• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවදිවන්න අවදිවන්න I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පත අතට ගත් සැණින් බොහෝ දෙනෙක් තුළ හටගත්තේ තැතිගැන්මකි. ඊට හේතුව එහි මුල් පිටුවේ වූ පෙනුමය. සාමාන්‍ය වශයෙන් ‘මව්රට’ මේ ආකාරයේ අනතුරු ඇඟවීමේ ස්වරූපයෙන් නිකුත් වෙන්නේ රට යම් අනතුරක් සමීපයට පැමිණි අවස්ථාවන්හිදීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අප කුමක් හෝ ව්‍යසනයක් සමීපව සිටින බව කොයිකාටත් වටහා ගනන්නට මහ වෙලාවක් ගියේ නැත.(Sri Lanka Latest News)

රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මිනිසුන්ගේ නිදහස් අයිතීන් උල්ලංඝනය කරමින් ආණ්ඩුව ගෙන එන්නට යන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් තුනකට එරෙහිව ජනතාව සටන් පෙරමුණට කැඳවමින් සැරසී තිබූ ‘මව්රට’ පත්තරයේ මුල් පිටුව නිසා තම හිසට ඉහළින් තිබූ දැවැන්ත අවදානමක් කල්තබා හඳුනා ගන්නට පාඨකයන්ට හැකි විය.

විසඳන්නට සුවහසක් ප්‍රශ්න ඇති රටේ ආණ්ඩුව මුලින්ම නීති ගේන්නට යන්නේ මිනිසුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වළලා දමන්නටය. විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍යද ඉලක්ක කර ආණ්ඩුව ගේනා මර්දන පනත හඳුන්වාදී ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙසය. නම සුරක්ෂිතභාවය වුණත් ඉන් සුරැකෙන්නේ ජනතා විරෝධී හැසිරීමක යෙදෙන ආණ්ඩුව පමණක් බව බොහෝ දෙනාගේ චෝදනාවය. මාර්ගගත ක්‍රම භාවිත කරන්නන්ට වන්නේ හිරේ විලංගුවේ වැටෙන්නටය. ආණ්ඩුව ගෙන එන්නට යන අනෙක් පනත වනුයේ ප්‍රතිත්‍රස්ත පනතය.

ඒ පනතද මීට කලකට පෙර ජනතා විරෝධය නිසා හකුළා ගත් ප්‍රතිත්‍රස්ත පනතේම කාබන් කොපියක් බව බොහෝ දෙනාගේ අදහසය. මෙම පනත් දෙක දැනට ගැසට්ගත කර ඇති අතර විකාශන අධිකාරී පනත නම් අනෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතද සූදානම් කර තබාගෙන ඇත්තේ ඉහත සඳහන් පනත් දෙකට නැගෙන උග්‍ර ජනතා විරෝධය නිසා බව පැහැදිලිය.

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව සඳහා ගෙන එන පනත මගින් සමාජ මාධ්‍ය භාවිතයට රජය මැදිහත් වන අතර එමගින් මිනිසුන්ගේ මූලික අයිතීන් පවා උල්ලංඝනය වන බව විෂය ප්‍රාමාණිකයෝ අඛණ්ඩව පෙන්වා දෙමින් සිටිති. එහෙත් ආණ්ඩුව නෑසූ කන්ව සිය මර්දන යාන්ත්‍රණය ඉදිරියට දක්කමින් සිටියි. ගව රැළ දක්කා ගොපල්ලෙක්ට කෙවිට හැර අන් දෙයක් ඕනෑ නැතිවා මෙන් වත්මන් ආණ්ඩුවද රට කරවන්නට යන්නේ මර්දන නීති පැනවීමෙනි.

එහෙත් අප සිටිනුයේ දියුණු ලෝකයක බව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හිතාමතා අමතක කරමින් සිටියි. වත්මන් සමාජය තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්ය. එහෙයින් ආණ්ඩුව උදුරා ගන්නට යන්නෙ අන් කිසිවක් නොව තමන්ගේ අයිතිවාසිකම් බව ඔවුහු ඉඳුරා දනිති. එහෙයින් මේ වන විටත් රටම දඬුකඳේ ගහන්නට ආණ්ඩුව ගෙනා පනත්වලට එරෙහිව ජනතාව වීදි බසිමින් සිටිති.

