නොහැකි බවද  ඔහු කීවේය.

වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

චන්දිම වීරක්කොඩි මහතා මෙසේද පැවසීය.

හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ වාහන පාවිච්චිය ගැන මම කරපු ප්‍රකාශයක් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා.  කමිටුව ඇතුළේ පාර්ලිමේන්තුව ඇතුළේ  හැසුරුණේ චන්ඩි  වගේ. මම ඇහුවා  අතින් පයින් ද කියලා එතකොට කිව්වා එහෙමත් පුළුවන් කියලා. මෙයා සතෙක්ද රස්තියාදුකාරයෙක්ද   ලේකම්වරයෙක්ද.  හමුදාපති ආරක්ෂක ලේකම් මට දිගින් දිගටම තර්ජනාත්මකව කතා කළා. මේ සිද්ධියෙන්  මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවුණා. මේ පිළිබඳව සොයා බලා  කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පාර්ලිමේන්තු කාරක සභාවේදී  සාකච්ඡා කළා.සොල්දාදුවන් අඩු කරනවට වඩා ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය නාස්ති කපා හරින්න කියලා මම එතනදි කිව්වා. ඇමැතිවරුන්  පවා දැන් අනවශ්‍ය විදිහට නාස්ති කරන්නේ නැහැ. අපි ඒ ගෞරවය දෙනවා. නමුත් ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන මම කතා කරනවා. අපේ රට පත්වෙලා තියෙන තත්වය අපි දන්නවා. මිනිස්සුන්ට කන්න නෑ .මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. යුදහමුදාවෙ විශ්‍රාම ගිය  බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙ නෑ.  නමුත් හමුදාපති ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම පුදුම හිතෙනවා. හමුදාපතිගෙන් නිල නිවසේ වත්ත  හදන්න රුපියල් කෝටි අටක් මේ වෙලාවේ වැය කරනවා.  මේ වගේ දේවල් නවත්තන්න. ආරක්ෂක ලේකම්  සිවිල් ගුවන් සේවා අධිකාරියේ බෝඩ් එකේ ඉන්නවා . එයා එතනට යන්න කලින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇවිල්ල  ඒ පරිශ්‍රය චෙක් කරනවාලු විශාල නැටුමක් නටනවලු. කාගේ සල්ලිද මේ. අපි මේවා නවත්තන්න කිව්වම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තර්ජනාත්මකව කතා කරනවා.

අපි නිදහස් චතුරස්‍රයට ඇවිදින්න යනවා. ආරක්ෂක ලේකම් උදේට ඇවිදින්න යනකොට ඔබතුමා දකිනවා. ගෞරවනීය සොල්දාදුවන් දෙන්නෙක්  බල්ලො ඉස්සරහින් අරගෙන යනවා. පස්සෙන් ජිප් එකක් යනවා තව වාහනයක් යනවා. කාගේ සල්ලිද මේ. මිනිස්සු බනින්නෙ  225ට. අපේ ගමේ පන්සලට ආවා. බද්දේගම. පන්සලට එන්න කලින් වෙනම කණ්ඩායමක් ආවා. සිය ගණනක්. හාමුදුරුවන්ට කන්න දී  ගන්නවත් විදියක් නැති වුණා. මේ නිලධාරියෙක් කරන වැඩ. ආරක්ෂක වියදම් වෙන් කරන්නේ අපි අත උස්සලා.ඉතින් මෙහෙම කටයුතු කරන කොට  අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද. යුද්ධ කරපු රණ විරුවන්ට අපි ඉහළින්ම  ගරු කරනවා. නිලධාරීන් කිහිප දෙනකුට අනේකවිධ සැප විඳින්න අවසර දෙන්න ඕනද.  රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරයකුට  මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තර්ජනය කරන්න පුළුවන් නම් ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුයි. මම කතා කළේ ජනතාව වෙනුවෙන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ මරලා විතරයි. මිනිසුන් වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චයියන්ට වළක්වන්න බැහැ.

ජාතික ජන බලවේගයේ  පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා;

මේක බරපතළ කාරණයක්. ඒත්  පටි ගතවුණු දේවල් වහාම පරික්ෂාවට ලක් කරන්න. ඒ වගේම ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.

SendShareShare
Previous Post

පැති මාරු කරලා ඇමැතිකමක් ගත් නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය නැතිවෙයිද? ‘නඩු තීන්දුවෙන් පසු මන්ත්‍රී ධූරය නැති වෙනවා! අපි තීන්දුව අධ්‍යයනය කරනවා!’ පාර්ලිමේන්තු වේත්‍රධාරීගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීකම නැතිවෙන නසීර් අහමඩ්ගේ පුටුවට ඊළඟට එන්නේ අලි සහීර් මවුලානා? I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.