• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෝජන සහ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නාමල් මැදිහත් වෙන්න යයි! I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.Sri Lanka Latest News

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

විදේශ තානාපති කාර්යාල මගින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙම කමිටුවේදී සාකච්ඡා වූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය අනෙකුත් සියලු ආයතන අතර සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් මේ සඳහා කටයුතු කිරීමට සිදු කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.

 විශේෂයෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක් වී මෙම අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන බවත් මේ සඳහා මෙම ආයතන අතර ඇති සන්නිවේදන දුර්වලතා මගහරවා ගත යුතු බවත් කාරක සභාවේ අදහස විය.

මේ අනුව ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටුලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ යෝජනා කළේය. සති දෙකකට වරක් වත් මෙම පත් කරන කමිටුව රැස්වී අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් වන බවද මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීමට එකඟතාව

එසේම බ්‍රික්ස් රටවල් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීම පිළිබඳවද ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමතිය සහිතව පත්කරනු ලබන මෙම අනු කමිටුව මගින් බ්‍රික්ස් රටවල් සමඟ කටයුතු කිරීම ඇතුළු කාරණා සලකා බැලීම සිදු වන බව පෙන්වා දෙන ලදි. මෙහිදී මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අනුමතිය හිමි වීම සිදු විය.

විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට උපදෙස්

තවද විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට මැදිහත් වන ලෙස උපදෙස් ලබාදීමද මෙහිදී සිදු විය.

විශේෂයෙන්ම චීනය ඇතුළු රටවල් කිහිපයකම මේ වන විට තනාපතිවරුන් පත් කිරීම ප්‍රමාද වී පවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන් අතර ලංකාව සමග සෘජුවම සම්බන්ධවන අනෙකුත් රටවල් සමග ගුණාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යාම වැදගත් වන බව කමිටුවේ අදහස විය.

මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ මැදිහත්වන ලෙස කාරක සභාව උපදෙස් ලබාදීම සිදු විය.

මීට අමතරව තානාපති කාර්යාලවල නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඔවුන් පසුගිය වසර 5 තුළ සිදු කරන ලද කටයුතුවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමටද මෙහිදී යෝජනා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, නීතිඥ මධුර විතානගේ සම්බන්ධ වූහ.

SendShareShare
Previous Post

රනිල් දාපු කැබිනට් පත්‍රිකාවක් අනුර පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ කරයි! වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට අවුරුදු 8ක බදු සහනයක් දීලා තිබ්බා! තවත් අවුරුදු 6ක සහන බදු කාලයකුත් දීලා තිබ්බා! දැන් ගිවිසුම් වෙනස් කරලා 30%ක බද්දත් ශුන්‍ය කරන්න පත්‍රිකාවක් දාලා! මේ හදන්නේ ගජමිතුරන්ට සහන දෙන්න! අපිට එකතු වෙන්න කියලා කියන්නේ මේවටද? VIDEO I Sri Lanka Latest News

Next Post

සුපිරි වෑන් එකකින් හරක් හොරකමේ ගිය හතර දෙනෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.