• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනාව ලංකා‌වෙ ආර්ථිකයත් විනාශ කරයිද? මහාචාර්යවරු ‌දෙන්නෙක් මව්රටට කියපු කතාව ‌මෙන්න

March 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනාව ලංකා‌වෙ ආර්ථිකයත් විනාශ කරයිද? මහාචාර්යවරු ‌දෙන්නෙක් මව්රටට කියපු කතාව ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 රෝගය ලංකාවේ ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවාත් සමඟම අපි ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තේය. නමුත් ඒ වෙද්දීත් අපිට ඒ පීඩාව ටිකෙන් ටික දැනෙන්නට පටන් ගෙන අවසන්ය. ඒ අපිට ඇස් ඉදිරියේ පෙනෙනා වසංගතයට වඩා වෙනස් තත්ත්වයකි.
ඒ ආර්ථික අර්බුදයයි. ඉන් ගැලවීම හෝ බේරීම ලෙහෙසි පහසු නැත. අපි ඒ ගැන ශ්‍රී ලාංකේය ආර්ථික විශේෂඥයන්ගේ විමසීමට තීරණය කළේ ඒ නිසාය. රටක් ලෙස මේ තත්ත්වය යටතේ මේ අර්බුදයයෙන් ගොඩ එන්නට නම් විශේෂ වශයෙන්ම ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතුමය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ඒ පිළිබඳ දක්වන්නේ මෙවන් අදහසකි.

“මේ ඇති වෙලා තියෙන්නෙ අපිට විතරක් මුහුණ දෙන්න වෙන තත්ත්වයක් නෙමෙයි. මේක ගෝලීය අර්බුදයක්. මේ හරහා ප්‍රශ්න කීපයක්ම ඇතිවෙලා තියෙනවා. එකක් ආනයන අපනයන අර්බුදය. ඊළඟට කොටස් වෙළෙඳපළ අර්බුදය. තෙල් මිල පහළ වැටීමේ අර්බුදය. අමුද්‍රව්‍ය හිඟ වීමේ අර්බුදය. මේ සියල්ලම එන්නෙ එකට. ඒ නිසා මේ සියල්ලටම එක සේ මුහුණ දෙන්න වෙනවා.
එතකොට මේ වෙන කොට කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් තමන්ගේ ආයෝජන ආපහු ගන්නවා. ඒක අපිට පේන්නෙ අති විශාල මූල්‍ය අර්බුදයක් විදියට. ඒත් ඒක අපි දකින්නෙ ඒතරමටම කලබල වෙන්න තරම් කාරණයක් විදියට නෙමෙයි. මේ වගේ තත්ත්වයක් යටතේකොටස් වෙළෙඳපළ කඩා වැටීම ලෝකයේ හැම තැනකම දකින්න පුළුවන්.
ලෝකයේ හැම රටක්ම වගේ මේ තත්ත්වය පාලනය කර ගත යුතුයි. විශේෂයෙන්ම ඇමෙරිකාව වගේ රටවල් මේ තත්ත්වය යටතේ පවා ඉතාම සෘජුව ආකාරයෙන් වැඩ කරලා තියෙනවා. යුරෝපයෙන් පැමිණෙන කිසිම ගුවන් යානයක රටට ඇතුළු වෙන්ඩ ඉඩ නොදෙන්න.
දැන් අපිට වෙනස් වෙන්න කාලෙ හරි. මෙතෙක් තිබුණ ග්ලෝබලයිශේෂන් එක වෙනුවට දැං ලෝකලයිශේෂන් වෙන්න කාලෙ හරි. අපිට දේශීය දේවල්වලට හැඩ ගැහෙන්න වෙනවා. විශේෂයෙන්ම දේශීය ආහාරවලට හුරු වෙන්න ඕනෑ. කරන්න දෙයක් නෑ. මේක අපිට හෝ අපේ රටට හෝ විතරක්ම වුණ දෙයක් නෙමේනෙ.
මේ තත්ත්වයත් එක්ක විදේශ විනිමය අනුපාත විශාල වශයෙන් ඉහළ යනවා. මේ වෙනකොට ජපන් යෙන් එක තුන් ගුණයකින් විතර වැඩි වෙලා. ඒත් එක්කම අපි යෙන්වලින් ගත්ත ණය ඒ ගුණාකාරයෙන්ම වැඩි වෙනවා. මේ වගේ තත්ත්වයන්ට අපිට නොදැනීම මුහුණ දෙන්න වෙනවා.
මේ වෙනකොට ජපානයේ ආර්ථික සංවර්ධන වේගය ඍණ 7යි. ලෝකයේම ආර්ථිකයන් කඩා වැටෙමින් යනවා. ඒක පාලනය කරන්න බෑ. අපි වගේ රාජ්‍යයන්ට මේ තත්ත්වයන් වඩාත් දැනෙනවා. ඒත් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා.
ඒ වගේම අපි යම් මූල්‍ය ර්බුදයක ඉන්න බව ඇත්ත. නමුත් අපේ මුදල් සංචිත බින්දුව නෙමෙයිනෙ. ඒ නිසා මේ වගේ අර්බුදයකදී රට මාස කීපයකින් ඉදිරිය ගෙනයන්න අවශ්‍ය කරන මූල්‍ය සංචිත අපේ ළඟ තියෙනවා”

මේ ඒ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මාලක රණතිලක මහතා.

