පොලොන්නරුව වැලිකන්ද පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු ඊයේ (29) රාත්‍රියේ දී ඔහුගේ කාමර තුළ සැකකටයුතු ලෙස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වන අංක 25, ප්‍රධාන පාර, එරාවුර් 02, වාලච්චේන, පදිංචි මහමුල් මොහොමදු හනීෆා නැමැති නිලධාරියෙක් බව පොලිසිය පවසයි.
ඔහු 29 වෙනිදා රාත්‍රියේ ජංගම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකු බවත්, රාජකාරිය කටයුතු අවසන් වේ ඔහුගේ කාමරය තුළ නින්දට ගිය විටදී මෙම මරණය සිදුව ඇති බවත් සඳහන්ය.
වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා පැවසුවේ මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.
මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණ යක් මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (30) සිදුකිරීමට නියමිත බවද වැලිකන්ද පොලිසිය කියයි.
lankasara