ආණ්ඩුවේ නව මර්දන පනතට එරෙහිව මුල්ම වෙඩිමුරය දැල්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන නම පෙරටු කර ගත්තද එවන් කිසිම ප්‍රතිපාදනයක් ගැබ්ව නැති මෙකී පනත ගෙන එන්නේ ආණ්ඩුවට එරෙහි, ජනතා හඬ හා විපක්ෂය නිහඬ කිරීමට බව විපක්ෂ නායකවරයා පසුගියදා මාතරදී පැවැසීය.

මේ සඳහා කොමිසමක් පත් කිරීමට නියමිත බවත් එහි සභාපති හා සාමාජිකයන් පත්කරන්නේ සහ ඉවත් කරන්නේ ජනාධිපති බවත්, ඒ හරහා තමන් කියන ආකාරයට කටයුතු නොකරන්නේ නම් එම සාමාජිකයන් ඉවත් කළ හැකි බවත්, තමන්ට හිතවත් අතකොලුවන් පත් කර මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පෙරටු කරගෙන තමන්ගේ තනතුරේ, තමන්ගේ හා තමන් හිතවත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

ජනාධිපති නම් කරන මේ කොමිසමකින් මාර්ගගත වේදිකා නියාමනය කිරීම මගින් අධිකරණයේ බලය පවා අභිභවා යමින් සමාජ මාධ්‍ය පාලනය ආණ්ඩුවේ උත්සාහය බව විපක්ෂ නායකවරයා එහිදී පැවසීය. මෙමගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි වන බව පවසන ඔහු, අනාගතයේදී සමාජ මාධ්‍ය සේවා සපයන සමාගම් ශ්‍රී ලංකාව හැර යාම නියත ලෙසම සිදුවන බව සඳහන් කරයි.

මේ පනත නිසා අන්තර්ජාල සේවා සපයන්නන් රට හැර යාම අනිවාර්ය බව පවසනුයේ විපක්ෂ නායකවරයා පමණක් නොවේ. නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසනුයේද වසර 5ක සිර දඬුවම් ලබාදෙන බලයක් ඇති මෙම පනත නිසා ශ්‍රී ලංකාවේ සියලු මාර්ගගත වේදිකා බිඳවැටී ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා රාජ්‍යයක් වීමේ අවදානම මතුව ඇති බවය.

‘මේ වගේම දෙයක් පාකිස්තානයේ සිදුවුණා. එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වගේම පනතක් ගෙනාවා සමාජ මාධ්‍ය පාලනයට. 2020 ඔක්තෝබර් 06 වැනිදා එරට ක්‍රියාත්මක අන්තර්ජාල සේවා සපයන්නන් අගමැතිවරයාට දන්වා සිටියා නව පනත ක්‍රියාවට නැගුවහොත් තම ආයතන පාකිස්තානයෙන් ඉවත් කරගන්න බව. ඒ නිසා ඉම්රාන් ඛාන්ට සිදුවුණා එම පනත අකුළාගන්න. පාකිස්තානයේ ජනගහනය මිලියන 220ක්. ඒක දැවැන්ත වෙළෙඳපොළක්. ලංකාවේ ජනගහනය මිලියන 22යි. අපි බොහොම පුංචි රටක්. ඒ වගේම පුංචි වෙළෙඳපොළක්. ඔය ජාත්‍යන්තර සමාගම්වලට ලංකාව අතහරින්න මහ වෙලාවක් යන්නෙ නෑ.’ මහාචාර්ය ජී.ඇල්. පීරිස් අප කළ විමසුමට පිළිතුරු දෙමින් පැවැසීය.