“මේ තත්ත්වයත් එක්ක සමස්තයක් විදියට ලෝකයේ නිෂ්පාදන ඇනහිටලා තියෙන්නෙ. ලෝකයේ නිෂ්පාදනවලින් සීයට අසූවක විතර අතිබහුතරයක් වෙන්න් චීනය හරහා. අවසාන නිෂ්පාදන වගේම නිෂ්පාදන යෙදවුම් එන්නෙත් චීනයෙන්. මේ නිසා මුලින්ම මේ තත්ත්වය සමස්තයක් විදියට ලෝක ආර්ථිකයටම බලපානවා. ඒ හරහා ඒක ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් අනිවාර්යෙන්ම බලපානවා.
මේ තත්තවය විවිධ ආකාරයෙන් ලෝකයටම බලපානවා. දැන් ඉතාලිය වගේ රටක භාණ්ඩ මිල සීයට සීයකින් විතර ඉහළ නැඟලා. නිශ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමත් එක්ක ආහාර හිඟයක් නිර්මාණය වෙනවා. කර්මාන්ත ඇනහිටීමත් මේකට බලපානවා. ලෝකයේ දියුණු රාජ්‍යයන්ට පවා මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයක් යටත් අපිට විතරක් මේකෙන් බේරිලා ඉන්න බෑ.
අපිට ලෝකයෙන් විදේශ ආධාර නතර වෙනවා. සේවා භාණ්ඩ සහ ආහාර සැපයුම් ඇනහිටිනවා. විශේෂයෙන්ම විදේශ විනිමය ලැබෙන එක නතර වෙනවා. යම් විදියකින් පකිස්ථානය සහ ඉන්දියාවට මේ තත්ත්වය බරපතළ ලෙස බලපෑවොත් තත්ත්වය ඉතාම නරක අතට හැරේවි.
කොටස් වෙළෙඳපළ බිඳ වැටීම මේ තත්ත්වය යටතේ සාමාන්‍ය දෙයක්. මේකට මේ වෙනකොට තියෙන හැම සාධකයක්ම බලපානවා. ගමන් බිමන් ගැටලු, හැම රටකම වගේ ඇතිවෙන රෝග ව්‍යාප්තිය, චීනය, කොරියාව වගේ රටවල භයානක තත්ත්වය, නගර වහන එක, ඒ වගේම මේ වෙලාවෙ බොහෝ දෙනෙක් ආයෝජන කරන්නෙ නෑ. ආයෝජකයන් දන්නවා මේක ආයෝජනයකට සුදුසු වෙලාවක් නෙමෙයි කියලා. කොටස් වෙළෙඳපල කඩා වැටීමට සහ මුදල් ආයෝජන ආපහු ගෙනියෑම කියලා ඔය අපි දකින තත්ත්වය ඒක.
අපි අවුරුදු හැත්තෑ දෙකක් තිස්සෙ ස්වයංපෝෂිත ආර්ථිකයක් හදාගන්න බැරි වුණ රටක්. ඒ නිසා මේ වගේ අර්බුදයකදී ආර්ථික පීඩනය හෝ අවපාතය වළක්වා ගැනීමේ හැකියාව අපිට නෑ. අපි විශාල වශයෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන්නෙ අපනයන සහ ආනයන මත.
මේ තත්ත්වය යටතේ අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළත් ඒවා මිලදී ගන්න කෙනෙක් නෑ. යුරෝපය එංගලන්තය චීනය ඇතුළු බොහෝ රාජ්‍යයන් විපතට පත් වෙලා ඉන්නෙ එවගේම ඒ අය ආසියාතික රටවලින් එන ගුවන් යානා සහ සියලුම සැපයුම් අත් හිටවලා තියෙන්නෙ. ඒ එක තත්ත්වයක්. ඒ වගේම සැපයුම් අමුද්‍රව්‍ය ලැබෙන්නෙ නෑ. ඒ හරහා නිෂ්පාදන ඇනහිටින එක සාමාන්‍ය දෙයක්. ඒක අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. මේ තත්ත්වය මම දැක්කා පහුගිය දවසක ඇමෙරිකාවෙ නළු නිළි යුවළකට වැලඳිලා. ලෝකයේ විවිධ රාජ්‍යයන්ගේ දේශපාලකයො ඉන්නවා. මේ නිසා මේක දුප්පත් අයට හරි දුප්පත් රටවලට හරි මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයක් නෙමේ.
නිරෝධායන කාර්යට විශාල පිරිවැයක් යොදන්න වෙනවා. ඒ නිසා ලෝකයෙ බොහෝ රටවල් සැපයුම් අත් හිටුවනවා. ඒක අපිට බලපානවා බරපතළ විදියට. නමුත් ලෝකයේ හැම රටක්ම වගේ අපිටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.”

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

පරම බ්‍රහ්මචාරී හනුමාන්

Next Post

කොරෝනා අස්සේ කුඩු කිලෝ 100ක් ‌ගෙනා වැල්ලවත්තේ ‌කෝටිපතියා

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.