• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කතා කරන්න යන්නේ ගමක් ගැන. නගරයේ ඉඳන් කිලෝමීටර් 30ක් 35ක් ඇතුළේ කැලයක් මැද්දේ දෙන්නෙක් විතරක් ජීවත් වෙන ලස්සන ගමක් ගැන. මේ ගමටම ඉන්නේ දෙන්නෙක් වුණාට ඒ දෙන්නා ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා.(Sri Lanka Latest News)

පුංචි ලෝකාන්තය පාමුල තමයි මේ ගම්මානය පිහිටලා තියෙන්නේ. ගමේ නම තමයි රෙඩ්බානාගම. එහෙමත් නැත්නම් පතනේගම කියලත් මේ ගම හඳුන්වනවා. වනාන්තර මැදින් ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ දැන් අපි ඇවිත් ඉන්නේ පතනේ ගමටම තියෙන එකම ගෙදරට. ඒ ගෙදර ජීවත් වෙන්නේ යුවළක්. බී.ජී. නිමල් මහතා සහ බී.ජී. පුෂ්පලතා මහත්මිය. අපි දැන් මේ අපූරු දෙමහල්ලන් එක්ක කතා කරමු.

ඔය දෙන්නා කොයි කාලෙද මේ ගමට ආවේ?

1984 අවුරුද්දේ.

ඒ අවුරුද්දේ තවත් අය මේ ගමේ ජීවත් වුණාද?

ඔව්, පවුල් 150ක් විතර හිටියා.

නමුත් මේ වෙද්දී මේ ගමේ ඒ කවුරුවත් නෑ. ඒකට හේතුව මොකක්ද?

ජීවත් වෙන්න බැරි අපහසු තත්ත්වය නිසා ඒ හැමෝම යන්න ගියා.

එතකොට මාමටයි නැන්දටයි යන්න හිතුණේ නැද්ද ගම දාලා?

නෑ. අපි ගියේ නෑ.

පතනේ ගමට ආසන්නම නගරය මොකක්ද?

හෙට්ටිපොල පල්ලේගම තමයි ළඟම නගරය.

එහෙ ඉඳන් මෙහෙට කොච්චර දුරක් තියෙනවද?

කිලෝමීටර් 30ක් 35ක් විතර තියෙනවා.

මේක මහා කැලයක් මැද්දේ තියෙන ගමක්. ඉතින් ඔබලා කොහොමද එදිනෙදා ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය දේවල් සපයා ගන්නේ?

කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙන ඉලුක්කුඹුරේ කඩයකට ගිහින් තමයි ඒ දේවල් ගේන්නේ.

මේ ගමට ග්‍රාමසේවක මහත්තයෙක් ඉන්නවද?

ඉන්නවා. මේ ගම අයිති කහගල ග්‍රාමසේවා වසමට.

මෙච්චර දුරක් ගෙවාගෙන ග්‍රාමසේවක මහත්තයා මේ ගමට එනවද?

එන්නෙ නෑ, පණිවුඩ එවනවා.

ඔය දෙන්නා ගමට ආපු මුල් කාලේ ගමේ තත්ත්වය කොහොමද?

ඒ කාලේ හරි දුෂ්කරයි. වී කොටාගන්න, කුරක්කන් අඹරගන්න, මිරිස් ටික අඹරගන්න වුණත් සෑහෙන්න මහන්සි වෙන්න සිදුවුණා.

මොනවද කරන වගාවන්?

වී ගොවිතැන. දැන් නම් ගොයම් කපලා අවසානයි.

මේ වගේ වනාන්තරයක ජීවත් වෙද්දී වන සතුන්ගෙන් හිරිහැරයක් නැද්ද?

මේ කැලේ අලිත් ඉන්නවා. භයානක සත්තු ඉන්නවා. නමුත් කරදරයක් නෑ.

නැන්දා කියන්නකො මේ ගමට ආපු හැටි සහ මාමව මුණගැහුණු හැටි ගැන කතාව?

මගෙ අක්කා තමයි මේ විවාහය කරලා දුන්නේ. අපි විවාහ වෙලා 1984 තමයි මේ ගමට ආවේ. එදා ඉඳන් අවුරුදු 39ක් මෙහෙ තමයි ජීවත් වෙන්නේ. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා අපට. දැනට බාල පුතා අපි ළඟ ඉන්නවා. අනිත් දෙන්නා ගමෙන් පිට ජීවත් වෙනවා.

මාමාට මොනවද කියන්න තියෙන්නේ මුලින්ම මෙහෙට ආපු කාලේ ගැන?

මම මෙහෙට ඇවිල්ලා තනියම හිටියා අවුරුදු 4ක් උයාපිහාගෙන කාලා, කුඹුරු වැඩ කරලා, වී කොටාගෙන.

මාමලාගේ මේ ගේ තරමක් විශේෂයි. මොකක්ද ඒ වෙනස?

1990 අවුරුද්දේ මේ ගේ හැදුවේ. ගේ හදලා තියෙන්නේ තනිකරම ගල්වලින්.

ඒ කාලේ ගේ හදන්න වියදම කොහොමද?

බාසුන්නැහැ කෙනෙක්ට දවසටම රුපියල් 200ක් තමයි කුලිය දුන්නේ ඒ කාලේ. අද නම් දවස් පඩිය රුපියල් 4000ක් විතර වෙනවනේ.

මම දැක්කා ගෙදර ලස්සන කාමර දෙක තුනකුත් තියෙනවා. මේ ස්ථානය බලන්න පිරිස් එනවද? එහෙම කවුරු හරි එනවා නම් ඒ අයට මෙහෙ තියෙන පහසුකම් මොනවද?

පහසුකම් හැම දේම තියෙනවා. ඒ අය බඩු ගෙනැල්ලා දුන්නොත් රසට උයලා දෙන්න පුළුවන්. 15 දෙනකුට විතර මෙහෙ නවාතැන් ගන්න හැකියාව තිබෙනවා. මේක දුෂ්කර ගමක් නිසා උණුවතුර ඒ.සී. එහෙම නම් නෑ. නමුත් ඕනෙම කෙනකුට ඇවිත් නිදහසේ ඉඳලා යන්න පුළුවන්.

කියන්නකෝ මෙහෙට කවුරු හරි එනවා නම් ඔබලාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතන අංකය?

0775154208 අංකයට කතා කරන්න.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කඩේ නොයන මිනිස්සු සහ පොළේ ගිය දේශපාලකයො I Sri Lanka Latest News

Next Post

ඉලක්කයන් සපුරාගෙන නෑ! IMF එක දෙවන වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් දමයි! අපි ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මේ ‌තොරතුර ගිය සතියේ හෙළිකළා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.