වත්මන් ආණ්ඩුව නිතර දෙවේලේ කතා කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් ගෙන ඒමටය. අධ්‍යාපනය ඩිජිටල් කරන්නටය. ජනාධිපති ‍රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම අලෙවිකරණය සහ සේවා සැපයීම ඩිජිටල් කරන්නට කතා කරයි. ඒ කරන ගමන් සමාජ මාධ්‍ය සහ මාර්ගගත වේදිකාවන් නියාමනයට පනත් සම්පාදනය කරයි. හක්කේ බුදුරැස් තිබෙන රනිල්ගේ දේශපාලනයේ බොක්කේ තිබෙන්නේ දඩමස් යැයි විපක්ෂය කියන්නේ ඒකය.

මේ හිතුවක්කාර පනත ක්‍රියවට නැඟීමට පෙර එහි හානිකර බව ටක්කෙටම දන්නේ නීතිඥ ප්‍රජාවය. එහෙයින් මේ තීරණාත්මක පනත ගැන නීතිඥ ප්‍රජාව දක්වන අදහස් ගැනද සිතාබැලිය යුතුමය. දැනට ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත යන පනත් ද්විත්වය වහා ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මගින් ආණ්ඩුවට බලකර සිටී. මෙම පනත් දෙක මගින් ජනතාවගේ පරමාධිපත්‍ය සහ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය වන බව නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය වූ බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනමතය දඬුකඳේ ගසන්නට ආණ්ඩුව ගෙන එන පනතට එරෙහිව අදහස් දැක්වූවන් අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග්ද වෙයි. ආර්ථික ස්ථාවරය කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා නොකළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඈ අවධාරණය කරන්නීය.

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බව ඇය පවසන්නීය. ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳ මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩනැගීම පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදුවෙතැයි පැවැසූ ඇය, එවන් අවශ්‍යතාවක් අභිමුව පවතින රටක ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළලා දමන්නට උත්සාහ ගැනීම පිළිගත නොහැකි බවද පැවැසූවාය. ඇමෙරිකානු තානාපතිනිය මේ බව පැවැසුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැති උත්සවයකදීය.

මේ පනත් දෙක ගැන අදහස් දක්වන ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනුයේ ආණ්ඩුව මේ වනවිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් කරා යොමුවෙමින් සිටින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් නිසා මතුවන ජනතා විරෝධය මැඬලීමට ආණ්ඩුව මෙම පනත් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත්, මෙම පනත් දෙක මගින් බරපතළ ලෙස ජනත නැඟීසිටීම් මර්දනය කරන්නට ආණ්ඩුව සූදානම් වන බවත් ඔහු පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිටු 141කට සීමා වුවද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පිටු 56කින්ද, ප්‍රතිත්‍රස්ත පනත පිටු 102කින්ද සමන් විත බවත්, ඒ අනුව මේ පනත් දෙකේ පමණක් පිටු 161 ඇති බවත් ඔහු පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා දිගු පනත් දෙකක් මගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මර්දනය මිස අනෙකක් නොවන බව ඔහු සඳහන් කළේය.

ඉහත පළකර ඇති සියලු අදහස්වලින් සනාථ වනුයේ ආණ්ඩුව අලුතින් ගෙන එන්නට යන පනත් දෙකේ ඇති බිහිසුණු බවය. මේ අදහස් දක්වන සියලු පාර්ශ්ව දේශපාලනිකව විවිධ කඳවුරු නියෝජනය කරන අතර, ඇමෙරිකානු තානාපතිනියගේ අදහස් දැක්වීම ජාත්‍යන්තර මතයට සමානුපාතව කියවාගත යුතුය. ඒ කොයි ආකාරයෙන් බැලුවත් පෙනෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත සහ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත යන දෙකම එක හා සමාන බිහිසුණු මෙන්ම ශීලාචාර සමාජය පිළිකුල් කරන ඒවා බවය. ඒ අනුව පසුගිය සතියේ ‘මව්රට’ සිය පළමු වෙඩිල්ල පත්තු කළේ මේ බිහිසුණු පනත් දෙකට එරෙහිව බව පැවැසීමේ වරදක් නැත.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

අනේ මන්දා නාලිනී නොහොත් අනේ නන්දා මාලිනී I Sri Lanka Latest News

Next Post

කොල්ලුපිටියේදී බස් රථයක් මතට මහා ගසක් කඩාවැටෙයි! මගීන් 5ක් මරුට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.