හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් දෙදෙනාව නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර තිබේ. Sri Lanka Latest News
අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්තානු ජාතිකයෙකුට ඩොලර් මිලියන 6.5ක මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.
පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්ෂි ගොනු කොට නොතිබීම සහ පැමිණිලිකරු චූදිතයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට වූ තොරතුරු සැගවීම යන කරුණු පිළිගනිමින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත.










