• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් යානාවල දෝෂයක්ද? වැඩ වර්ජනයක්ද? ශ්‍රී ලන්කන් ප්ලේන් දුවන්නේ නැත්තේ ඇයි? ඇමැති නිමල් දෙපැත්තම ගෙන්වලා ප්‍රශ්නය කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

October 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගුවන් යානාවල දෝෂයක්ද? වැඩ වර්ජනයක්ද? ශ්‍රී ලන්කන් ප්ලේන් දුවන්නේ නැත්තේ ඇයි? ඇමැති නිමල් දෙපැත්තම ගෙන්වලා ප්‍රශ්නය කතාකරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපය තුල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් 08ක් පමණ එකවර ප්‍රමාද වීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වු අපහසුතාවයන් පිලිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය සහ සියළුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී විශේෂ සාකච්චාවක් පවත්වන ලදි.Sri Lanka Latest News

මෙහිදී පසුගියදා සිදු වු ගුවන් ප්‍රමාදයන් පිලිබඳව ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයිනිගෙන් කරුණු විමසු විට ඔවුන් කියා සිටියේ ගුවන්යානා වල පැවති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයන්ට හේතු වු බවයි. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලක අධිකාරිය කියා සිටියේ යම් අකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අකුරට වැඩ කිරීම තුලින් මේ තත්වය උදා වූ බවයි.

මේ පිලිබඳව දීර්ඝ වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සහ පාලන අධිකාරියෙන් කරුණු විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ : දැනට ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනෙකු පමණ සිටින බවත්, ඒ අනුව එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ නියුතු බවත් එය ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූල බවයි. එමෙන්ම ජාත්‍යන්තර නීතී රීතී වලට අනුව ගුවන් නියමුවෙකු මසකට පැය100ක කාලයක් පියාසර කල යුතු වන අතර ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60ක පමණ කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කාලය අවම වශයෙන් පැය 80ක් පමණවත් එක් ගුවන් නියමුවෙකු මසකට පියාසර කලේ නම් මෙවැනි ප්‍රශ්ණයක් උද්ගත නොවන බවයි.

එමෙන්ම වැටුප් හා දීමනා පිලිබඳව ගැටළුවක්ද මෙම වෘත්තීය සමිති තුල තිබෙන බව පැවසු අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක්ද ඒ සඳහා පොලියක්ද, ගෙවිය යුතු බව පැවසීය. මේ අතර පසුගිය දින වල සිදු වු ගුවන් යානා වල ප්‍රමාදයන් නිසා සිදු වු පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 06ක් පමණ වන බැවින් මේ අවස්ථාවේදී සේවකයින් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

නමුත් ගුවන් සේවාවේ ඵලදායිතාවය වැඩි කල හොත්, ඵලදායිතාවය මත පදනම් කර ගනිමින් යම් ගෙවීමක් සිදු කල හැකි බවද අමාත්‍යවරයා මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින්ට අවධාරණය කලේය.

නමුත් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස උසස් හා ගුණාත්මක ගුවන් සේවාවක් ලබා දීමට විශාල වගකීමක් තිබෙන බව පැවසු අමාත්‍යවරයා ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාවට තිබෙන අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබා දීමට තීරණය කල බව පැවසීය . ඒ අනුව අනෙකුත් ගුවන් සමාගම් සඳහා 5th Freedom Right (පස් වන නිදහස් අයිතිය ) ලබා දීමට සිදු වන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජී.එස්.විතානගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පී.කේ. ජයකාන්ත යන මහත් වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

SendShareShare
Previous Post

IMF වාර්තාවේ තියෙනවා මේ රටේ පාලනය සුලු ප්‍රභූ පවුල් කීපයක් අතේ කියලා! මහජන දේපොළ අවභාවිතා කරනවා කියලා! තවමත් රටේ තියෙන්නේ දූෂිත පවුල් පාලනයේම දිගුවක්! දෙවැනි IMF වාරිකය ගන්නෙ කොහොමද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තර්ජන නිසා මුලතිව් විනිසුරු ඉල්ලා අස්වීම පත්තු වෙයි! මුලු උතුරේම නීතීඥවරු අද වැඩ නවත්වා පාරට බහී! විසඳුමක් දෙනකන් මුලතිව් නීතීඥවරු වැඩ කරන්නේ නැතිලු! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.