මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතා වෙත එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරත විය.Sri Lanka Latest News
යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ.
නීතිඥවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණයන් හි දෛනික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩිඅපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන්හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදුවිය.
මුලතිව් දිස්ත්‍රික් නීතීඥවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.










